මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට පෙර දින රාත්‍රියේ සිට මහ වැසි වැසි වැටිමත් සමඟ නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි.ලක්ෂපාන හා ඉහළ කොත්මලේ ජලාශ දොරටු විවෘත කිරීමට සිදු විය හැකි බව ඉංජිනේරුවෝ කියති. ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවකින් විදුලිය නිපදවයි.
ඩෙවොන් ඇල්ලද මහා ජල කඳකින් හැඩ වී ඇත.
හැටන් නුවරඑළිය මාර්ග හා නුවරඑළිය කොළඹ මාර්ග වලට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ද පවතින බවත් පාර ලිස්සන බවත් පොලීසිය කියයි.
කුරුවිට කුරු ගඟ හා කුඩා ඇළ දොළ පිටාර ගැලීමෙන් කුරුවිට පාතගම මාර්ගයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇත.අවතැන්වුවන්ට පිසු ආහාර සැපයීමට ප්‍රාදේශිය ආපදා සහන කමිටුව කටයුතු කරමින් සිටි.
ඩෙවෝන් ඇල්ල
විමල සුරේන්ද්‍ර
ඉහළ කොත්මලේ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ලස්සනද මේ සම්පත්. අපි සැවොම එකතු වී රැකගත යුතුයි. දැනටමත් සමහර දිය ඇලි සම්බන්ධයෙන් අපි පරක්කු වැඩියි . මා ළඟ තිබෙනවා මීට අවුරුදු 15 කට පෙර පවුලේ විනෝද චාරිකාවකදී මේ දිය ඇල්ලේ වැසි කාලයේ ගත් ඡායාරුපයක්. වතුර ප්‍රවාහය මීට වැඩිය හුඟක් විශාලයි. (නදී)
රටටම ඒකාබද්ධ සංවර්ධන සලස්මක්ම ඕනා. මේවා නැති කම නිසයි පළාත් පාලකයෝ යකා නටන්නේ. වනාන්තර විනාශ කරන්නේ. මිනිස්සුයි අලියි දෙගොල්ලොම මැරෙනවා. මොන අපරාධයක්ද රටේ වෙන්නේ? (නදී)
මගේ ලස්සන ලංකා. (නදී)
පායලා...පායලා...එක වැස්සයි වහින්නේ... ඇළදොළ, ගංගා ඉතිරී ගලන්නේ... වතුර වැඩියි බැමි දොරවල් අරින්නේ... මුහුදට ඇරලා නියඟය කියන්නේ... (නි)
දැන් ඉතින් මේ ජල කඳ මුහුදට ගලාගෙන යාවි. වියලි කලාපය හා උතුර සුපුරුදු පරිදි නියඟයෙන් පීඩා විඳීවි. රටම සමස්තයක් හැටියට ගෙන ජල කළමනාකරණ සැලැස්මක් හැදෙන්නේ කවදාද? (නදී)
නියන් සහනාදාර ගෙවන්න (නදී)
වාන් දොරටු ඔක්කොම ඇරලා මේ වතුර ටික ඉක්මනටම හින්දවලා පෞද්ගලික බලාගාර හිමියන්ට උදව් කරන්නකෝ. (නදී)
ලබන මාසේ කියාවි ජලය හිගයි කියලා. අඩුම තරමේ පහුගිය කලේ වේව් ටික අමුණු හදා ගත්තද ? නැහැ බොරු ගැලරි කතා වැඩක් නැහැ ප්‍රායෝගිකව වැඩක් කරන්න. රටක වාරිමාර්ග කළමනාකරණ ඇමති මේ දේවල් වලට වගකියන්න ඕනි. ජනතාවගේ මුදල් කාබාසිනියා නොකර විදිමත් සැලැස්මකට වැඩක් කරන්න. (නධී)
කොච්චර වැස්සත් ලයිට් බිලේ ඉන්දන ගැලපුම් ගාස්තුව නම් වෙනසක් වෙන් නැහැ. (නදී)
රටම සමස්තයක් හැටියට ගෙන ජල කළමනාකරණ සැලැස්මක් හදන්න කියන්න ඊශ්‍රායලයේ ජල සම්පත් පාලනය කරන විද්වතුන්ට. දැනට එයාල තමයි ලෝකේ ඉන්න දක්ෂම අය. 1960 දී ඊශ්‍රායල් වාර්තාවට අනුව ලංකාව විඳින්නේ නියඟයක ප්‍රශ්නයක් නොව ජලය රටට වැඩිවීම නිසා ඇතිවන ප්‍රශ්නයක් බව ඔවුන් කියා තිබෙනවා. (නදී)