කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී මුස්ලිම් ආගම වැළඳගත් කැනඩා ජාතික තරුණයෙකු යුද ස්මාරකයෙහි මුර සේවයේ යෙදී සිටි සොල්දාදුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමත් අනතුරුව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා වැදීමත් සැළවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවී හදිසි තත්වයක් ඇතිවුවහොත් ගතයුතු ආරක්ෂක විධි විධාන පිළිබඳව කතා බස් කර ඇත.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රිතාන්‍යයේ තරුණ ජිහාඩ්වරු 1500 ක් පමණ දැනට සිරියාවේ සහ ඉරාකයේ පවතින යුද්ධයට ස්වේච්ඡාවෙන් සම්බන්ධවී සිටිති. යුද්ධය පිළිබඳව මන#කල්පිත වීරත්වයක් සිත්හි මවාගෙන ඉන්නා මේ පිරිස අතර තරුණියන්ද වෙති.
මේ සියලුමදෙනා ජිහාඩි අන්තගාමීන් බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති අන්තවාදී සංවිධානයන්ගේ ආභාෂය නිසා බව පොලිසිය විශ්වාස කරයි.
ඔටාවා සිද්ධිය සැළවූ වහාම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් සේවය සහ එම් අයි 5 රහස් ඔත්තු සේවය ලන්ඩන් නුවර පාර්ලිමේන්තු පරිශ්‍රය, බකින්හැම් මාලිගා භුමිය ගුවන් තොටුපළවල් සහ අනෙකුත් සියලුම ස්ථාන සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සැපයීමට කටයුතු යොදා ඇත.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියේ "නිරන්තරයෙන් දැඩි විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව සිටිනා" ලෙසටය.
ත්‍රස්තවාදයේ භයානක උවදුර බ්‍රිතාන්‍යයටත් ඇතුල්වී ඇතිබව පිළිගත් අගමැති වරයා එම උවදුර පරාජය කිරීමට අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.
බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌තවාදී ක්‍රියා ඇතිවීමේ හැකියාව සිකුරාදා වනවිට "දැඩි" ස්ථාවරයේ සිට "උග්‍ර" ස්ථාවරය දක්වා ඉහළ නැංවීමට ආරක්ෂක අංශ නිගමනය කර ඇත.
පාර්ලිමේන්තු ආරක්ෂක කොමිටුවේ හදිසි රැස්වීමක්ද ඊයේ කැඳවනු ලැබීය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායක සහ විපක්ෂ නායක වරුන් කැනාඩා රජයට සහ ජනතාවට බ්‍රිතාන්‍යයේ කනගාටුව ප්‍රකාශ කළ අතර ත්‍රස්තවාදය පරාජය කිරීම උදෙසා එකමුතුව කටයුතු කිරීමට සුදානම් බවද දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි කලයුත්තේ කැනඩාවේ සටන් කරන අය විමුක්ති කාමීන් ලෙස පිළිගන්න බව කීමයි. (නදී)
කොටි ත්‍රස්තයන්ට උඩගෙඩි දෙමින් හැමදාම කටයුතු කරන කැනඩාවට කවදාහරි වෙන්නේ "අහකයන නයි ඔඩොක්කුවේ දාගෙන කනෝ..කනෝ..කියලා කෑගහන්න." (නදී)
කැනඩාවේ අගමැති තුමාට හරිම කැක්කුමක් තිබුන නේද පහුගිය දවස්වල. අපේ කැලෑවල ඉඳලා එහෙට පැනගත්ත අහිංසක පුල්ලි මල්ලිලා ගැන. බන්දුල පෙරේරා කියන දේ වැඩිය ඈතට යන්නේ නෑ. තවත් අවුරුදු කීපයක් වෙන කොට එම පැතිවලත් ඊලාම් ඉල්ලීම් අහන්න පුළුවන් වේවි. (නදී)
ශාන්, ඕස්ට්‍රේලියාවටත් ටිකක් දැනිලා තියෙන්නේ. (නදී)
දෙවියනේ ගහපන් ඔය යුරෝපයටම (නදී)
අපේ බන්දුල පෙරේරා ශ්‍රීමතාණන් හාවා හඳ දකින්න වගේ මඩ ගොහොරුවෙන් ගොඩට ඇවිල්ල පුංචි පහේ සිංහ නාදයකුත් කරනවා. ඒක තමයි සැබෑ හර්ද සාක්‍ෂියේ දෝංකාරය. (අ)
