කොන්යැක්, බ්‍රැන්ඩි, ඉස්තරම්ම ආහාරයක් සේ සැලකෙන කැවියර් නමින් හැඳින්වෙන ලුණු දැමූ අලුත්ම මාළු බිත්තර ඇමරිකා ඩොලර් 200 ක් වටිනා වයින් විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීගේ නිව්යෝක් ආහාරවේල ලෝකයේ මිල අධිකම වෝට් රෝග් ඇස්ටෝරියා හෝටලයේය. ජනපතිවරුන් රාජ්‍ය නායකයන් වැනි සුවිශේෂ ප්‍රභූවරු පමණක් එම හෝටලයට යති.
ගරු සජින් ද වාස් ගුණවර්ධන යනුවෙන් ඔහුගේ නම එහි අමුත්තන්ගේ පොතේ ලියා ඇත. 2014 සැප්තැම්බර් 20 සිට 28 වැනිදා දක්වා ඔහු එම හෝටලයේ නවාතැන් ගත්තේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේ ඒ දිනවලය.
ඔහුගේ නමින් නිකුත් කළ රිසිට් පත අනුව ඔහු විනෝදය වෙනුවෙන් හෝටලයෙන් ලබාගත් වීඩියෝ ගණන 5කි. ඒ වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ගෙවූ මුදල රුපියල් 17,531.59 කි. රුපියල් 4684.46 ක් වටිනා චිත්‍රපටයක්ද ඔහු ලබාගෙන ඇත.
ඇමරිකා ඩොලර් 35කට වැඩි වටිනාකමකින් යුත් එම චිත්‍රපට වැඩිහිටියන් සඳහා පමණක් වන ඒවා බව එම හෝටලය කියයි. ඇස්ටෝරියා පීකොක් අවන්හලෙන් ඔහු ඇනවුම් කළ එක් කෑම වේලක මිල රුපියල් 12,125 කි. තවත් කෑම වේලක මිල රුපියල් 39,119කි. තම කාමරයට කෑම රැගෙන ඒම වෙනුවෙන් එම මුදලට අතිරේක සේවා ගාස්තුවක්ද අය කෙරේ. හෝටලයේ මිනි බාර් නමින් හැඳින්වෙන කාමරයේ විශේෂ කුටියෙන් ගන්නා මත්පැන් වලටද වෙනම ගෙවිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසිය හැත්තෑවේ හිටිය මුදල් ඇමති වන්නිනායක කියලා මහත්තයෙක් නිකවරටියේ නියෝජනය කරපු , එතුමා සම්මන්ත්‍රණයකට ඇමෙරිකාවට ගිහින් කිවුලු නිවු යෝර්ක් වල තියෙන අඩුම හෝටලය වෙන් කරන්න කියලා, කෑම බිම සාමාන්‍ය කඩේකින් කෑවලු සංචාරයෙන් පසුව ලංකාවට ඇවිත් ඉතුරු කරපු මුදල නැවත බාන්දාගාරේට දැම්මලු , එහෙම දෙසපාලකයෝත් අපේ රටේ ඉන්දලා තියෙනවා. (ර)
