
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහලින් වු පස් කදු කිහිපයක් ප්‍රධාන මාර්ගයට (12) දින කඩා වැටිමෙන් හැටන් මහනුවර සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රන්ජිත් අලහකෝන් මහතා පවසයි.
ගනිගත්හේන නගර මධ්‍යයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් මතට පස් කන්දක් කඩා වැටි ඇති බවයි ගිනිගත්හේන පොලසිය පැවසිය.
ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටි ඇති බවත් කඩා වැටි ඇති පස් කදු මාර්ග සංවර්ධන අධිකාර කාර්යාලයේ නිලධාරින් විසින් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසිය.
හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙක් යටවි ඇත බව වටවල පොලිසිය පැවසිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ අර චිත්‍ර ඇඳපු තාප්පෙට වෙලා තියන දේ. ආණ්ඩුවට වුණ දේ මයි.