කතරගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයකුට මීටියාගොඩදී බස් රථයෙන් එළියට ඇද පහර දී මරණාසන්න තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ගාල්ල කරාපිටිය ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස්රථ 10 ක හිමිකරුවෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත ලංගම සේවකයාට පහරදීම සිදු කර ඇති අතර එම කෝටිපති ව්‍යාපාරිකයා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
ජූලි මස 02 වන දින රාතී‍්‍ර 8.15 ට පමණ මීටියාගොඩ තෙල්වත්ත හන්දියේ දී හය දෙනකුගේ පහර කෑමට ලක්ව ඇති කතරගම ලංගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයෙකු වූ අම්බලන්තොට පදිංචි තිදරු පියෙක් වන එච්.එච්.දිනේෂ් පි‍්‍රයදර්ශන (35) මේ දක්වා සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව කතරගම ලංගම ඩිපෝවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඔහුගේ හිස හා මොළයට සිදුව ඇති බරපතල තුවාල හේතුවෙන් මේ වන විටත් සැත්කම් කිහිපයකට භාජනය කර ඇතැයිද කියති.
කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයෙන් කොන්දොස්තරවරයා එළියට ගෙන තෙල්වත්ත හන්දියේ දී දරුණු ලෙස පහර දී කොන්කී‍්‍රට් මාර්ගයක බිම දමා පාගා කළු ගලකින් හිසට පහර දීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහලටද මූලික ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු කොළඹ ජාතික රෝහලටද යවා ඇත.
කතරගම කොළඹ මාර්ගයේ බස් ධාවනයේ දී මගීන් නංවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් පහරදීමට හේතුවන්නට ඇතැයි කියති.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්ථා අනුව බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
නීතියක් නැති රටේ මිනිසුන් වටින්නේ නැහැ.දැහැමි මනසින් හා ක්‍රියාවෙන් දිවි ගෙවන්නන්ගෙන් සමාජයට හානියන් නොවේවි (නි)
පුද්ගලික බස් වල කොන්දොස්තරලා එක්ක ලංගමට ඔට්ටු වෙන්න බැහැ. කිසිම සදාචාරයක් නැති මදාවියෝ වගෙයි සමහරු හැසිරෙන්නේ. කොට කොට යනවා. ලංගම දැක්කහම රණ්ඩුවට එනවා.අනේ මේ අහිංසකයෙකුට නේද ගහලා මරන්න හදලා තියෙන්නේ? අර බස් 10 ක් තියෙන මුදලාලි මැරෙනකොට බස් 10ම අරගෙන යනවද? (නි)
ඇල්ලුවා කියලා වැඩක් වෙයිද? මොකද කෝටිපතියෙක්නෙ (නි)
සල්ලි වලට මරා ගන්න සමයක අපි ඉන්නේ (ම)
රජයේ සේවකයෙකුට නේද මේ පහර දීල තියෙන්නේ? ඒ කියන්නේ පවතින රජයට එරෙහිව මේ ය ක්‍රියා කරලා තියෙනවා කියන එක. මේක සුළු පටු දෙයක් නෙමෙයි. ඒ සේවකයා වැඩ කළේ මහජනතාව වෙනුවෙන් නම්, ඒ සේවකයාගේ මුලික අයිතිවාසිකම් කලා දාල , ජනතාවගේ බලය සල්ලි වලට හැල්ලු කිරීම වෙනුවෙන් මරණීය දණ්ඩනය ම දිය යුතුයි. (අ)
මොහුගේ සියලුම මාර්ග ධාවන බලපත් අහෝසි කළයුතුයි. (නි)
මාසයකටත් වැඩි නේද මේ වින්නැහිය වෙලා.ඉතින් තවම ඔය කියන කොටිපතියව ඇල්ලුවේ නැද්ද? අනේ අප්පේ ලංකාව දැන් සෝමාලියාව ඉතියෝපියාවටත් එහා වෙලානේ. (අ)
උදේ හවස බණ අහන අපි?? (නි)