මාගලී සමහර මැති ඇමතිවරු කරන හැම දහජරා වැඩකටම ජනපති, අගමැති,පලි නැහැ. ඔයාල පත් කරගන්න එයාලටත් තියනවා නේද හිතන්න කියල මොලයක්. එ්ත් ඉතින් කොස් දෙල් හම තැනම නෑ. පවුල් පිටින් නොවේ හිටපු ජනාධිපති තුමා තම ආර්යාවත්,කාර්ය මණ්ඩලයත් එක්ක මෙහෙ අාව වෙලාවෙ නම් ආහාර ගත්ත බොහෝ ස්ථානවලදී ප්‍රමුකත්වය දුන්නේ අපේ රටේ දේශීය ආහාරවලට. ලංකාවේ සූපවේදීන් ඉතාමත් රසවත්ව ලංකාවේ විදියටම පිසින ලද ආහාරවලින් තමා සංග්‍රහ කලේ. එ්ත් ඉතින් ඔයා ඔය සුදුහුණු ගාණ යුරෝපීය විදියට යන එන මහත්තුරු ඔයා හිතනවද එහෙ ගිහින් ගැට පොලොස් මාලුවයි, වට්ටක්කා කොළ මැල්ලුමයි හැදී ගෑරුප්පු වලින් කන්නේ කියලා. (නදී)
මේ සේරම දේශප්‍රේමය වෙනුවෙනි....(බ)
අර ජාතියේ වංශය ලියන කෙනාගේ මෙහෙම එකක් නැද්ද බලාගන්න. (බ)
මේ මනුස්සයට ඇමෙරිකාවේ ගිහින් බත් හරි කොත්තු හරි කාල ඉන්න තිබුනනේ. පෙරේතකමට මාළු බිත්තර කන්න ගිහින්. මේ දවස්වල අපිටත් මෙයාල කාපුවා තම අහන් ඉන්න වෙලා තියෙන්නේ. (නදී)
අපි ඊයේ මෙම රටේ ඇති සාමාන්‍ය පන්තියේ රෙස්ටුරන්ට් එකකට මම මගේ මහත්තයා සහ දරු දෙදෙනා සමග ගිහින් දිවා ආහාරය ගත්තා. සාමාන්‍ය යුරෝපීය දිවා ආහාර වේලක්. මිල ඉයුරෝ 84 යි ගානක්. එම මුදල ලංකාවේ මුදලින් ගණනය කරලා අපි ලංකාවේ කියලා. අපෝ ගණන් වැඩියි අපිට රුපියල් වලින් ගෙවන්න ඕනේ කියන්න බැහැ. ලෝකේ දියුණු සෑම රටකම සංචාරකයන්ගේ උපරිම පහසුව සලසන්නයි එම රටවල් කටයුතු කරන්නේ ...මේ ප්‍රසන්න කීවා වගේ මේවා ගොඩේ මැට්ටන්ට මැජික් ..මිනිබාර් පහසුකම් ලෝකේ දියුණු සෑම හෝටලයකම සාමාන්‍ය දෙයක් ..? අපේ රටේ හෝටල් එකක මෙනුයු එකක්වත් තියේද..මැට්ටන්ට කියවා ගන්න හැකි ..? මේවා අමුලික මඩ..? (නදී)
මොහුව හැමදාම රිමාන්ඩ් කර තියන්න ඕනේ.(නදී)
මෙයාල තමයි මහිනදව කෑවේ. (ස)
මෙයාගේ ලොක්කා මේවට වග කියන්න ඕන. (ර)
ඔය එයා ගැන විස්තර ටිකක් විතරයි. අනික් අය ගැන කවර කතාද . පවල් පිටින් නේ ගියේ විනෝද චාරිකා ජනතාවගේ මුදල් වලින්... (ර)
වැරැද්ද මහජන මුදලින් සැප ගත්ත එක. (ම)
ජනතාවගේ මුදලින් හොඳට කාල බිල ගිය වැඩේ වත් සාර්ථක කරගෙන අාවනම් කමක් නැහැ ? කොහෙද උරුලෑව ගියා වගේ අර දොස්තර ක්‍රිස් නෝනිස්ටත් ගහල පිස්සුවකුත් නටල තමා මෙයා අාවේ ? මේවගේ කිසිම සුදුසුකමක් නැති නිකමුන් එක්සත් ජාතීන්ගේ සංගමයේ ලංකාවේ නියෝජිතයෙක් වගේ පදවි වලට පත්කර යවමින් රට අනතුරේ හෙලපු අදුර දර්ශි දේශපාලන නායකයට කරුණාකර ඔබගේ වටිනා මනාපය නොදෙන ලෙස කුරුණෑගල ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි (බ)
