ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කරතියි නොසතුට පළ කරමින් කැනඩා අගමැති ස්ටීවන් හාපර් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කරන බව කියතත් චීනය පුරා සංචාරය කිරීමට කැනඩා රජයට එවැනි ප්‍රශ්න මතු වී නැතැයි නැෂනල් පෝස්ට් පත්‍රය කියයි.
ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ප්‍රශ්නවලට වඩා බරපතල ප්‍රශ්න පවතින චීනයේ නගර පහක සංචාරය සදහා කැනඩා ආණ්ඩුකාර ඩේවිඩ් ජොන්ස්ටන් හා ඔහුගේ බිරිය සතියක සංචාරයකට යති.
විදේශ ඇමැති ජෝන් බෙයාඩ් හා ස්වාභාවික සම්පත් ඇමැති ජෝ ඔලිවර්ද මේ ගමනට එක් වෙති.
චීන ජනපති හා අගමැති හමුවීමට ඔවුහු යති.
චීනයේ මානව හිමිකම් වාර්තාව හොද නැතැයි කියමින් බලයට පත් වු මුල් තාලයේදී හාපර් චීනයට ගියේ නැත.
හාපර්ගේ චීන කැනඩා මතය වෙනස්වීම ගැන චීනය සතුටුවනු ඇතැයිද එමෙන්ම ලංකා ගමන වර්ජනයට ඔහු ගත් තීරණයද කැනඩාවේ සිටින දෙමළ ප්‍රජාව අගය කරනු ඇතැයිද එම පුවත්පත කියයි.
ශ්‍රී ලංකාව හැරුණු විට විශාලතම දෙමළ ප්‍රජාව සිටිනුයේ කැනඩාවේ ය. කැනඩා ආණ්ඩුකාරවරයාගේ චීන ගමනේ අරමුණ ව්‍යාපාරික අරමුණු ඉටුකිරීම වුවත් ලංකා ගමන වර්ජනය කිරීම ගැන දක්වන දෙබඩි පිළිවෙත කනගාටුවට කාරණයකිද එම පුවත්පත සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාව ලෝක ත්‍රස්තවාදයට උදව් කරන ප්‍රධාන පෙලේ රටක් .ඔවුන් කොටි සංවිධානයට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 12 බැඟින් ලබා දුන් බව දැන් එලි වෙලා තියෙන්නෙ. (ස)
සහතික ඇත්ත.මෙහෙට නම් එන්න එපා.මානව හිමිකමක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. (නි)
දැන් ලංකාවේ විපක්ෂය තියෙන්නේ කැනඩාවේ. ඒ අනුව විපක්ෂ නායක කම කැනඩා අගමැති ස්ටීවන් හාපර් හට හිමි විය යුතුය. මොකද අද රටේ සිද්ධ වෙන අපරාධ ගැන ඇත්ත කතා කරන්නේ කැනඩාව විතරමයි. (නදී)
කරුණාරත්න ටොරොන්ටෝගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
ප්‍රදීප් ,ඔය ඉගනගන ලොකු රැකියාවල් කරන එක සිංහල මිනිහෙක් ;සාමාන්‍ය සිංහල මිනිහෙක් දිහා ඔලුව උස්සල බලනවද ? මගේ පිළිතුර නැහැ කියන එකයි . සරණාගත විදියට ආවත් ,මොනවිදියකින් ආවත්,ජාතිය ගැන කැක්කුමක් සිංහලයට නැති එක ගැන මටත් දුකයි ;කැනඩාවේ විතරක් ද ? නැහැ (දිල්)
කරුණාරත්න කියන එක 100% ඇත්ත. මෙහෙ ඉන්න සිංහලයන් රට ගැන ජාතිය ගැන හිතන්නේ නැහැ. නමුත් දමිළයා නිතරම තමන්ගේ ජාතිය ගැන හිතනවා (නි)