මොහු පසුගිය කාලය පුරාම විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙක්ලු නේද? නමුත් මෙයින් මුළු රටම ගැස්සුන බව නම් ඇත්ත. (නි)
ලගදීම ඉතාලියටත් දැනෙයි අවදානම . (නදී)
අනේ කොච්චර වටිනවද ඒ වීරයා කරපු වැඩේ. ජය වේවා. (නදී)
ත්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අපේ රටට ,ත්‍රිවිද හමුදාවන්ට ,රජයට හා අතහිතදුන් සැමට වින කරන, සියලුම රටවලට, රජයන්ට හා සන්විධානවලට දැන්වත් ඇස් ඇරෙයිද?. (ර)
මේ රටවල් දෙකටම මේවා හොඳ පාඩම් (නදී)
කොටි සංවිධානයට උඩගෙඩි දෙන, මුදල් හා අනෙකුත් ආධාර හා ආරක්ෂාව සපයන, ලංකාව දෙකඩ කිරීමට කටයුතු කරන කැනඩාව බ්‍රිතාන්‍ය යන රටවලට ත්‍රස්තවාදය පාරාවළල්ලක් වී ඇත (නි)
අහක යන නයි ළංකර ගත්තහම ඔහොම වෙනවා. අපරාදේ හොඳට තිබුණු රටවල් විනාශ වෙනවා. අපේ රටට වෙලා තියෙන්නේත් ඕකම තමයි. (නි)
ඉදිරි දශකයේදී කැනඩාවෙන් කෑල්ලක් අපේ අයියලා ඉල්ලන්න ගත්තට පස්සේ තමයි ඔය මානව හිතවාදීන්ට ලෝකේ ඉන්න ත්‍රස්තවාදී ඔක්කෝටම සරණාගත ලේබලයෙන් රැකවරණ දීපු පාප කර්ම නියමාකාරයෙන් පඩිසන් දෙන්නේ. (නදී)
බන්දුල පෙරේරා නියම අදහසක් ඉදරිපත් කරලා තියෙනවා, හරියටම හරි. (ස)
ධිට්ට ධම්ම වේදනය පල දුන්නා ඔහුට ජය !!! (නදී)
ලොව බිහිසුනුම ත්‍රස්තවාදී නායකයෙකු මරා දමා ඔහුගේ කණ්ඩායම මෙල්ල කල අපිට නැති බොරු මවා පා දඬුවම් කිරීමට සුදානම් වන අයට මේවා හොඳ පාඩම්. දැන්වත් ත්‍රස්ත වාදියගේ නියම ස්වරුපය මේගොල්ල ඉගෙනගතහොත් යෙහෙකි. කෙනෙකුගේ විපතකදී සතුටුවීම මිනිස් ගතියක් නොවුවත් මේවාට සතුටු නොවීත් බැහැ. (නදී)
ත්‍රස්තවාදය නැති කළ අපේරටට කෙනිහිලිකම් කළ අයටම ත්‍රස්ත බිය දැනීම ස්වභාව ධර්මයේ අභියෝගයක් වෙලා වගේ, අපේ රටට දළදා සමිදු පිහිටයි!.........වැසියනට තෙරුවන් සරණින් ජයම වේවා!. (අ)
හොඳම වැඩේ. අහිංසක අපේ රටට කියන කරන දේවල් එයාලාටම පලදෙනවා. යුරෝපයටම ඕවා දැනෙන්න ඕනේ. (නදී)
කැනඩාව වගේ සාමකාමී රටවලට අන්තවාදීන්ට එන්න දීපු එකේ වැරැද්ද දැන් කෑඕ කියනවා (නදී)
මොනවා වුණත් කවුරුත් පිළිගන්න ඕන අයිඑස්අයිඑස් ,තලේබාන් ඇමෙරිකාව ඇතුළු රටවල් .පිටරට වල තමුන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න හදපු සංවිධන බව .පස්සේ වැරදුනු බව හැබැව ,අවි ගත්තෝ අවියෙන්ම නසිති (අ)
ලෝකෙට කරන විනාසයක්! (නදී)
ඔවුන් වහාම තහනම් කරන්න .(දිල්)
ඉතාම හොද පුවත කොටි සංවිධානය උඩගෙඩි දෙන මුදල් හා අනෙකුත් ආධාර හා ආරක්ෂාව සපයන ලංකාව දෙකඩ කිරීමට කටයුතු කරන කැනඩාව බ්‍රිතාන්‍ය යන රටවලට මෙය මෙයටත් වඩා තදින් දැනිය යුතුය (දිල්)
ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අයටම දැන් ත්‍රස්ත පහර එල්ල වෙන්න පටන් අරන්. අපේ රටට කරන කෙනෙහෙලි කම් දැන්වත් නතර කලොත් හොඳයි. මේ ත්‍රස්තවාදයේ භයානක කම තේරුම් ගන්න (නදී)
කොටි තහනම යුරෝපයෙන් ඉවත්කළා වගේ අනිත් ත්‍රස්ත සංවිධාන වලත් තහනම ඉවත් කරන්න තියෙන්නේ. ඔවුන්ගේ කනකොට ත්‍රස්තයෝ, අපේ කනකොට වීරයෝ. වෙන්න ඕනෑ දේ ස්වභාව ධර්මය කරයි ගානට. වැඩිය කල් නොයවාම. (නි)
මේ ත්‍රස්තවාදියෝ නරකයි, කොටි ත්‍රස්තවාදියේ හොදයි නේද යෝදයෝ (නදී)