හොඳ කෑමක් නේ මෙයා කාල තියෙන්නේ. (නදී)
යහපාලන කට්ටිය ගියාම කන්නේ පාන් සමග පරිප්පු ද ? (නදී)
රුපවති හොඳ හෝටලේකින තාම කාල නැහැ වගේ. හැම හොටලේම මිනි බාර් තිබුනට හැම කාමරේටම මිනි බාර් නැහැ. නොදන්නා ඒවා නොකිය ඉන්න. හෝටලේට ගිහින් සන්ධානේ පාට වීඩියෝ බලන එකත් ඕගොල්ලෝ වගේ අයට සාමාන්‍ය ඇති. (බ)
අනේ අපි පෙට්‍රල් ටික ගහගෙන දවසේ බඩ වියත රැකගන්න කොපමණ දුකක් විදිනවද ? මේ අය අපේ දාඩිය නේද මේ හුරා කන්නේ (නදී)
අපි අපේ රටේ දැකල තියෙනවා හතර දෙනා කාල ලක්ෂ ගණන් බිල් ගෙවනවා. මිනිබාර් ලංකාවේ හැම හෝටලයේම තියෙනවා. මේවා මහා අමුතු දේවල් විදියට හුවා දක්වන්න එපා. ඒ විදියට ලංකාවෙන් විදේශ සංචාරයට ගිය අයගේ බිල් 1948 ඉදන් පරික්සා කරලා මේවගේ කාල බීලා නැහැ කියල ඔප්පු කරන්න ඕනා. බොරු මඩ ගහන්න එපා. (නදී)
මේ මිනිස්සුන්ට හෘද ශාක්ෂියක් කියලා දෙයක් නැද්ද? (නදී)
මල්ලි නියමයි තව කන්න. ඔබට ගොඩක් සැප. (නදී)
ඇමෙරිකාවේ වෙන්න බෑ. ලංකාවටත් වඩා ලාභයි නේ.(ම)
මමත් හොඳ පෙරමුණේ පොරක්. නමුත් මේවගේ හොරුන්ට දෙන්න එපා කිසිම අවස්ථාවක් තවත් මෙහෙම කරන්න. (ස)
ලොතරැයියක් ඇදිලා තමයි මිනිහා පෝසතෙක් වුණේ . දන්නවාද ඒ ලොතරැයිය? (ම)
මේකේ දාල තියෙන සමහර දේවල් දැක්කම දුකත් හිතෙනවා.. ඕනෑම තරු 4 එහා හෝටලේක කන්න ගිය නම් කොහොමත් $100 එහා තමයි..ඕක ඔය තරම් කෑගහන්නේ රටේ ලෝකේ දන්නා කට්ටිය නම් වෙන්න බැහැ.. මොකද ඇමෙරිකාවට ගිහින් හන්දියේ කඩේට ගිහින් පාන් කෑල්ලක් කන්න බැහැනේ.. (ම)
අනේ සාගර, ඔයා වගේ අය හින්දා තමයි අද මේ රට මෙතන තියෙන්නේ . මේ ලේඛකයා දන්නවා, ලංකාවෙ ගණන් වලට ඇමරිකාවේ ගිහිල්ලා කන්න බැරි බව. මෙතන කියන්නේ මහජන මුදල් වලින් වගේ වගක් නැතුව සැප අරන් තමන්ගේ බඩ පුරවා ගැනීම ගැන. (බ)
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට මේවට සතුටුද දැන්.? (ර)
සාගර කියන කතාව එක්ක බැලුවම නිව් යෝක් වලදී (ප්‍ර)බූ(ව)රු කට්ටිය කන හෝටල් වල ගාන එච්චර ලොකු දෙයක් නෙවි. පොතේ නම ලියන්න තරම් වටිනා හෝටලේ කෑම මම හිතුවේ එහෙ සාමාන්‍ය කට්ටිය කන කෑම වලට වඩා ගොඩක් ගණන් ඇති කියල. මෙහෙට අරන් ඇවිත් විකිනුවත් ලාබයි. (ර)