2010 සාහිත්‍ය සම්මාන උළෙලේ ද විශිෂ්ටතම නවකතාව වූ ‘කන්දක් සේමා‘ නවකතාව ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ ‘කන්දක් සේමා‘ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයේ දී ඇරැඹීමට නියමිතය.
සුමිත්‍රා රාහුබද්ධ මේ පොතේ කතුවරියයි.
ජපානය ආශ්‍රිතව රූගත කළ චිත්‍රපටයේ නළු නිළියෝ ද සිකුරාදා (18) සිට 27 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන්හි සහභාගී වීමට නියමිතය.
නිරෝෂා පෙරේරා, වසන්ත කොටුවැල්ල, බිමල් ජයකොඩි, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, ජයනි සේනානායක, කෞෂල්‍යා ප්‍රනාන්දු , විශ්වජිත් ගුණසේකර ඇතුළු නළු නිළියෝ රැසක් ඊට දායක වෙති.
චිත්‍රපටයේ සෝරා සාන්ගේ භූමිකාව නිරූපනය කරන්නේ ‘ඔෂින්‘ ටෙලි වෘත්තාන්තයේ කුඩා ඔෂින්ගේ භූමිකාවට පණ පෙවූ කොබයාෂි අයාකෝ ය.
කන්දක්සේමා කතාව, තිරරචනය, විධායක නිෂ්පාදනය සුමිත්‍රා රාහුබද්ධගෙනි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලපු ‘ඔෂින්‘ ටෙලි වෘත්තාන්තයේ (1980 ගණන් වල ) කුඩා ඔෂින්ගේ භූමිකාවට පණපෙවූ කෙනා අපිට තවම මතකයි (නි)