IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්තෝරු නෝනා උසස්වීමත් එක්ක කොම්පියුටරයකුත් අරං ගිහින්

(රංජිත් කරුණාවීර)

ඉඩම් කොමසාරිස් කාර්යාලයක වසර 08ක් පමණ සේවයේ නියුතුව සිටි නිලධාරිනියක උසස්වීමක් ලැබීමෙන් පසු එම කාර්යාලයේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් නැවත කාර්යාලයට බාර නොදී රැගන ගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ. මෙසේ ලැප්ටොප් පරිගණකයක් නිවෙසට රැගෙන ගොස් ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බිරියක බව පැවැසේ.

මෙලෙස ඇය රැගෙන ගොස් ඇත්තේ 2017 වසරේදී කාර්යාලයේ සේවා ගුණාත්මක භාවය ඉහළ නැන්වීම සඳහා සේවාලාභියකුගෙන් පරිත්‍යාගයක් ලෙස කාර්යාලයට ලැබී තිබූ ලැප්ටොප් වර්ගයේ පරිගණක පහෙන් එකකි.

එසේ ලැබුණු ලැප්ටොප් වර්ගයේ පරිගණක සියල්ල මෙතෙක් කාර්යාලයේ බඩු ලැයිතුවට (ඉන්වෙන්ට්‍රියට) ඇතුළත් කර නොමැති අතර, එසේ ලැබුණු එක් ලැප්ටොප් පරිගණකයක් පමණක් (2024) මෙම වසරේදී බඩු ලැයිතුවට ඇතුළත් කර ඇත. වසර ගණනාවක් තිස්සේ කාර්යාලය සතුව පැවැති එම පරිගණක යන්ත්‍ර කාර්යාලයේ විවිධ නිලධාරින් විසින් පාවිච්චි කරනු ලැබුව ද අඛණ්ඩව වසරින් වසර පැවැත්වෙන භාණ්ඩ සමීක්ෂණයට ද ඉදිරිපත් කර නොමැති බව කියැවේ.

 



අදහස් (3)

කන්තෝරු නෝනා උසස්වීමත් එක්ක කොම්පියුටරයකුත් අරං ගිහින්

පිටරටවැසියා Wednesday, 27 March 2024 01:16 PM

ඔක්කොම, තක්කඩින්, හොරුන්, අපතයින්, කාලකන්ණින්... අකා මකා අසුචි ගෑවී තොලොංචි වෙලා යන්න.

:       0       11

Bamunuarachchi Wednesday, 27 March 2024 03:50 PM

විස්තරේ හැටියට කාර්යාලයේ භාණ්ඩ ස්ටෝර්ස් ලෙජර් එකේ සටන් නොකර ඇත්තේ ඔය තක්කඩි කමට බව පැහැදිලියි...

:       0       7

ගමේ එකාලා Wednesday, 27 March 2024 07:12 PM

ඔය කියන කෙනා දේශපාලන හයිය පාවිචිචි කරන්න ඇති... අපේ රටේ ඕවා අමුතු දේවල් නෙවෙයිනේ...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site