කෙන්යාවේ සිට ඩුබායි රාජ්‍යයට වසර තුනකට පෙර හොරෙන් යවද්දී ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 40ක පමණ වටිනා ඇත්දල ටොන් 1.5ක් අද ගාලු මුවදොර පිටියේ දී තලා පොඩිකර විනාශ කර දැමීම ඇරැඹීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති ද, රනිල් වික්‍රමසිංහ අගමැති ද, ජගත් වනසත්ව නිලධරයෝ ද ඒ අවස්ථාවට පැමිණ සිටිති.
අලි ඇතුන් මැරීම අධෛර්ය කිරීමට මේ පියවර ගැනීම ගැන ලොව නන් දෙසින් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කර ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද වැඩක්
සිසිර, නැහැ අපි 16 වෙනි රට. හැබැයි දකුණු ආසියාවෙන්ම ඉස් ඉස්සෙල්ලම මේ වගේ ආදර්ශමත් වැඩක් කරපු මුල්ම රට.(රේ)
ඔය ටික යොදා ගෙන සංචාරකයන්ට දැක බලා ගන්න ස්ථානයක් හදලා රටට අදායම් ගන්න තිබුණා. ඒ වාගේම තමයි එකත් කරන්න බැරිනම් මෙවා රාජ්‍ය ස්ථාන වල යම් යම් අලංකරණ ක‍්‍රියා වලට යොදා ගන්න තිබුණා. මෙ වාගේ නාඩකම් අපේ රටේ මාධ්‍ය තමයි උලුප්පන්නේ (කෞ)
දල වටිනා දෙයකී අපේ පුජනිය ස්ථාන වලට දුන්න නම් හොඳයි කියල මම හිතනවා (විකුනන්න බැරි විදියට නීති දමල) (කෞ)
දැන් ඉතින් ඕකටත් කෑගහයි, අපරාදේ ජාතික ධනය විනාස කරනවා, අඩුම ගානේ පන්සල් වලටවත් දුන්නේ නෑ කියල.(ම)
අපරාදේ! (නි)
අපේ රටේ නිතිය මොනවගේද කියල මේ වැඩ වලින්ම තේරුම් ගන්න පුළුවන් (රේ)
චින්තන අයියලගේ කටවල් වල කෙල බේරෙනවා මේවා දැක්කම. ෂොට් එක දෙන්න හැදුවේ හරිගියේ නැහැ.(රේ)
ඔය ටික බෙදන්න ගත්තා නම් අන්තිමට කොටින්ගෙන් අල්ලපු රත්තරන් වලට වුනදේම වේවි ආයේ දෙකක් නැහැ (හේ)
ඉතා හොද පියවරක්. සතුන්ගේ ශරීර කොටස් වලට අනවශ්‍ය අගයක් එක් කිරීම, සතුන් මැරීමට දිරි ගැන්වීමකි. ජනපති , අගමැති ක්‍රියාව ඉතා වටී.(හේ)
කෙන්ය්වේ අප්‍රිකාවේ කන්න නැතුව බෝන්නනතුව ළමයි මරනවා.ඕව චීනේටම විකුණලා අර ඔක්ස්ෆර්ම් වගේ සංවිධානය කට දුන්නනම් ඉව්රඊ. අන්තිමට අලියත් මලා. (කෞ)
පූජනීය ස්ථාන වලට දීමෙන් වෙන්නේ තවත් මිනි මැරුමකට හොරකමකට ඉඩ සැලැස්වීමයි. ඊට වැඩියේ මේ කරපු දෙය හොඳයි කියා මා සිතනවා. (බ)
අගය කලයුතු ක්‍රියාවක්. විනාශ කල අයට වගේම මේවා අත් අඩංගුවට ගත් අයටත් මෙහි ගෞරවය හිමි විය යුතුයි. එසේම අපි අහල තියෙන විදිහට කඩොල් ඇතාගෙ දල යුගලත් ඇතා මියගිය පසු පන්සලකට පූජා කරල තියෙනව. ඒ වගේ දේවල් වලින් නම් බුදු දහමට අගෞරවයක් වෙන්නෙ නැහැ. (අ)
අහිංසක ඇතුන් කී දෙනෙක්ගේ ජීවිතද මේ? දැනගන්න ලැබුණු විදිහට මේ ඇත්දළ වල ඒ සතුන්ගේ වියලුනු රුධිරය පවා තියෙනවා කියල කියනවා. කොහොමත් මේවගේ මරා දමන ලද අහිංසකයින්ගේ කිසිදු ශරීර කොටසක් පුජාස්ථානයක හෝ නිවසකවත් තබා ගැනීම නුසුදුසු බවත්, එවන් ස්ථාන වලට අදුරු බලවේග ඇදෙන බවත් මා අසා තිබේ.(කෞ)
පුටුවත් කඩලා අටුවත් ගිනිතිබ්බ ලෝකේ ඉන්න ගොන්ම රට මේක වෙන්න ඇති , (කෞ)
මේ දල කිසිම වටිනා කමක් ඇති නොවෙන විදියට කුණු වූ මාළු කෑල්ලක් වගේ විනාශ කිරීමෙන් පමණයි ඇත් දල වලට ඇති වටිනා කම නැති කරන අනාගතේදී දල සදහා ඇතිවිය හැකි ඇත් ඝාතන අධෛර්යය කල හැක්කේ. (කෞ)
සතුන් මරා උන්ගේ මස් ආහාරයට ගැනීමටත් වඩා ඉතාමත් පහත් ක්‍රියාවක් තමයි ඇතුන් මරා දළ ලබා ගැනීම . මේවා පන්සල් වලට දීම හෝ ලබාගැනීම බුදු දහමට කරන අගෞරවයක්. ඒවාගේම පන්සල් වල පුස් පැටව්, බලු පැටව්, අලි පැටව් අතරමං කරලා එන එකත් විශාල පවක් (බ)
හොඳ වැඩක්... මේක සමහරුන්ට තේරෙන්නේ නැහැ... මගෙනුත් හුගක් අය ඇහුව මෙව්වා විනාශ කරන්නේ නැතුව පන්සල් වලට දෙන්න බැරිද අරක මේක හදන්න ගන්න බැරිද අපරාදේ නේද කියල... නමුත් එහෙම වැඩකට ගත්තොත් මේවට තියෙන වටිනාකම සමාජයේ පිළිගැනීමකට ලක් කළා වෙනවා,,, මෙහෙම විනාශ කළාම එ්ක මහා පොලවට පස් වෙනවා වටිනාකමක් නැතුවම...(බ)