
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කර ටෙන්ඩර් හරහා අළෙවි කරන භාණ්ඩ ගබඩා කර ඇති කන්ටේනරයක් වෙනුවෙන් ආර්.සී.ටී. පර්යන්තය රඳවා ගැනීමේ ගාස්තුවක් ලෙස රුපියල් 80,000 ක මුදල් සහ රජයේ බදු අයකිරීමෙන් එම භාණ්ඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙහිදී එක කන්ටේනරයක් වෙනුවෙන් රුපියල් 80,000 ක් සහ ‘වැට් බදු’ සමගින් රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදල් ගෙවීමට සිදුව ඇති බවත් කන්ටේනර් 20 ක් හෝ 30 ක් ඊට වැඩි සංඛ්‍යාවක් ටෙන්ඩර් හරහා මිලදීගන්නා ව්‍යාපාරිකයන්ට මිලියන ගණනින් මුදල් ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු කියති.
ආර්.සී.ටී. පර්යන්තයට එවැනි ගාස්තුවක් අයකිරීමට නීතිමය හැකියාවක් නොමැති බව කියන ව්‍යාපාරිකයෝ හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් 2023 වසරේ නිකුත් කළ ලිපියක් මත මෙම අයකිරීම කරන බව ද සඳහන් කරති.
හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ එම ලිපියෙන් දීර්ඝ කාලයක් නිදහස් නොකරන කන්ටේනර් සඳහා පමණක් භාණ්ඩ නිෂ්කාශන නියෝජිත ආයතනවලින් පමණක් එම මුදල අයකරන ලෙස දැනුම්දී ඇතැයි කියන ව්‍යාපාරිකයෝ කන්ටේනරයක් දිනක් ආර්.සී.ටී. පර්යන්තයේ තිබුණ ද රුපියල් 80,000 ක මුදල වර්තමානයේ අයකරන අතර මෙම තත්වය හේතුවෙන් රාජසන්තක කරන භාණ්ඩ මිලදීගැනීම ව්‍යාපාරිකයන් අතහැරදැමීමෙන් රජයට ආදායම අහිමිවන තත්වයක් උද්ගත වන බවත් පැවසූහ.
රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ආර්.සී.ටී. පර්යන්තය පෞද්ගලික ආයතනයක් බවත් ඔවුන්ට ටෙන්ඩර් හරහා මිලදීගත් කන්ටේනර්වලින් රඳවාගැනීමේ ගාස්තුවක් අය කිරීමේ අයිතියක් නොමැති බවත්ය.
අදාල ව්‍යාපාරිකයන් එම තත්වය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් අංශය දැනුවත් කිරීමෙන් නිදහස් වියහැකි බව ද පුංචිහේවා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd