ත්‍රිරෝද රථ රියදුරකුගෙන් රුපියල් 7000 ක අල්ලසක් ගනිද්දී කදාන පොලිසියේ රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අද (03) උදෑසන පොලීසියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම කියයි.
ත්‍රිරෝද රථ රියදුරකුගෙන් රුපියල් 7000 ක අල්ලසක් ගනිද්දී කදාන පොලිසියේ රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අද (03) උදෑසන පොලීසියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කදාන පොලිසියද? අවුරුදු ගානකට පස්සේ ඔය එකක් අල්ලලා තියෙන්නේ (නදී)
ඇමතිලා රේගු ගාස්තු නොගෙවා බඩු ටික පිටකර ගන්නවා නම් ට්‍රැෆික් එකේ ලොකු මහත්තයා අල්ලස් ගත්තට ඇති වැරැද්ද මොකක්ද? (නදී)
පගාව නොගෙන බොහොම අමාරුවෙන් අහිංසක විදියට ජීවත්වෙන පොලිස් නිලදාරීන් ඉන්න බව මම පෞද්ගලිකව දන්නවා. ඒ වගේම ලොකු පඩිගන්න අය පගාව ගන්නේ නැද්ද ? ගන්න අය ඉන්නවනේ. මොකද ජීවත්වෙන්න බැරුවද ? නෑ, තණ්හාවට, එහෙම නැත්නම් ලොකු විදියට ජීවත්වෙන්න. අනිත් අයට පේන්න. (නදී)
බුලත් විටක් හරි දෙන්න ඕන නැත්නම් වැඩක් කරගන්න බැහැ. ජරාවටම පුරුදුවෙලා. (ර)
ඇත්තටම කඳාන පොලිසියෙන් අල්ලපුවහම කරන කියන වෙන දේවල් හොඳට ප්‍රදේශ වාසීන් දන්නවා. තව රජයට පක්ෂපාති නමක් තියෙන මෙයාගේ සගයෙක්. එයාව අහුවුනේ නැද්ද ? (නදී)
පව් අප්පා අව්වේ කරවෙන විදිහට ඔය වගේ පොඩි ගානක් ගත්තට මොකද වෙන්නේ. (නදී)
1989 හෝ 1990 දී මට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පොලිස් වාර්තාව ගැනීමට ඉල්ලුම් කල විට පොලිස් නිලධාරියෙක් අපේ ගෙදරට ඇවිත් මා ගැන සොයා බලා මට පොලිසියට ඇවිත් එයාව හමුවෙන්න කියා පණිවිඩයක් ගෙදරට දී තිබුනා. මම ඔහුව හමුවෙන්න ගියාම පොලිසිය ඉස්සරහා තියන කඩේට මාත් සමග ගොස් තේ බීලා සිගරට් එකකුත් පත්තු කරගෙන (බිල මම ගෙවලා ) එලියට ඇවිත් මට කිව්වා ""හරි පුතා මම රිපෝට් එක පොලිස් මුලස්තානෙට ඇරියා "" කියලා. (නදී)
හාල්මැස්සන් අහුවෙන ඒවා තමය් අහන්න ලැබෙන්නේ තෝරු මෝරු අල්ලන්න බැරි ඇයි??? (බ)
මේක තමයි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය. මේවා පත්තරවල පල කරන්න තරම් පුවත් නොවෙයි කියලයි මම හිතන්නේ. (බ)
