හැටහතර වසරක් පැරැණි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩා ආධාර කපා හරින බවට කැනඩා අගමැති ස්ටීවන් හාපර් ඉන්දුනීසියාවේ බාලී දුපතේදී තර්ජනයක් කළේය.
ආසියා ෆැසිපික් ආර්ථීක සහයෝගිතා සමුළුවට සහභාගී වෙමින් ඔහු පැවසුයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් නිසා තමා නොවැම්බරයේ පැවැත්වෙන සමුළුවට ද සහභාගී නොවන බවයි.
හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් නෙරපීමේ සිට අධිකරණයෙන් පරිබාහිර ඝාතන,අතුරුදන්වීම් විරුද්ධ දේශපාලනඥයින් හා මාධ්‍යවේදීන්ගේ අතුරුදන් වීම් හා සිර ගෙට යැවීම් ආදීය තම තීරණයට බලපෑ බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි අන්තිමට අහල නැති රටවල් විතරයි. ඉන්දියාවත් විස්වාස නැහැ .(අ)
ස්ටීවන් හාපර් මහත්තයා මේ පොඩි සද්දයක් දාන්නේ දෙමළ ඡන්ද ටික රැක ගන්න. කලින් කීවා නම් අපිත් පොඩි සහයෝගයක් දෙනවනේ. ඔබ තුමා නාවට කමක් නැහැ ගෝලයෙක් එවන්න ඒ ඇති කැමති නම් විතරක් සල්ලි ටිකත් දෙන්න. බැරි උනා කියලා අපි කනගාටු වෙන්නෙත් නැහැ මොකද දැන් අපි දන්නවා ඔය මහත්තුරුත් බොහොම අමාරුවෙන් දුවන්නේ කියලා.(නදී),
මෙතන ගොඩක් අය ඇත්ත දන්නේ නැතුව අදහස් දක්වනවා. කැනඩාවේ ආධාර ගැන ලියන්න පත්තරයක් මදි. ඔයාලට මතකද චීන කොච්චි වලට ඉස්සර තිබුන යාල්දේවි රුහුණ කුමාරි එව්වා ඔක්කොම කැනඩාවේ ආධාර. මට තාමත් මතකයි කැනඩාවේ ප්‍රාන්ත වල නම් දාල තිබුන. කැනඩාවේ මේ අගමැති තමයි කොටි තහනම් කලේ. උන්ට එන සල්ලි මුලින්ම නැවැත්තුවේ. මට මතකයි යුද පුහුණුවට ආවා කට්ටියක් එයාල කිව්වා ඉන්දියාව රේඩාර් පද්දතිය දුන්නට පුහුණුව දුන්නේ කැනඩාව කියල. නොදන්නකමට මෝඩ කතා කියන්න එපා. මානව හිමිකම් කියන්නේ මොනවද දන්නේ නැත්නම් වෙන රටකට ගිහින් බලන්න නිකන් ලිඳේ ඉන්න මැඩියෝ වගේ දේශපාලන ප්‍රකාශ දෙන්න එපා.
කැනඩාවේ කොටින්ට දේශපාලන බලය තියන රටක්. සේරම අයගේ පදේට නටන්න අපිටත් බෑ කැනඩාවට බම්බු ගහගන්න කියපුදෙන් .(නදී)
අනේ මන්ද මගේ ලක් මෑණියන් මෙවන් තත්වයකට පත්වීඹ සම්බන්දව මාගේ කණගාටුව පල කරමි ..(නදී)
කැනඩා ජාතිකයන්ට මින් පසු ශ්‍රී ලංකාවට එන්න වීසා දෙන්න එපා..... කැනඩාව නැතිවුනාට අපට කමක් නැත.....(නදී)
ලංකාවේ මානව හිමිකම් අහිමි වුණ බොහෝදෙනෙක් දුප්පත් සිංහල මිනිස්සු , සල්ලි කාරයන්ට දෙසපලකයන්ට උවමන ප්‍රමන්යටත් වඩා මානව හිමිකම් තිබෙනවා (අ)
අනේ අපි බය වෙයි ! .(නදී)
මෙය නයට කහින්නේ දෙමල ඡන්ද නැති වෙයි කියලා බයට. ඊලග ඊළාම් දේශය කැනඩාව.(නදී)
ඒ කියන්නේ හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් නෙරපීමට පෙර සිදුවීමවලට මෙයා එකඟයි. ශෝක්නෙ මෙයා . (අ)
විදෙස් පුවත් පත් වලට අනුව නම් මොහු පැමිණෙන්නේ නැහැ කියා ස්ථීර ලෙස ප්‍රකාශ කර නැත. පවසා ඇත්තේ ලංකාවට ලබාදෙන ආධාර සහ සමුළුවට පැමිණීම ගැන නැවත සිතා බලනවා කියා පමණි. අමතක කරන්න එපා විශාල දෙමල කොටි ඡන්ද දායකත්වයක් කැනඩාවේ තිබෙන වග. මොහු ලංකාවට එන්නේ නම් වචනයකින් හෝ ඔවුන්ව සතුටු කර පැමිණිය යුතුයි..(නදී)
අවුරුදු 200කට ඉස්සර නිජ බිම් හිමිකරුවන් මරාදාලා ඔහේල අල්ලගත්ත එක ගැනත් කතා කරමුගෝ.(නදී)
ඔතන කොටි ඩයස්පෝරාවෙ ප්‍රශ්නයත් තියෙනවා. ඉතින් ඊට වඩා කතා කරන්න ගියොත් දේශද්‍රෝහියො වෙනවා. (ස)
කැනඩාවෙ තියෙන දෙමළ චන්දෙ නැතිවෙයි කියලා බයට දාන සද්ද. (මඟ ගිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී) වගේ වැඩක් මේක.. (ස)
කැනඩාවෙ අගමැතිත් මහම කොටියෙක් වගෙයි මට පේන්නෙ. මෙහෙන් බුරුතු පිටින් ඔහේ ඇවිත් ඉන්න අයට කැනඩාවෙන් කොටසක් වෙන් කරලා දීලා ඒ අයත් එක්ක ඔයා සතුටින් ඉන්න. ලංකාවට නේන එකට ස්තූතියි. (ස)
මට මාර භයක් ඇති උනා...දැන් අපි මොකද කරන්නේ....අනේ අපි කොහොමද ඉතින් කැනඩාව නැතුව ජීවත් වෙන්නේ....අනේ මට කලන්තේ වගේ...කවුරු හරි මට වතුර ටිකක් ඉහින්න...!! (ස)
ජයන්ත මහත්තයා යමක් කියනවා. ඒකත් ඇත්ත (නි)
මොන දේවල් කිවුවත් ලෝකය අපේ රට ගැන හිතන විදිය නම් එච්චර සුභ නැහැ (නි)
අපි උත්සාහ කළ යුත්තේ එක් රටක් හෝ නැතිකර ගැනීමට නොව දිනා ගැනීමටයි. (නි)
අපි පිළිගන්න ඕනෑ අපේ වැරදි තියෙනවා කියලා. අපි කාටවත් දොසක් අහන්න නැති වෙන්න වැඩ කරන්න ඕනෑ. (නි)
ලංකාව ගැන පැහැදිලි කරන්න තානාපති කෙනෙක් නැහැ හරියට.ඉතින් කොහොමද සිංහල අය මේවට විරුවුදව ඉදිරියට එන්න එකතු කරගන්නේ.එකී ලංකාවේ සිංහල අයට මේ ගැන කරන්න දෙයක් නැත්තේ.පැරදුන දේශාපලකයෝ සැප ගන්න ,ළමයින්ට ආණ්ඩුවේ මුදලින් උගන්නන තමා ඇවිත් තියෙන්නේ.නැතුව රටට සේවයට නෙවෙයි (අ)
දැන් ඒ සල්ලි නැතිවුණොත් වැඩේ අවුල් වේවිද? (නි)
දැන් එනවා මානව හිමිකම් ගැන කතා කරන්න (නි)
ප්‍රංශකාරයෝ ටික මොන්ට්‍රියල් නගරයට ඇතුළුව කුබෙක් ප්‍රාන්තය වෙන් කරගෙන ගිය දවසට එයාලටත් තේරෙයි ලංකාවට වුණේ මොකක්ද කියලා. දියුණුයි කියලා හිතාගෙන ඉන්න සාරධර්ම වලින් නොදියුණු රටවල මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාල නැතුව දුප්පත් රටවල අයට හුස්ම ගන්නවත් බැහැ කියායි. (නි)
අන්තිමේ මොනවා වෙයිද? (නි)
ගජබා, මටත් නිකන් පිස්සු වගේ. (නි)
පද්මිණි හරි. මේක තමයි ලංකාවේ ඇත්ත (නි)
මට නම් මේ ගැන විශේෂත්වයක් නැහැ (නි)
කෝටි ගණන වියදම් කරමින් සමුළුව මෙහෙ තබන එකේ ප්‍රතිපල පෙනෙනවානේ? කරුණාකර අනාගතයේදී අපි අනවශ්‍ය සමුළු මෙහෙ දමාගෙන බොරුවට කරදර දමාගැනිමෙන් වළකිමු. එම මුදලින් රටවැසියාට යම්කිසි සහනයක් ලබාදෙන්න (නි)
ලංකාවේ ඉන්න බැරි දෙමළ ජනතාවට මම කරුණාවෙන් කියන්නේ. බලන්න කැනඩාව දෙමළ ජනතාව ගැන කොච්චර හිතනවද කියලා. අපරාදේ මෙහෙ මිහිස්සු මරාගෙන යුද්ධ කරන්න මහන්සි වෙන්නේ. ඔක්කොම ටික කැනඩාවට ගියා නම් හරි. ලෝකේ ඔක්කොටම වැඩිම අමාරුවක් තියෙන්නෙ කැනඩාවට. (ස)
අපේ සිරි ලංකාව ගැන අපිටම ලැජ්ජයි. (නි)
කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් වහාම එළවන්න. (ස)
කැනඩාව ගත් තීරණය නිවැරදියි. හරිම කණගාටුයි (නි)
මෙම පුවත කවුරුවත් හරියට කියවන්නේ නැද්ද. මෙතන දෙමළ හරි කොටි හරි ගැන කතාවක් නැහැනේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ගැන තියෙන්නේ. අපේ කට්ටිය බොරුවට කෑගහන්න තමා දක්ෂ. (ස)
රට අරාජික වෙනවා වගෙයි (නි)
කැනඩාව රටක දියුණුවට උදව් කරන්නේ නෑ..... (ස)
පිටිගල මිලානෝ, බීබීසී බලන්න. ඒකේ තියෙනවා මෙයා නොඑන බව ස්ථිර කළා කියලා (නි)
අපේ රටේ පාලකයෝ කරන වැරදි ගැන විපක්ෂය හඩක් නැගුවේ නැති වුණාට කැනඩාවට දොස්කියලා වැඩක් නැහැ.ජාතිවාදීව නැතුව ස්වාධීනව හිතුවහම කැනඩා අගමැති හරි. (නි)
ඉස්සර කැනඩාව නෙවෙයි දැන් තියෙන්නේ.බංකොලොත් කැනඩාවක්.ශ්‍රිලංකාවේ මානව හිමිකම් නිසා නොවෙයි තමන්ගෙ ආණ්ඩුව බංකොලොත් නිසා මුදල් කපන්නේ.ඔය බංකොලොත් ආණ්ඩුව එක්සත් ජාතින්ගේ පරිසර ආරක්ෂක සංවිධානයකට දෙන අරමුදලුත් ගිය අවුරුද්දේ කැපුව.විලි ලැජ්ජාව වහගන්න අපේ රට පාවිච්චි කන්න තරම් පහත් තත්වයට වැටිලා.වස කිරිපිටි ප්‍රශ්නණෙදි එක රටක කීර්ති නාමයට වන හානිය වලකා ගන්නේ අපේ රටේ තාක්ෂණයක් නැහැ කිවුවා.ඔය මිනිහ ආව කියල අමුත්තක් වෙන්නේ නැහැ.එන්නේ නැති එක තමා හොඳ. (ස)
