
(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද කන්දකඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ රාත‍්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මොවුන්ගෙන් දෙදෙනකු පුලස්තිපුර පොලීසියෙ පොලොන්නරුව සුංගාවිල ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
සෙසු තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් ආරමභ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 11දින රැඳවියන් 100කට වැඩි පිරිසක් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී ඔවුන් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ, නිසි ආරක්‍ෂිත වැඩසටහනක් නැති ආයතන? කොයි වෙලාවේත් රැඳවියන් පැන යනවා...