මටනම් මෙය විශේෂ පුවතක් නොවේ. "කඳාන ට්‍රැෆික් ඕඅයිසී අල්ලස් නොගනී" නීතිඔය අකුරට ක්‍රියාත්මක කරය්. කීව නම් එය විශේෂ පුවතක්. අල්ලස් ලබා ගන්න රජයේ සේවකයින්ට දිය යුතු දඬුවම නම් එවැනි වරදකට හසුවී ඔහු වරදකරු වූවානම්. ලංකාවේ පෞද්ගලික හෝ රජයේ ආයතනයක රැකියා කිරීමේ අවස්ථාව නොදීමය. එවිට අනිත් අයත් බය වේවි. නමුත් දෙවියන්ගේ පිහිටෙන් අපේ රටේ දඬුවම් ලැබෙන්නේ පොඩි පොඩි අයට නිසා කවුරුත් කලබල වියයුතු නැහැ. (බ)
උෟරාගෙ මාලු උෟරාගේ ඇගේ (නදී)
පොලිසියට පඩි නෑ.ඒකයි මේ හම දේටම මුල.(හේ)
මගේ ජිවිත කාලෙටම අල්ලස් නොගත්තු එක පොලිස් නිලදාරියෙක් ඉන්නවා.(හේ)
දැන් අපේ ඇමති මණ්ඩලයම වැඩ පගාවට.ඊයේ මම දැක්ක පත්තරේ ඇමති කෙනෙක් සයිකල් කන්ටේනරයක් එලියට අරන් ගියා කියලා පරික්ෂා නොකර අනේ මන්ද ඕව කොහොම පත්තරේට ආවද කියලා. මේවා ගැන අහන්න කෙනෙක් නැති එක ගැන නම් කනගාටුයි. (බ)
සෑම් මහතා, දැන් නම් තත්වය කොහොමද කියන්න දන්නේ නැහැ. මීට අවුරුදු 6කට කලින් මාත් මගේ මිත්‍රයත් එකට තමයි සංක්‍රමණයට ඉල්ලුම් කලේ. මගේ පොලිස් වාර්තා යවන්න මාස 7ක් ගත්තා. විශේෂ සංග්‍රහයක් කල මගේ යාලුවාගේ වාර්තාව සති දෙකෙන් යැව්වා. එයා ප්ලේන් එකේ නැගිලා යනකොට මම කොටුවේ ගාටනවා වාර්තාවේ පරක්කුව මොකද බලන්න. (නදී)
බුදු අම්මෝ! මෙච්චර ගණන් ගන්නවද අල්ලස් විදියට? (නි)
පොලිසිය අල්ලසක් ගැනීම ඔවුන්ගේ රැකියාවේ කොටසක්. එහෙම වුනේ නැතිනම් පුදුමයක්. පොඩි කොස්තාපල් ගේ සිට ඉහලම නිලදාරියා දක්වා සිදුවන දෙයක්. ගෙවන අල්ලස නියම වන්නේ නිලදාරියගේ නිලයේ හැටියට. මමද කිහිප වරක් අල්ලස් ගෙවා පොඩි ඒවා ගොඩින් බේරා ගත්තා (නදී)
මේකත් ප්‍රවෘත්තියක්ද??ඔන්න "ට්‍රැෆික් ඕ අයි සී අල්ලස් නොගත්තා" කීවානම් ඒක කවදාවත් අසා නැති අලුත් පුවතක් වෙන්න තිබුනා. (අ)
අල්ලස් නොගන්න පොලිස් නිලධාරියෙක් සොයා ගන්න එක තමයි අමාරු. හිටියොත් 5000 ට එකක් විතර වේවි. මේ නිලධාරීන් ඇල්ලුවට කමක් නැහැ. මෙහෙම අල්ලස් ගන්න පෙළඹෙන්නට ඇති හේතුව හොයල ඒකට පිළියම් යෙදිය යුතුයි. රටේ ජනතාවගේ ජීවන වියදම වැඩිවෙනකොට අල්ලස් ගැනීමත්, හොරකමත්, වංචාවත් සීග්‍රයෙන් වර්ධනය වෙනවා. (අ)
ඔහ්..අයි ..සී කියන්නේ ඕහ් දෙයියනේ මම දැක්කා කියන කෙනෙක්ද? (නදී)
අජිත්, පොලිසියෙන් පගාව ගන්නේ මේ ඊයේ පෙරේදා ඉදල නෙමේ. (නදී)
අනේ අපේ පොලිසිය! (නි)
එක්කෙනෙක් විතරක් අල්ලලා මොනවා කරන්නද අල්ලනවා නම් ඔක්කොම අල්ලන්න (නදී)