ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යය සිට කැනඩාවට ගොස් සිටි පුවනේෂන් තුරේ රාජා නැමැති කොටි සාමාජිකයා ශ්‍රි ලංකාවට පිටුවහල් කරන ලෙස කැනඩා පුරවැසි හා ආගමන කාර්යාලය කළ ඉල්ලීමක් කැනඩා අධිකරණය ඉවත දැමිය. ඒ අනුව ඔහු ශ්‍රි ලංකාවට නෙරපිම නරත කර ඇත. කැනඩා බලධරයන් ඔහු පිටුවහල් කිරිමට තිරණය කළේ ශ්‍රී ලංකාවේ සිටිය දී ඔහු කොටි සංවිධානය වෙනුවෙන් බදු එකතු කළ නිසා යැයිද බලධරයෝ අධිකරණයට කිහ. ඔහු ශ්‍රි ලංකාවට යැවිමෙන් ඔහුට ජිවිත තර්ජනයක් නැතැයි ද ඔහු සඳහන් කළහ.
මෙම පුද්ගලයා මුලින්ම ශ්‍රි ලංකාවේ සිට ලන්ඩනයට පැන ගොස් ඇතැයි ද ඔහුගේ සරණාගත ඉල්ලුම් පත්‍රය එහිදි ප්‍රතික්ෂේප කළ නිසා ව්‍යාජ ගමන් බල පත්‍රයකින් කැනඩාව පැමිණ ඇතැයි ද අධිකරණයේ සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටවල් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා කියලා කියන්නේ කොහොමද රසිකා. බටහිර රටවල් ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ, පකිස්තානයේ, මැදපෙරදිග කලාපයේ විශාල වියදමක් දරා හමුදා රඳවාගෙන ඉන්න නිසා තමා අන්තවාදයෙන් ලෝකය මෙච්චරවත් බේරිලා තියෙන්නේ. (නි)
ත්‍රස්තවාදීන් උඩගෙඩි දීල තවත් මේ රටවල් මට්ටු වෙලා නැහැ. දැන් අයි.එස්.අයි.එස් එකට යන්නේ බොහොමයක් මේ වගේ මේ රටවලට රිංග ගත්තු අය. (නදී)
අපෝ මෙහෙට එවන්ඩ එපා. ඔහෙම තියා ගනිල්ලා, කවදා හරි ඔහෙත් වෙනම කැල්ලක් ඉල්ලලා යුද්ධ කරපල්ලා. එතකොට තමයි කැනඩාව රත්වෙන්නේ (නදී)