ජයන්ත කියන දේ සම්පුර්ණ ඇත්ත. අපේ අය දන්නේ සද්දේ දාන්න පමණි. ලංකාවෙන් පිටත ඉන්න අපිට පෙනෙන දේ ලංකාවේ ඉන්න අපේ අයට තේරෙන්නේ නැහැ. (නි)
තේජා, ඇස ගෙඩි දෙකෙන් විතරක් නිව්ස් එක කියවන්න එපා. ඔලුවෙනුත් කියවන්න එතකොට වැටහීවී..............මට බය කැනඩාවේ මේ තීරණය නිසා අපිට හාමතේ මැරෙන්න වෙයිද කියලා අයෙත් අහලා .....ඔං (ස)
එල්ටීටීඊ එක මුස්ලිම්, සිංහල අය, හාමුදුරුවරුන්, මරද්දී කැනඩාව මේ වගේ ඇක්ෂන් ගත්තා නම් අද මේ ගත්ත තීරණය කොච්චර වටිනවද? (ස)
තේජා, මෙතන කියන්නේ ලෝකයේ සෑම රටකම දෙමළ ඩයස්පෝරාව කියන මානුෂික අයිතීන් ගැන තමා . කැනඩාවේ පමණක් ලංකාවේ දමිළයන් මිලියන බාගයක් සිටිනවා . ඔවුන්ගේ ඡන්ද වෙනුවෙන් හඬන නගක් මේක කැනඩාවේ අගමැති .ඔවුන් එකතු දෙන මුදල් ඡන්දයක් වෙලාවේදී සහ ඔවුන්ගේ ඡන්ද වෙනුවෙන් . (ස)
අපිට කැනඩාව ඕනෑ නැහැ. අපි හැදුනා නම් අපේ රටට ආශිර්වාදයක් වෙනවා. (නි)
අපේ රටේ කවදාවත් මානව හිමිකම් කඩවෙලා නැහැ. (නි)
මෙහෙම කරන්නේ අපි පුංචි රටක් නිසා. ඒ වුණාට ලොකු නැව් ගිල්වන්න පුංචි හිලකට පුළුවන් මහත්තයෝ.කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් එනවා. ඔහොම යමු (නි)
කැනඩාව හිතනවා ඇති අපිට හරියට දුක හිතුනා කියලා (නි)
ඒකට කමක් නැහැ. වැඩේ හරියට කරන එකයි දැන් කරන්න තියෙන්නේ (නි)
අගමැතිතුමෝ ලංකා අයගේ ඡන්ද ඔබගේ පක්ෂයට මින් එද්රියට දෙන්නේ නැත (අ)
තමන්ගේ රටට කවදාහරි අහවල් රටෙන් අනතුරක් වෙයි කියලා හීනයකින් හරි රටේ නායකයට පෙනුනොත්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කියලා අනිත් රටවල් වලට පැනලා බෝම්බ දාලා රටක්ම විනාශ කරන රටවල් අපිට කියනවා බණ. මෙතන අදහස් දමන සමහරුන්ට ලෝක දේශපාලනය ඉගෙනගන්න නම් අයන්නේ ඉදලා එන්න වෙයි. (නි)
මොන්ට්‍රීල් වල ඉන්න සිංහල කට්ටිය හර්පර්ට ඡන්දය දෙන්නේ නැහැ (අ)
මම හිතන්නේ කැනඩාව ඇමරිකාව පැත්ත පළාතේ යන්නේ නැතුව ඇති. මොකද ඇමරිකාව රටවල් කීයකට කියලා බෝම්බ දාලා අහිංසක මිනිස්සු මරලා තියෙනවද. (නි)
කැනඩාවේ කිසිම සිංහල හඬක් නැහැනේ. සංවිධානය වෙලා ගිහිල්ලා පොඩ්ඩක් කෑ ගහමුකෝ. (නි)
කෑනඩාව එපා කිව්වා වගේ ලෝකයේ හෑම රටක්ම එපා කියන්නද යන්නේ? ඔයාලා ඔය වගේ කතා කියන්න එපා. එවැනි තත්වයකට නොවැටෙන්න වගබලාගන්න එකයි පවතින රජය සතු වගකීම වන්නේ (නි)
