නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින නිරූපිකාවක වන කේන්ඩල් ජෙනර් සහ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු වන හැරී ස්ටයිල් සමග තිබෙන පෙම් සම්බන්ධය පිළිබඳව බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව වන්නේ ඔවුන් දෙදෙනා විසින් මෙම සම්බන්ධතාවය පිළිබඳව කිසිඳු දෙයක් ප්‍රකාශ නොකර සිටීමය. මේ පිළිබඳව කේන්ඩල්ගේ ඥාති සහෝදරියක වන (කිම් කාර්ඩිෂන්ගේ නැඟණිය) කෝල් කාර්ඩිෂන් පවසා ඇත්තේ, "මම දන්නෙ නැහැ ඒ දෙන්නා පෙම්වතුන් කියලවත්. නමුත් ඒ දෙන්නා එකට ඉන්නවා මම දැකලා තියෙනවා. එහෙම ඉන්නවා කියලා ඒ දෙන්නා පෙම්වතුන් වෙන්නෙ නැහැ" යනුවෙන් ඇය පවසා ඇත. මේ පිළිබඳව බොහෝ අය විවිධ අදහස් දැරුවත් ඔවුන් දෙදෙනා මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් නොකරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd