අජන්ත කුමාර අගලකඩ
කාන්තාවන් විදේශ ගතවීමේදී ඔවුන්ගේ පවුල් පසුබිමේ වාර්තා ලබා ගැනීම සඳහා ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇත.
ආචාර්ය සරත් අමුණුගම විජයදාස රාජපක්ෂ , හරීන් ප්‍රනාන්දු , තලතා අතුකෝරළ සහ චන්ද්‍රානි බණ්ඩාර යන ඇමැතිවරුන් එම කමිටුවට පත්කර ඇතැයි වාර්තාවේ.
කාන්තාවන් විදේශ ගතවීමේදී ඔවුන්ගේ පවුල් පසුබිම් වාර්තා ලබාගැනීමට ගෙන ඇති තීරණය ඉවත් කරන ලෙසට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා මේ මොනවා කරන්නද රට යන්නේ? පිඟන් පිරිසිදු කරන යන්ත්රයක්වත් ක්‍රියා කරගැනීමට නොහැකි මේ වගේ අය පිටරටවල ගිහින් මොනවා කරන්නද? ඉතින් මේ කාන්තාවන්ට පිටරටවල්වලදී ඇවනි ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවීම පුදුමයක්ද .. ?
ප්‍රනාන්දු මහතා ගෙන ඇති තීරණය බොහොම හරි .....බොහෝ එම්.පි . ප්රයෝගිකත්වයෙන් තොර නිසා සමාජයට ගැලපෙන තීරණ ගන්න දන්නේ නැත
මේ ප්රශ්නය බොහොම සංකීර්ණ එකක් නිසා මෙහෙම නැවත සලකා බලන එක හොඳයි. පුළුවන් නම් මැද පෙරදිග ගෘහ සේවිකා වැඩට නොයවනවා නම් ඒ තරමට හොඳයි. නමුත් අයි එහෙම දුක් විඳින්න ඔවුන් යන්නේ? ගෙයක් දොරක් හදා ගන්න, ළමයින්ට උගන්වන්න ආදී වශයෙන් දහසකුත් එකක් ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් නැති නිසා නේද? හැබැයි ඒකෙන් පවුල් කඩාකප්පල් වෙලා පොඩි දරුවන් අනාත වෙන අවස්ථාත් ඇති වෙනවා නේද? ඒ නිසා මේ සමාජමය ගැටලුවට, ජනප්‍රිය විසඳුමක් නොව, ඉතා කල්පනාකාරීව විසඳුමක් දිය යුතුයි.
ඔය කමෙන්ට් දාල තියෙන කට්ටිය හිතන්න එපා අපේ රටේ කාන්තාවන් අරාබියට බැලමෙහෙවරකම් කරන්න යාම මහා ලොකු වීර කමක් කියලා. අපේ රටේ මෙතෙක් සිටි දේශපාලකයන්ට තවමත් බැරිවුනා මොවුන්ගේ ජීවන තත්වය නගාසිටුවන්න වැඩපිළිවෙලක් සකස්කරන්න රට යවන්නේ නැතුව. අරාබියේ ලංකාව කප් ගහල තියෙන්නේ ගැණු පිටරට යවලා. අපි ලජ්ජා වෙන්න ඕන මේවට.
ඒජන්සිවලට හෙන්චයියන්ටයි රජ මගුල් ඇති මෙව්වා දැක්කහම. දැන් ගම්වල ගෙවල් ගානේ ගිහින් පවුල්වල දුකට පිහිටවෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව.
රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනගන්නේ නැතිව කාන්තාවෝ රට යවලා සල්ලි හම්බ කරන එකනේ කරන්නේ.
කාන්තාවන්ගේ පවුල් පසුබිම හොයන්න කලින් රටේ පසුබිමයි හොයන්නයි ඕනා. ලොකුවට පම්පෝරි ගහන්න කට්ටිය හිටියට, අසරණ කාන්තාවෝ මැදපෙරදිග ගොස් බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි වලින් ජීවත් වෙන පිරිමි ඉන්න රටක් මේක? නීති රීති ගැන කතාකරන අය හිතනවා ඇති කාන්තාවෝ මැදපෙරදිග යන්නේ විනෝදෙට කියලා?