ඕනෑම අභියෝගයකදී සමාන අවස්ථා ලැබේ නම් ගැහැණු පිරිමි භේදයක් නැතිව ඉලක්ක ජය ගත හැකියැයි එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරු උතුම්පාල මෙනෙවිය ප‍්‍රකාශ කළාය.
උතුම්පාල මෙනෙවිය මේ අදහස් පළ කළේ සෙත්සිරිපාය පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ පැවැති උත්සවයක දීය. ඇයට කාන්තා අයිතිය සුරැකීම පිළිබඳ සන්නාම තානාපති ධූරය පිරිනැමීම සඳහා මෙම උත්සවය පැවැත්විණි. ලෝක විවාහක රූ රැජින තරගයෙන් පළමු දස දෙනා අතරට පැමිණි චන්දි වීරසූරිය මහත්මිය අගැයීම ද එහිදී සිදුවිය.
‘සමාජ ප‍්‍රගමනයේ දී කාන්තාවන්ට කළ හැකි දේ බොහොමයි. නමුත් ඒ බව පිළිගන්න සමාජය අදිමදි කරනවා. මා සමග එවරස්ට් තරණය කරන්න ගිය මිතුරාගෙන් ඔහුගේ මිතුරන් අහල තිබෙනවා ඇයි ඔබ මේ වැඩේට කාන්තාවක් සමඟ යන්නේ කියා. ඒ වගේම අපි එවරස්ට් තරණය කර යළි මව්බිමට පැමිණි පසු මගේ මිතුරියක් මා සමඟ කීවා ඇගේ දරුවන් ඔට්ටු අල්ලා තිබෙනවා මුලින්ම එවරස්ට් යන්නේ කවුද කියා. ඒ වෙලාවේ පුතුන් නිතරම පිරිමි කෙනෙක් මුලින් යාවි කියා ඔට්ටු ඇල්ලූවා ලූ. මට අත් දැකීමෙන් කිව හැකි දෙයක් තිබෙනවා. අවංකවම කියනවා නම් සමාන අවස්ථා ලැබේ නම් කාන්තාවන්ට ඕනෑම ඉලක්කයක් ජය ගත හැකියි. එහිදී ස්ත‍්‍රී පුරුෂ භාවය ප‍්‍රශ්නයක් නොවෙයි‘ යැයි ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. අපි එය අත්දැකීමෙන්ම දන්නවා.
මග ලොකු දුවගේ අදහසත් මෙයමයි. (රේ)
ඕනෑම අභියෝගයකදී සමාන අවස්ථා ලැබේ නම් ගැහැණු පිරිමි භේදයක් නැතුව ඉලක්ක ජය ගතහැකියි. එකක් ජයගෙන උදම් ඇනූ සුසන්තිකා අද කොතැනද? ජයසූරිය කොතැනද?ගැහැණු පිරිමි ඕනෑම අයෙක් කොතනින් හෝ ඉස්මතුවූවිට සීමාව ඉක්මවා උදම්ඇනීම එතරම් හොඳ නැත. එසේම අනවශ්‍ය විදියට පිම්බීමද හොඳ නැත. (නි)
කතාව ඇත්ත. මමත් පිළිගන්නවා (නි)
නැතුව නැතුව, කතාව ඇත්ත (නි)
ඇයි මේ ස්ත්‍රී පුරුෂ බේදයක් ගැන කතාකරන්නේ. කෙනෙක් වැදගත් දෙයක්, එහෙම නැත්නම් රැකියාවක් හෝ දක්ෂතාවයක් දැක්වුවහොත් එය අගය කරන්න ඕනෑ බේදයකින් තොරවයි. දැන් බලන්න ඇමෙරිකාවේ මම ඉන්න නගරයේ බස් ධාවනය කරවන්නේ පිරිමින් එක්ක හරි හරියට කාන්තාවන්. ඔය මම දැක්වුයේ උදහරණයක් විතරයි. හැබැයි කාන්තාවට ගෙදර ගැන විශාල වගකීමකුත් තියන බව අමතක කරන්න හොඳ නැහැ. (නි)