IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කන්ද උඩරට සිංහයෝ සත් සාමාජික ශූරතාව දිනති

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායම සමත්විය. හැව්ලොක්ස් පිලට අනු ශූරතාව හිමිවිය.
හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ අද (05) රාත‍්‍රි පැවැති කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායක්තවයෙන් යුත් අප්කන්ටි‍්‍ර ලයන්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 14-12 කින් සෙනාල් ඩයස්ගේ නායකත්වයෙන් යුත් හැව්ලොක්ස් පිල පරාජය කළහ.

මෙම තරගාවලිය අතරතුරදී අද පස්වරුවේ ඇති වූ කළහකාරි සිද්ධියක් හේතුවෙන් විනිසුරුවෝ විනාඩි 40 ක පමණ කාලයක් තරග විනිශ්චයෙන් ඉවත්ව සිටි අතර පසුව රග්බි සංගමයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිද්ධිය සමතයකට පත්විය. 

දෙපිලටම ජාතික කණ්ඩායම නියෝජනය කළ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් ඇතුළත්ව සිටීම නිසා ආරම්භයේ සිට තියුණු තරගයක් පැවැති අතර හැව්ලොක්ස් පිලේ ලී කීගල් උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය.

නයිජල් රත්වත්තේ විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ශ්‍රීනාත් සූරියබණ්ඩාර අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමග 7-5 ක් ලෙස අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.

දෙවැනි අර්ධයේ 5 වැනි මිනිත්තුවේදී සුදර්ශන මුතු සම්පූර්ණ කළ උත්සාහක දිනුම, මිතුන් හපුගොඩ මීටර 30 ක පමණ දුර සිට ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 12-7 ක් ලෙස හැව්ලොක්ස් පිල පෙරමුණට පැමිණියේය.

අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් නයිජල් රත්වත්තේ දෙවැනි අවර්ධයේ අවසන් මිනිත්තුවේදී ගෝල කණු අතරින් පන්දුව පතිත කිරීමත් සමග ලකුණු පුවරුව 12-12 ක් ලෙස සම තත්ත්වයට පත්විය. ශ්‍රීනාත් සූරියබණ්ඩාර පහසු ගෝල ප‍්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමග ලකුණු 14-12 ක් ලෙස ලයන්ස් පිලේ ජය තහවුරු විය.

දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී සඳුන් හේරත් පන්දුව රැගෙන ගෝල සීමා ආසන්නයට කිසිඳු බාධාවකින් තොරව දිව ගිය ද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර අති විශිෂ්ට ලෙස හේරත් වැලැක්වීම මෙම තරගයේ ලයන්ස් පිලේ ජයග‍්‍රහණයේ හැරවුම් ලක්‍ෂය ලෙස හැදින්විය හැකිය.

තරග ප‍්‍රතිඵල

  • කුසලාන ශූරතා අවසන් මහ තරගය

අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල විසින් හැව්ලොක්ස් පිල පරාජය කරන ලදී (14-12)

 

  • තෙවැනි ස්ථානය සඳහා තරගය

මහනුවර ක‍්‍රීඩා සමාජ ‘ඒ’ පිල විසින් සී. එච්. පිල පරාජය කරන ලදී (24-0)

 

  • පළඟ ශූරතා අවසන් මහ තරගය

සී. ආර්. ‘ඒ’ පිල විසින් පොලිස් ‘ඒ’ පිල පාරජය කරන ලදී (38-0)

 

  • බඳුන ශූරතා අවසන් මහ තරගය

මහනුවර ක‍්‍රීඩා සමාජ ‘බී’ පිල විසින් ගුවන් හමුදා ‘බී’ පිල පරාජය කරන ලදී (24-0)

 

  • පළිහ ශූරතා අවසන් තරගය

සී. ආර්. ‘බී’ පිල විසින් යුද හමුදා ‘බී’ පිල පාරජය කරන ලදී (19-12)

ඡායාරූප - ශාන්ත රත්නායක
 

 



අදහස් (0)

කන්ද උඩරට සිංහයෝ සත් සාමාජික ශූරතාව දිනති

රිස්වාන් ඩුබායි Monday, 06 May 2013 09:19 AM

මහනුවර ක්‍රීඩා සමාජයට මොනවද උනේ ? ෆාසිල් මරිජා නැති එකේ පාඩුව.(ස)

:       0       0

අරුණ Monday, 06 May 2013 11:36 AM

ශ්‍රීනාත් සුරියබණ්ඩාර නැගී එන ඇති දක්ෂ ක්‍රීඩකයෙක් මහනුවර පරදින්නට මුලික හේතුවත් එයයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site