ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ස්ථාපිත කරමින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව ඇතුළු සියළු දෙනා අතර සාමය සහ සංහිදියාව ඇතිකිරීමට ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙලට ඕස්ට්‍රේලියා හා කැනඩා අගමැතිවරුන්ගේ ප්‍ර‍ශංසාව ලැබිණි.

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අතරතුර අද ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතා හමු වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ ද්වි පාර්ශ්වික සාකච්ඡා අතරතුර ඔවුහු ශ්‍රී ලංකා රජයට සිය ප්‍ර‍සාදය පළ කළහ.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

Austrailia 01(1) Canada 01 - Copy