IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කැනඩා වැසියෝ ඡන්ද පොළට

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය. 

කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 343 කින් සමන්විත වන අතර, බහුතරය සඳහා ආසන 172 ක් අවශ්‍ය වෙයි. කැනඩාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන්නේ ‘ලිබරල්’ පක්ෂය සහ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. 

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර, මේ වනවිට බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂයේ නායක මාර්ක් කාර්නී කැනඩා මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය හොබවයි. 

කාර්නී පක්ෂ නායකත්වයට පත්වූයේ පසුගිය මාර්තු මාසයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසුවය. මෙම මැතිවරණයෙන් ජනවරමක් හිමිවුවහොත්, කාර්නී දිගටම කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.

කැනඩාවේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන්නේ, කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා සහ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන්නේ පියේ පොලිවියේය. ඊට අමතරව, තවත් අපේක්ෂකයෝ පස් දෙනෙක් ද මැතිවරණයට ඉදිරිපත් වෙති.

පසුගිය ජනවාරියේ පැවැති ජනමත සමීක්ෂණවලින් පෙනී ගියේ කොන්සවර්ටිව් පක්ෂයට පැහැදිලි ජයක් හිමිවනු ඇති බවය. කෙසේ නමුත් විපක්ෂය වන ලිබරල් පක්ෂය ද කොන්සවර්ටිව් පක්ෂයට අභියෝගයක් වීමට ඉඩ ඇති බව මේ වනවිට පෙනී ගොස් ඇත. ඒ, ඇමෙරිකාවේ තීරු බදු හේතුවෙන්, කැනඩා ආර්ථිකයට එය එල්ල කරන බලපෑම හේතුවෙනි.

කැනඩාව, ඇමෙරිකාවේ අසල්වැසියාය. ලොව සෙසු රටවලට සේම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවට ද තීරු බදු පනවා ඇත. මෙය කැනඩාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල කිරීමට සමත් විය. කාර්නී, පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා වීමට පෙර, පක්ෂ නායකයා වූයේත්, අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේත් ජස්ටින් ටෲඩෝය.

ට්‍රම්ප්ගේ තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ටෲඩෝ අතරේ මත ගැටුම් පැවැති අතර, එම මත ගැටුම් හේතුවෙන් ටෲඩෝ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ටෲඩෝ පියවර ගත්තේය. මාර්ක් කාර්නී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ඉන්පසු පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමෙනි.

 

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

කැනඩා වැසියෝ ඡන්ද පොළට

සෙනරත් Monday, 28 April 2025 12:43 PM

කෝනී , ටෲඩෝ පාලක ලිබරල් පක්ශේ.... කොනසවර්ටිව් නොවේ

:       0       2

Steve Monday, 28 April 2025 05:15 PM

පක්ෂ පටලවලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 479 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site