කරුණාරත්න කියන දේ හරියට හරි. අපේ සිංහල අය ලෝකයේ කොහේ ගියත් එක විදිහම තමයි. එනකොට එන විදිහ අමතකයි. ඇවිල්ලා පිළිවෙලක් වෙලා රැකියාවක් කරලා වාහනයක් එහෙම ගත්තහම මුල අමතකයි. (නි)
කැනඩාවේ පැත්තකින් ඊළම හදාගත්තා නම් නරකද? (නි)
අන්ස්ලම් ප්‍රේමදාස යුගයේ මානව හිමිකම් කඩ උනා කියා කියා අපි ඉදිරියටත් එම මාර්ගයේම යායුතු ද? හපර්ගේ කතා කෙසේ වෙතත් අපි අපේ රටේ නිතිය හරියට ස්ථාවර කරගැනීම අපේ රටේ අනාගතයට සුභය. (ස)
කන්න ඕන වුනහම කබරයත් තලගොයා කර ගන්නවලු. මේකත් එහෙම දෙයක්. අවසන් සටන කරන වෙලවෙ බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල් කියපු විදියට වැඩ කලේ නැති වාඩුව දැන් ගන්නවා. (ස)
අගමැතිට ඕන මානව හිමිකම් රැකිල්ලක් නැහැ. එයාගේ දේශපාලන ගමන නතර වෙයි කියන බයට ඔය බහිලා ගහන්නේ. (ස)
කි.මී. 15000 කටත් ඈතින් ඇති කුඩා ලංකාවේ මානව හිමිකම් ගැන ඔයතරම් කැක්කුමක් ඇති ඔබට තම රටේ ලංකාව මෙන් 10 ගුණයක් පමණ ලොකු `ඇල්බර්ටා´ ප්‍රදේශයේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් නොපෙනෙන්නේ මන්ද?තෙල් සමාගම් රසායනික ද්‍රව්‍ය යොදා ඒ ප්‍රදේශයේ පොළවේ ඇති තෙල් විශාල වශයෙන් නිශ්පාදනය කරමින් එහි ඇති විශාල ස්වාභාවික වැව් පොකුණු ගංගා මත්ස්‍යයන් මෙන්ම වෘක්ෂලතාවෙන් පිරුණු වනාන්තර සහ ඒවායේ ජීවත්වන සතුන් විනාශ කරමින් පිළිකා රෝග සෑදීමෙන් දිනපතා මියයන වැසියන්ගේ (කැනඩාවේ ආදිවාසීන්ගේ) ගණන වැඩි කරමින් කරන විනාශය දැක දැක නිශ්ශබ්දව සිටින්නේ මන්ද? (නි)
හරියටම කිව්වා කරුණාරත්න නම් (නි)
අනේ හොඳයි. එයාලට ඒ ජනතාව හොඳයි නම්, වටිනවා නම් අනේ තියාගන්න. තවත් ඕනෑ නම් ඕනෑතරම් දෙන්න පුළුවන්. (නි)
මානව හිමිකම් කඩවී නැතැයි කියන්නේ ජනතාව ගැන නොසිතන අයයි. (නි)
හාපර් අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...... (නි)
හාපර් හරි... (නි)
කරුණාරත්න ටොරොන්ටෝ ,ඔබ කියූ ටික අපි සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රමාණවත්. (නි)
කරුනේ, ඔයාගේ කතාව වැරදියි. සිංහල වැඩිදෙනෙක් උපාධිදාරීන් ලෙස පැමිණි,උසස් රැකියා කරන කට්ටිය. දෙමළ 90% සරණාගත විදිහට පැමිණි කට්ටිය. වැඩිපුරම කම්කරුවන් , පිරිසිදුකරන්නන් ලෙස ඒ කට්ටිය වැඩ කරන්නේ. දෙමළ ඉතාම ටිකයි ඉහළ රැකියා කරන්නේ. (නි)
අනේ අපි නොදන්නා මානව හිමිකම්..? (නි)
ඇත්තම කියනවා නම් කැනඩාවේ දමිළයන්ට තිබෙන තැන අප සිංහලයනට නැත. වෙළඳ ව්‍යාපාර හිමියන්, ඉංජිනේරුවන්, දොස්තරලා, මන්ත්‍රීවරුන්ගේ සිට පහළ මට්ටමේ කම්කරුවන් දක්වා ඔවුන් සිටිනවා. සිංහලයන් සිටියත් කරන්නේ සංවිධාන සාදාගෙන බෙදී, ඔවුන්ගේ විනෝද වීම සදහා සති අන්තයේ මධුවිත බී නටන එය පමණය. දමිළයන්ගෙන් වෙන සේවයත් කැනඩාවට ඉමහත්ය. ආර්ථිකව සහ දේශපාලන සමාජීය අතින් අපට වැඩිය ඔවුන් කැනඩාවට වැදගත් වේ. (නි)
හොඳ කියමනක් නිහාල්. (නි)
කියුබෙක් ප්‍රාන්තය වෙන් වෙන්න ඉල්ලූ දාට, ද්‍රවිඩ අය ඒකට උදව් කරයි. එදාට කැනඩාවට වැටහෙයි වෙච්ච වැරැද්ද. (නි)
කරුණාරත්නගේ කතාව සම්පූර්ණ ඇත්ත (නි)
අපි හාපර් මහතාගේ අදහස අනුමත නොකරන මුත්, හැම රටකම ලංකාවත් ඇතුළුව මිනිස් අයිතිවාසිකම් සුරැකීම අවශ්‍යයි. එය අපේ යහ පැවැත්මට හොඳයි. මිනිසුන් වසයෙන් අපේ අදහස් වලත් තැනක් ලැබිය යුතුයි. මෙය කවුද බලයේ ඉන්න කියන එක ප්‍රශ්නයක් නෙමේ. (ස)
අපරාදේ, හාපර් ලංකාවට නොපැමිණීමෙන් හාපර්ට හොපෙර් එකකවත් කන්ඩ ලැබෙන්නේ නෑ. (ස)
77 ඉඳලා 94 වෙනකන් මානව හිමිකම් තියා ලංකාවක් තිබුනද කියලා හොයපු නැති අය අද කිඹුල් කඳුළු හෙලනවා. වසන්තත් ගිහින් කිඹුලගේ කඳුළු පිහින්න. (ස)
කොහොමත් හාපර් ඔලුව හොඳ නැති කෙනානේ. මොනවා කරන්නද කොච්චර දඩ ගැහුවත් ඔහොම තමා. (ස)
මොන රටේ හිටියත් සිංහලයා සිංහලයට විරුද්ධයි . හාපර් මත්තයත් එහෙම තමයි. ඒවා ඉතින් තිත්ත ඇත්ත කිව්වොත් වැරදී නැහැ .හැමවෙලේම බලන්නේ පාගල දාන්න මිසක් උඩට ගන්න නෙවෙයි .අලුත් මුණක් දැකපුවම ආපු කාලය දේශය දීපය හොයලා එයාලගේ පුරාජේරුව කියවනවා . උදව් කරනවා කියන එක ගැන කියල වැඩක් නැහැ .ඒ අතින් දෙමල, මුස්ලිම් එක හඬට ඉන්නවා.මමත් කරුගේ කීම අනුමත කරනවා. (ස)
අපි මානව හිමිකම් වලට ගරු කළ යුත්තේ, මානව හිමිකම් ආරකෂා කල යුත්තේ, අපේ මිනිසුන්ට මිනිසුන් වශයෙන් අභිමානයෙන් ජීවත්වීමට ඉඩ කඩ සලසා දිය යුත්තේ පිටරටවල් කියන නිසාවත් ඔවුන් රවටන්නවත් ඔවුන්ට බයෙවත් නෙමෙයි. තර්ක විතර්ක දාල පිල්ලෙයිට හරි එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට හරි පහර දෙන්නවත් නොවෙයි. අපි සත්‍ය වශයෙන්ම මානව හිමිකම් අපේ ජනතාවට දිය යුතු නිසයි. (ස)
ඔවුන්ට කියා රටක් නැති නිසා ඉපදුන රට ගැන ඔවුන්ට කැක්කුමක් ඇති වෙන්නේ නැහැ.සිංහලයා රට බේරා ගැනීමට සටන් කරනවිට ඔවුන් එහි පාලන බලය සුද්දාගෙන් ලබාගන්න මහන්සි ගත්තා. (නි)