ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණයත් සමග පිටාර මට්ටමේ සිට සියයට 50කින් පහත බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
මාවුස්සාකැලේ ජල මට්ටම අඩි 60කින් ද, කාසල් රී අඩි 43 කින් ද පහත බැස ඇත. කාසල් රී ජලාශයෙන් විදුලිය උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර හයෙන් එකකින් පමණක් විදුලිය උත්පාදනය කරන බව එහි ප්‍රධාන ඉංජිනේරුවරයෙක් කීය. මාවුස්සාකැලේ ජලාශයට යටවූ හින්දු කෝවිලක නටඹුන් ද මතුවී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ අනාගතයක්...
කල් වැසි වසීවා කෙත්වතු සාර වේවා සත් සිත් නිවේවා රජය දැහැමිව ලොවැඩ වේවා
මොන ප්‍රශ්න තිබුණත් අපේ ගමන අපි යනවා.ජය වේවා!
දැන් මේකටත් පළි අපේ දුටුගැමුණු කුමාරයද? මොනවා වුණත් වතුර නෑ කන්න නෑ කියලා යුද්දේ කාලේ වගේ දැන් මිනිස්සු මැරෙන්නේ නෑනේ.ඇයි මේවා තේරුම් ගන්න බැරි
කෝවිලේ නිදන් තියෙනවනම් චාන්ස් එක....
බලන්න හසන්ත මේක නේද ආස්චර්ය
පාලකයෝ අධාර්මික වෙද්දි ඔහොම වෙනවා...ඇමති මන්ඩලය ගැන තව ටිකක් හිතන්න ......
ආයුබෝවන් මහරජාණෙනි..
මේ හින්දු කෝවිල අවුරැදු කීයක් පරණද දන්නේ නෑ නේද?ඇයි මේකත් ඉවත් කරන්න කියයිද දන්නේ නෑ.එතකොට ඉතිහාසයක් නෑ කියල කියන්න පුළුවන් නේ.......
මිනිස්සුනේ දැන් වත් තේරුම් ගන්න...වැලි ගොඩදාන්න එපා..ගස් කපන්න එපා...නිදන් හාරන්න එපා...
තව රගර් ගහන්න.ක්‍රිකට් ගහන්න.ලයිට් දාගෙන අත් උස්සගෙන කමෝන් ඇමතිතුමා ළකුණු 6යි
රටෙ ආශ්චර්ය බලන්න හසන්ත ........
රාජා භවතු ධම්මිකෝ.. නම්, දේවෝ වස්සතු කාලේන.. වෙන්න ඕනි නේද?
මෙයාලට වැස්සත්, පෑව්වත් ආණුඩුව පලි......87,88,89 මෙයාල වෙන රටක වෙන්න ඇති ඉන්න ඇත්තේ..
කාල ගුණ විපර්යාස වලට රජය පලි නෑ. මේ කාලේ විතරද වතුර හිඳුනේ .88,89 කාලේ ලංකාවේ නෙමෙයිද මේ අය හිටියේ..හැමදේම ඇති වෙනවා නැති වෙනවා තමයි...
පිස්සු.....
වැස්ස වහින්න දෙවියනේ
2012 මොනවා හරි වෙන ලකුණු තියෙන්නෙ.. ඒක නිසා දැම්මම තම තමන්ගෙ අගම් සිහි කරගෙන ජීවත් උනොත් හොදයි..!
සිඳෙන්නැතිව තියේවිද මේ වෙන දේවල් වලට....දෙවියොවත් බලන්නේ නෑ දැන්...
බහුතරයකගේ අදහස් කුහකයි....
ආශ්චර්ය නොවේද මහා රජතුමනි
නැහැ නැහැ වතුර සේරම හාරපු නිදන් වලවල් වලට පිරිලා.....
මලා දැන් කොහොමද ඉන්දියාවට විදුලිය දෙන්නේ, මේ ආශ්චර්ය දකිද්දි මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා හසන්ත .