කැනඩාව නොපැමිණෙන එක එම රටේ තීරණයක්. ඇයි මේකට කලබල වෙන්නේ. අනික නියෝජ්‍ය ඇමති කෙනෙක් කැනඩාවෙන් එනවා අගමැති නැති උනාට. කැනඩා අගමැති ඕස්ට්‍රේලියන් අගමැතිට නොයන බව කිව්වුම ටෝනි ඇබොට් (ඕස්ට්‍රේලියන් අගමැති) කීවේ තමන් කොහොමත් යන බවයි. කැනඩාව තමන් පොදු රාජ්‍ය මණ්ඩලයට වාර්ෂිකව දෙන ඩොලර් මිලියන 20 නවතන්න තිබෙන ඉඩ කඩ හරිම අඩුයි. (ස)
හා.. හොඳයි කැනඩා අගමැති එන්න ඕනේ නැහැ කියමුකෝ. හදවතට එකඟව කියන්න මේ මනුස්සයා ලංකාව ගැන කියලා තියෙන දේවල් බොරුය කියලා.පාරේ හතර අතේ දුව දුව පොලු මුගුරු වලින් පත බෑව හැටි මේ ඊයේ දැක්කා. (ස)
කැනඩාවට පමණක් අපිට ආර්ථික සම්භාදක පනවන්න බැහැ. නමුත් කැනඩාව සමග එකට විදේශීය ප්‍රතිපත්ති අනුගමනය කරන බලගතු රටවල් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට පුළුවන් අපිට විශාල බලපෑමක් කරන්න පුළුවන්. කැනඩාව ඇතුළු බටහිර රටවල් අපිට ආර්ථික සම්බාධක පනවනවට මම විරුද්ධයි. නමුත් අමාරුවේ වැටෙන්නේ මැති ඇමතිවරු නොව , ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවය (නි)
දැන් කාලයක් තිස්සේ කැනඩාව අපට පාට් එක දානවා ,ගොරවනවා,කටවහන්න ක්‍රමවේදයක් නැද්ද ,මේකට හුනියමක් වත් කොලොත් නරකද ? (අ)
ජයන්තගේ අදහස් වලින් අනිත් සෑම අයෙකුටම උත්තරයක් දීලා තිබෙනවා. පිස්සෝ වගේ කෑ ගහන්නේ නැතුව කැනඩා අගමැති කියලා තිබෙන දේවල් තේරුම් ගන්න. (නි)
ජයන්ත ඔබ කියන දේ සත්‍යයි,එත් කැනඩාව යුද්දෙන් පස්සේ , හැම විටම , හැම තැනකදීම ,ලංකාවට එරහි වෙනවා,ඔබට ඒ ගැන යමක් ප්‍රකාශ කරන්න බැරිද? (අ)
මම ඉන්නේ කැනඩාවේ. මෙහෙ දෙමළ කට්ටිය ගොඩක් නැහැ. ටොරොන්ටෝ වල දෙමළ කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ අය ගොඩක් කොටින්ට සහය දක්වන බවයි මම නම් දන්නේ (නි)
ජයන්ත, ඔබ වැනි නිදහස් හා සත්‍ය අදහස් ඉදිරිපත් කරන මහත්වරුන් නිසා ලංකාදීප වෙබ් පිටුව බලන්න ආසා හිතෙනවා. ළිං මැඩියන්ට ඉන් ගොඩවෙන්නත් පුළුවන් වෙනවා. ස්තුතියි. (නි)
කොටි සල්ලි වලට විකිණුන ලැජ්ජා නැති අගමැති කෙනෙක්.... (ස)
මේකට නියම විසඳුම ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වී ස්වාධීන රාජ්‍යක් වශයෙන් සිටීමය . මෙහි සිටිනා තුරු අපට බලපෑම් කිරීමට ඔවුන්ට අයිතියක් ඇත . අප වාගේ පොඩි රටකට ඔය කිසිම මණ්ඩලයකින් වන වාසියක් නොමැත. (ස)
මෙයා මෙහෙම හැසිරෙන එක හොඳයි......එතකොට අනිත් අයට තේරෙනවා..මෙයා ද්‍රවිඩ ඩයස්පෝරාවට නැමිලා කියලා. (ස)