පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩි කිරීමට නම් 30%ක් කාන්තා නියෝජිතයන් ජාතික ලැයිස්තු හරහා පත් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්ථානය වැනි රටක පවා එවැනි නීති පනවා තිබියදී ශ්‍රී ලංකාවත් ප්‍රායෝගික ලෙස එය ක්‍රියාවට නැංවිය යුතු බව ඇය බීබීසී පුවත්සේවය සමග අදහස් දක්වමින් කියා සිටී.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 87 ක් නම් කර ඇතත් එයින් කාන්තා නියෝජිතයන් සිටින්නේ 5 දෙනකු පමණක් බවත් ඇය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්මම රගපාන්න පටන් අරන්.මෙයත් ඉන්නවා කියල පෙන්නන්න එපැයි? (ම)
කාන්තාවන් වෙනුවෙන් මොනවාද ඔබ පාර්ලිමේන්තුවේදී කතා කළේ? නිකන් ඉන්න වෙලාවට ගම්පහ ජනතාවට පින්දෙනවා (බ)
කවුරු මොනවා කිවුවත් මෙතුමියට හොඳ දේශපාලන දැනුමක් තියෙනවා කවද හරි රටේ ජනාධිපති වෙනවා බලන්න නැද්ද කියල (බ)
පඹයෝ පාර්ලිමේන්තුවට යවන්නේ මොකටද.මහජන මුදලින් නඩත්තු කරන්නද. (බ)
කාන්තා නියෝජනය කියා අපිට ටෙලි නිලියන් , නුගත් සුරිපිකාවන් , ගණිකාවන් නොවේ අවශ්‍ය , උගත් දේශපාලනය ගෙන රට ගෙන පාර්ලිමේන්තුවේ වැදගත් කතාවක් කිරීමට හසල බුද්ධියක් ඇති කාන්තාවන් (අ)
නාමල්ට පාලු කපන්න ඔයාව දැම්මේ දැන් පාලු නැහැ (බ)
මන්ත්‍රී කමට තියන ආසාව මෙගා ටෙලි වගේ තමයි ඉවරයක් නැහැ (ම)
අනේ අපොයි ඔය වගේ කාන්තාවෝ ආවොත් නම් රටට දෙවියන්ගේම පිහිට තමයි (ම)
ඔබතුමිය සිතන්නේ ඡන්දයට ඉදිරිපත් වෙන්න අවම සුදුසුකම කාන්තාවක් වීම පමණක් කියලද ? එහෙනම් ඉතින් මේ අපිටත් දේශපාලනය කරන්න පුළුවන් නේද ? (නදී)
ජාතික ලය්ස්තුව ගැන කතාකරන්න ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔබගේ උසස් අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් මොනවාද...? හැකිනම් ඔබගේ උසස් අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් දිවුරුම් පෙත්සමක් මගින් ඔප්පුකරන්න.මේ පිනා චාන්ස් එකක් ලැබිලා ගම්පහ මිනිස්සුන්ව පාවාදීලා ඔබ මොනවාද අපේ රටට කළේ...(බ)
ඔය වගේ අයද ගන්න කියන්නේ? මොනවද හිටිය ටිකට කරපු වැඩ? කුඩු එතනෝල් නැවතුවද? විශ්ව විද්‍යාල ප්‍රවේශ වැඩි කලාද? අධ්‍යාපනය රටේ අවශ්‍යතාවය අනුව දියුණු කරාද? කෘෂිකර්මය, ආර්ථික, සෞඛ්‍ය, රැකී රක්ෂා රටේ අනාගත අවශ්‍යතාවය අනුව දියුණු කරාද? (බ)
කාන්තා නියෝජනය 30% කරන්න බැරිය ඊට සුදුසු කාන්තාවන් ලංකාවේ ඉන්නවා නම්. කට හොඳ නැති වාචාල නිලියන්, දේශපාලක මහත්තයාගේ අතේ එල්ලිලා ආපු නෝනලා සහ තාත්ති ගේ පිහිටෙන් නාම යෝජනා ලැබුන දෝනිලා ඇරෙන්න දැන් උගත් බුද්ධිමත් , අඩු ගානේ උපාධියක් තිබෙන කාන්තාවක් ඉන්නවා නම් කියන්න. හැබැයි ඔය දේශපාලක පියවරුන්ගේ බලයෙන් පිටරට උපාධි ලබා ගත් බවලතුන් නෙවෙයි. ලංකාවේ උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක්. (බ)
ඔයා ඉල්ලනකම් අපි නොඉවසිල්ලෙන් බලාගෙන උන්නේ. මොනතරම් දේශපාලන වසයෙන් මුහුකුරා ගිය අත්දැකීම් වලින් පිරි උගත් ඔයා වගේ අය සන්ධාන ලැයිස්තුවට දැම්ම එකම ඇති 17 වෙනිදා අවසාන ප්‍රතිපලයට. දෙය්යන්ගේම පිහිටයි. (බ)
ලංකාවට පකිස්ථානයත් එක්ක සංසන්දය කරන්න එපා (ම)
මේ කාන්තාවට නාම යෝජනා දුන්න පදනම මහජනයාට එලි කරන්න කියල මම පක්ෂයේ ලොකු මහත්තුරුන්ගෙන් ඉල්ලනවා. (ම)
