කැනඩාවේ රැකියා පතා මිනිස් ජාවාරම් කරුවනට අසුවූ ශ්‍රී ලංකිකයෝ 148 දෙනෙක් දකුණු අපි‍්‍රකාවේ ඩෙනිමි රාජ්‍යයේ සිට අද ශ්‍රීලංකාවට පිටුවහල් කරනු ලැබූහ. පිරිමින් 148 දෙනකු හා ළමයින් දස දෙනකුද අයත් මේ පිරිස ඉන්දියාව,ඩුබායි, අයිස් අබාබා ඔස්සේ ඩෙනිමි රාජ්‍යයට ගෙනගොස් මාස හයේ සිට අවුරුදු තුන දක්වා අතරමං කරණු ලැබ සිටියහ.