(නිශාන්ත කුමාර )
කන්දකැටිය කෝමාරීක ගොවි ජනපදයට දියවර සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරුඇල මැද සිදුවෙමින් පවත්නා ගිලා බැසීමට හේතුව ඇළ පතුලෙහි වූ පාෂාණ තට්ටුවට යටින් පිහිටි හුණුගල් පාෂාණයක බලපෑමක් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරී එම්. එම්. සී. බී. මොරේමඩ මහතා පැවැසීය .
කන්දකැටිය වාරිමාර්ග කාර්යාලයේ ඉල්ලීමක් මත අද (16) පස්වරුවේ කෝමාරීක වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරුඇළ මාර්ගයේ ගිලා බැසීමට ලක්වූ ප්‍රදේශය මෙන්ම ඒ අවට පිහිටි ස්ථාන ගණනාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ මහතා එසේ කියා සිටියේය.
එසේම මෙහි පරීක්ෂණ කටයුතු අවසන් කර ඉදිරි දින කීපයේදී සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන තුරු ඇළ මාර්ගයේ ජලය නිකුත් කිරීම අත්හිටුවන ලෙසත් මෙය මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදු වූවක් නොවන බවත් මොරේමඩ මහතා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමනයන් එනකොට තව වසර ගණනාවක් යාවි. ඊට කලින් මේ ජලය ගොවීන්හට වහාම ලැබෙන්නට ක්‍රමයක් සකස් කර දෙන්න....
ගොවි රක්ෂණ ක්‍රමයක් ඇති නේද?