(අංජුල මහික වීරරත්න)

මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී  දැලක් අත්හදා බැලීම නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ දී  සිදු කෙරිණි.

දඩයක්කරුවන් අටවන උගුල්වලට හසු වූ කඳුකරයේ කොටි බේරා ගැනීමට යාමේ දී එම සතුන්ගේ ජීවිත  බොහෝ විට ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් උගුල්වලට හසුවී සිටි සතුන් ප්‍රචණ්ඩකාරී වී වනජීවී නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීම බැවින්  කොටින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා නව ආරක්ෂිත වැඩ පිළිවෙළක් අත්හදා බලන ලෙස වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂිත දැල අත්හදා බැලීම සිදු කෙරුණු අතර එහිදී වන නිලධාරීන් පැවැසූයේ  කොටින් ආරක්ෂා කර ගැනීම ආර්ථික වශයෙන් ඵලදායී වන අතර බෝගවලට හානි කරන සතුන් ගොදුරු කර ගන්නා විලෝපිකයෙක් වශයෙන් කඳුකරයේ කොටියා සැළකිය යුතු බවයි.