කොටි සංවිධානයේ සිටි සැමියා යුද්ධයේ දී මියගිය පසු බිරිය  ඕස්ටේ‍්‍රලියාවට ගියාය. දරු දෙදෙනාද සමග සිඩ්නි නුවර රැඳවුම් කඳවුරක් නවාතැන කැර ගෙන සිටින ඇය තුන්වැනි දරුවාද අපේක්ෂාවෙන් සිටින්නීය. ඇගේ දෙවැනි සැමියා  යාපනයේ උපන්නේය.  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන්නේය.  ඇයට  තම සරණාගත භාවය ඔප්පු කිරීමට නොහැකි වී සිටින බව  ඕස්ටේ‍්‍රලියා පුවත්පතක්ද කියයි. ඕස්ටේ‍්‍රලියාවේ කතෝලික විශ්වවිද්‍යාලය මේ දෙදරු මවට පිහිට වීමට ඉදිරිපත් වී සිටී.