ඔයාලගේ හිතට එකගවද රට ගැන කතා කරන්නේ ඇත්තටම?බොරු කියල මිනිස්සු රවට්ටලා රෑට නින්ද යනවද ඇත්තටම?තමන් බත් පත කන්න අතට ගනිද්දී හිතෙන්නේ නැද්ද මම මේ පඩිය ගත්තේ මොනවා කරලද මේ වෙනුවෙන් කියල?තමන්ගේ හිතට අවංක වෙලා ඉන්න මුලින්ම.(ම)
මේ කතාව ඔන්න රනිල්ගේ නෝනා කිව්වා නම් අපිට තව පිලි ගන්න පුළුවන්. (ම)
අර ඉස්සර දවසක වගේ ආයෙත් සැරයක් ටී වී එක ඉස්සරහට ඇවිත් නොදන්න දේවල් කතා කරන්න ගහින් අනාගන්න එපා.(ම)
මෙදා පාර ඡන්දෙන් පබාට බබා හම්බෙනවා (බ)
අපි වැඩ කරන්නේ පුද්ගලික අංශයේ . උදේ ඉඳන් මැරිලා වැඩ . අද නිවාඩු නිසා මේ ලියන්නේ. ජීවිත කාලයම වැඩ කලත් අපිට විශ්‍රාම වැටුපක් නැහැ. ඒත් පැය 1 0-12 හැමදාම වැඩ. මේ නෝනලා පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු 5ක් නිකම් පෙනී සිට විශ්‍රාම වැටුපක් ගත්තා. මට නම් මේ ගැන මතක් වෙන කොටත් තරහයි . ඒ කාලයේ තව රට වෙනුවෙන් මේ කාන්තා මන්ත්‍රී වරියන් වැඩක් කළානම් තව කමක් නැහැ. (බ)
අර දෙහිවල පැත්තේ කට හොඳ නැති කලා (නලා ) කාරිය ට නාම යෝජනා දීලාද දන්නේ නැහැ. (බ)
ජාතික ලැයිස්තුව තිබෙන්නේ රටට වැදගත් කට්ටිය පත් කිරීමට මිසක් ඔයාල වගේ ආතක් පාතක් නැති උදවිය පත් කරන්නට නොවේ (ම)
පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩි කිරීම හොඳ දෙයක්. ඒත් පාර්ලිමේන්තු යන අයට ප්‍රතිපත්තියක් නැත්නම් මොකද්ද ඇති වැඩේ? (ම)
කරුණාකර නාම යෝජනා දෙනකොට පසුගිය කාලයේ පක්ෂයට නෙවෙයි රටට මොනවද කලේ කියල සොයලා බලා දෙන්න. (ම)
මෙයා ඉන්නකන් මොනවාද කාන්තාවන්ට කළේ ? (බ)
මෙයා නොම්මර එකයි (බ)
මෙතුමිය මැද පෙරදිග රටක ඉදන් නේද මෙහෙට ආවේ?අඩුම ගානේ ඒ රටවල දුක් විදින අපේ අහිංසක ගෑනු ගැනවත් හඩක් නගල ඒ අය වෙනුවෙන් දෙයක් කළාද බලය තියෙන කාලේ?ඒ අය කාන්තාවෝ නෙමෙයිද?ලබන ආත්මේ බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙන්නෙත් මේ වගේ අය තමයි.(බ)
කාන්තාවන් කෙරේ විශ්වාසය නැත (බ)
පීරිස් ඔයා කොහෙද හිටියේ.පසුගිය කාලේ නිලියෝ ගිහින් කරපු දේවල් දන්නේ දියවන්නාව පමණයි .අපේ පවුල් සංස්ථාව රැකගැනීමට දුන් උපදෙස්ම ඇති. තව මොනවද අපි ඉල්ලන්නේ . (ස)
ගැබුරු දේශපාලන දැක්මක් (ම)
කතාව ඇත්ත .කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි (ම)
ඇයි 30%ක්. දෙපාර්ශවයටම සම අවස්ථා ලැබෙන පරිදි 50% විය යුතුය. හැබැයි, ඒ සඳහා දෙපාර්ශවයෙන්ම උගත්, බුද්ධිමත් අය යෝජනා කළ යුතුය. ටෙලි නාට්‍යක රඟපෑ නිසා ලබාගත් ජනප්‍රියත්වය ඒ සඳහා සුදුසුකමක් නොවිය යුතුය. (බ)
නිළි කාන්තා මන්ත්‍රීවරියන් විතරක් නෙවෙයි රටට සත පහක වැඩක් නොකළ තරුණ මන්ත්‍රී වරු කණ්ඩායමකුත් පසුගිය කාලයේ හිටියා. ඒගොල්ලන් වැඩිපුරම කළේ පියවරුන්ගේ දේශපාලන බලය පිහිටෙන් රටේ සම්පත් පාවිච්චි කරලා හොඳට විනෝද වෙන එක. මේ දෙගොල්ලන්ගෙන්ම රටට වැඩක් නැහැ. (බ)
එක පැත්තකින් ඡන්දෙ අරන් අනිත් පැත්තට පනින රිලවියන් ගැන නෙමේ නේද මේ කතා කරන්නේ (බ)
මෙදා පාර බලමුද ඔබතුමිය ඡන්ද කීයක් ගනීද කියල ගම්පහෙන්...? අපි බලාගෙන ඉන්නවා. (ම)
සාමාන්‍ය උගත් බුද්ධීමත් කාන්තාවකට තියා පිරිමියකුටවත් දේශපාලනයට ඇවිත් ජාතික නායකත්වයට එන්න තරම් හොද දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නැහැ තව අවරුදු 50 කින් වත් හැදෙයි කියලා හිතන්නත් බැහැ (ම)
ඔයා විතරක් ඇති මුළු පාර්ලිමේන්තුවටම (ස)
මෙගා එකක් කරගෙන හිටිය නම් නේද හොඳ.(ම)