IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේදී ඉදිකිරීමට පියවර

Women-only

 

කාන්තාවන්ට පමණක් වෙන්වු මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේ ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම ප්‍රදේශයට එබිකම් කරන්නන් සහ අනවසරයෙන් ඇතුළු වන්නන් වැළැක්වීම සඳහා කාන්තා ආරක්ෂක නිලධාරීන් යොදවන බව උසස් නිලධාරියෙක් පවසයි.


මෙම වෙරළ තීරය ඉදිකිරීමේ යෝජනාවට දක්ෂිණ නගර සභාවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එම යෝජනාව වැඩ, නගර සභාව සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍ය එසාම් කාලාෆ් මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.


බහරේන් ඩිනාර් මිලියන 1.5 ක් වැය කොට සංවර්ධනය කෙරෙන පොදු වෙරළ තීරයේම කොටසක් මෙළෙස කාන්තාවන් සඳහා වෙන්කිරීමට නියමිතය.
“පවුල්වලින් ලැබෙන ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙසින් ඉදිවන කාන්තාවන් සඳහා වෙන්වූ මුහුදු වෙරළ සඳහා සම්පූර්ණ වෙරළ තීරයෙන් සියයට 40 ක පමණ කොටසක් වෙන්කිරීමට නියමිතයි” යනුවෙන් නගර සභාවේ සභාපති අහ්මඞ් අල් අන්සාරි පවසයි.


“ඇවිදින මංතීරුව සහ කුඩා දරුවන් සෙල්ලම් කරන ප්‍රදේශය අසළ තිබෙන මෙම කොටස මේ වන විටත් වැඩිපුරම පාවිච්චි කරන්නේ කාන්තාවන් සහ කුඩා දරුවන් පමණයි” 


“කාන්තාවන් බහුතරයක් දෙනාට තමන්ගේ වේලය ගළවලා දාලා නිදහසේ ඉන්න වුවමනා කරනවා. තවත් පිරිසක් ඩාෆා ව හෝ අබායා ව අදින්න කැමැති නැහැ. ඔවුන්ට ඕනෑ ක්‍රීඩා ඇඳුමකින් සැරසිලා තමන්ගේ දරුවන් එක්ක සෙල්ලම් කරන්නයි” 


කාන්තාවන් සඳහා වෙරළ තීරයක් වෙන්කිරීමේ සංකල්පය කිසිසේත්ම පසුපසට නොගන්නා බව පවසන අල් අන්සාරි ඩුබායිහිදී පසුගියදා මෙවැනි වෙරළ තීරයක් විවෘත කළ බවද පෙන්වා දෙයි.


“අපි කාන්තාවන් සහ පිරිමින් වෙන් කරන්නේ නැහැ. සම්පූර්ණ වෙරළ තීරයෙන් සියයට 60 ක පමණ ප්‍රමාණයක් වෙන්වෙන්නේ පවුල් සහ පිරිමින් සඳහායි. අපි මේ උත්සාහ කරන්නේ කාන්තාවන්ට නිදහසේ ඉන්න තියෙන අයිතිය ලබාදීමටයි”


“නගර සභාවට පසුගාමී න්‍යාය පත්‍රයක් නැහැ. එහෙම කියන අයට මම කියන්නේ ඩුබායි දිහා බලන්න කියලයි. එහේ මේ වගේ ව්‍යාපෘති අති සාර්ථක වෙලා තියෙනවා”


“මේ යෝජනාව ක්‍රියාවට නැංවීම අපි ඇමැතිතුමාට පවරලා තියෙනවා”


“වෙරළේ මෙම කොටස කාටවත් නොපෙනෙන විදිහට වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කොටසේ ආරක්ෂාවට පෞද්ගලික කාන්තා ආරක්ෂක නිලධාරිනියන් යොදවනවා” යැයි අල් අන්සාරි වැඩි දුරටත් පවසයි.


පොදු වෙරළ තීරයට යන සෑම විටම තමන්ට පිරිමින්ගෙන් බාධා සිදුවන බවට කාන්තාවන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීමෙන් පසුව කාන්තාවන් සඳහාම වෙන්වූ වෙරළ තීරයක් ස්ථාපිත කිරීමේ අදහස මතුවූ බව නගර සභාව පවසයි.


“පොදු වෙරළ තීරයකදී පවා යම් පෞද්ගලිකත්වයක් අවශ්‍යයි. විශේෂයෙන් සමහරු හුදෙක් විනෝදය සඳහා පමණක් හෝ කාත් එක්ක හරි කතා කරන්න බලාගෙන මෙවැනි ස්ථානයට එනවා” යැයි අල් අන්සාරි පවසයි.


“කාන්තාවන් බොහෝ විට කරන්නේ එක්කෝ එච්චර සෙනඟ නැති වෙලාවට වෙරළට යනවා. නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා”


කෙසේ වෙතත් ප්‍රාග්ධන භාරකාර මණ්ඩලයේ සභාපති මොහොමඞ් අල් කෝසායි පවසන්නේ බහරේනයේ පොදු ජනතාවට පැමිණිය හැකි වෙරළ තීර  ඉතා අඩුවෙන් තිබෙන නිසා එක් කොටසකට පමණක් වෙරළ තීරයක් වෙන්කිරීම සාධාරණ නොවන බවයි.


“කිසිදු බාධා කිරීමකින් තොරව පොදු වෙරළ තීරයට ඇවිත් විනෝද වෙන්න හැමෝටම අයිතියක් තියෙනවා. බහරේනය තුළ මෙවැනි වෙරළ තීර තියෙන්නේ හරිම අඩුවෙන්. ඉතිං කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් වෙන්කරන එක සාධාරණ නැහැ” යැයි ඔහු පෙන්වා දෙයි.

 



අදහස් (0)

කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේදී ඉදිකිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 246 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 740 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site