සේවක අර්ථසාධක මුදල් අර්ථසාධක අරමුදලට බැර නොකළැයි කියන කන්තලේ ලංගම ඩිපෝ කළමණාකරු පී බී ජයතිලක මහතා රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප මත මුදා හරින්නැයි කන්තලේ මහෙස්ත්‍රාත් ඩී එම් ජයරුවන් දිසානායක මහතා අද (01) නියෝග කළේය.
2011 වර්ෂයේදී ජනවාරි මස සිට ජුනී මාසය දක්වා කන්තලේ ලංගම ඩිපෝවේ සේවකයින් 137 දෙනකුගෙන් මාසිකව අයකරගෙන ඇති රුපියල් හතලිස්අට ලක්ෂයකට ආසන්න පමණ මුදල සේවක අර්ථසාධක අරමුදලට බැර කර නැති බව කියමින් කන්තලේ කම්කරු කාර්යාලයයෙන් මෙම නඩුව පවරා තිබේ.
ලබන නොවැම්බර් 05 වැනිදා නැවත නඩුව කැදැවීමටද මහෙස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා ලංකාවේ සංස්කෘතිය. කන්නෝ කති බොති විනෝද වෙති... නැත්තෝ බඩගින්නේ සාගින්නේ මහන්සි වෙමින් අර අයට උදව් කරති. (නි)
මෙවැන්නන්ට දඩුවම් ලබාදිය යුතුයි. (ස)
කිරි අප්පේ මෙච්චර මුදලක් මේ මනුස්සයා අර “සක්විති“ ළඟ තැන්පත් කලාද? (ස)
මෙයාගෙ ඊ.පී.එෆ් එක නම් ගානට දාගෙන ඇති. (ස)
මසකට එක් අයෙකුගෙන් බැර කළ යුතුව තිබු මුදල = 4,800,000/6/137=5,839.42. එතකොට ලංගම සේවකයෙකුගේ මාසික වැටුප රු 50,000ක් විතර වෙන්න ඕනෑ. මරුනේ ලංගමේ ජොබ් එකක් කළා නම්. (ස)