පෑලියගොඩ බියගම පාරේ දුම්රිය පාලම යටින් අද (8) අලුයම ධාවනය වූ කන්ටේනරයක් පාලමේ හැපී රේල් පීලි කැඩී ගියේය. මෙම පාරේ කන්ටේනර් හා මීටර් 3.5කට වඩා උසැති බරවාහන ගමනාගමනය සපුරා තහනම්ය.
පාලමේ හැපුණු කන්ටේනරයේ වහලද කැඩී හැකිලී ගොස් ඇත. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
අද පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි මගීන් විශාල පිරිසකට මහමග රස්තියාදු වීමට සිදුවිය.
බ්‍රහස්පතින්දා ද දුම්රියක ටිපර් රථයක් ගැටීම නිසා උදේ වරුවේ දුම්රිය ප්‍රමාද විය.
ඡායාරූප - මලීෂා ගුණවර්ධන
ඡායාරූප - අමිල දර්ශන හේරත්
ඡායාරූප - කවීතා මධුෂානි
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - අමිල දර්ශන

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටවල් දියුණුව තිබෙන විදියත්, ලංකාව තවමත් නොදියුණු තත්වයෙන් තිබීමත් හරිම කණගාටුදායකයි. මේකට හේතුව ලංකාවේ මිනිසුන් තවමත් විශ්වාස කරන්නේ වසරක් පුරා තිබෙන ඡන්දයේදී කුමන පක්ෂයකට ඡන්දේ දීලා මගේ බඩ පුරවන්නේ කොහොමද යන ප්‍රශ්නය පමණි. (නි)
අහිංසක ජනතාව මරුවා සමග වාසේ. සුද්දාගෙන් පස්සේ අවුරුදු 68ක් මේ රට පක්ෂ දෙකක් ආණ්ඩු කළා. සුද්දා හදපු රේල් පාරවල් වල දුවන කෝච්චි ටික විතරයි. හැමදා බාල දුම්රිය ගෙන්වනවා ඉන්දියාවෙන් කොමිස් නිසා.රටක ගමනා ගමනය ප්‍රධාන දෙයක් එ්කට ලංකාවේ මේ බලන්න ඉතින් (බ)
නොසැළකිල්ලනේ මේ හැමදේටම මුල (නි)
එක් කෙනෙක් නිසා කී දාහක් දුක් වින්ඳද? පාලමට තරමක් ඉදිරියෙන් එම උසට බාධකයක් පිහිටුවීම සහ පාරට ඉහළින් සුදු බැනරයක ලොකු අකුරින් අනතුරු ඇඟවීමක් දැමීම කළයුතුයි. පැය විසි හතරේම පොලිස් මුරපොලක්ද අවශ්‍යයි. (නි)
මේ වගේ පාලමකට ඇතුළු වෙන්න කලින් වාහනයට උස ගැන අනතුරු දක්වන සංඥාවක්, වාහනයේ වදින විදියට සවිකරන්න ඕනෑ. එතකොට යන්න බැහැනේ (නි)
මේ පාලම ළඟටම ගියාම තමයි උස ප්‍රමාණය සඳහන් පුවරුව තියෙන්නේ. මෙය දුටුවාට පසු කන්ටේනරයක් නම් නැවත මීටර් 50ක් විතර පසුපසට ගමන් කළයුතුයි එය හරවා ගැනීමට. දිවා කාලයේ නම් වාහන තදබදය නිසා ඉතා අසීරුයි. මේ පුවරුව තව ඉදිරියෙන් සවි කළයුතුයි. (නි)
මේවාගේ උසින් අඩු පාලම් වලට මීටර් සීයක් දෙසීයක් දෙපසින් පාලමේ උසට සමානව අනතුරු ඇඟවීමේ ක්‍රමයක් හදන්න කාලේ ඇවිත් . මොකද ලංකාවේ රියදුරන්ගේ දැනුම , විනය , ස්ථානෝචිත ප්‍රඥාව වගේ දේවල් ඇත්තෙම නැහැ (බ)
මොන ප්‍රශ්න තිබුනත් මෙවන් අවදානම් විදියට දුම්රියේ ගමන් කළ යුතු නැත. අප බංග්ලාදේශයේ තත්වයට දුම්රිය සේවය පත්වීම ගැන ලජ්ජා විය යුතුය. (බ)
දැන් ලංකාව ඉන්දියාව වගේමනේ කොතරම් ලස්සනද (බ)
දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. මෙලෙස ජිවිත පරදුවට තබා ගමන්කිරීම් නතර කරන්න තමයි දුම්රිය ආරක්ෂක හමුදාවක් හැදුවේ. නමුත් අවාසනාවට ආරක්ෂක අංශයටත් පාලනය කිරීමට බැරි තරමට වැඩේ දුරදිග ගිහින් (නි)
මේචචර නූගත් අය ඉන්නවා කියා දැනගත්තේ අදයි (බ)
කෝච්චිවල මෙහෙම එල්ලිලා යනකොට ඉන්දියාවටයි, බංගලිදේසේටයි අපි ඉස්සර විහිළු කළා. ඔන්න දැන් අපිට කරුමය පටිසන් දීලා. (බ)
ලංකාවේ රියදුරු අසුනේ හිඳ ගන්නා බොහෝ දෙනෙකුට තමන් මිනිසෙකු බවත් මිනිසා යනු තිරිසනාට වඩා උතුම් සතෙකු බවත් අමතක වීම සාමාන්‍ය තත්වයයි. (බ)
තමන්ට නුසුදුසු දේවල් අතට ලැබුනාම ඔහොම තමයි. ලංකාවේ කොතනත් ඔහොම තමයි. මේ වගේ අනතුරු වීඩියෝ කරලා රටට පෙන්වන්න පුළුවන් හින්දා අපිට ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්. නමුත් අනිත් තැන් වල සිදුවෙන දේවල් ඔයිට අන්තයි. ඒ සිද්ධි වීඩියෝ කරලා පෙන්වන්න බැරි හින්දා අපේ රටේ මිනිස්සු තවමත් රෙදි ඇඳගෙන රාජකාරිය කරනවා. (නි)
අපේ රටෙත් ඉන්දියාවේ දුම්රිය වගේ. (බ)
පාලම යටින් ඝණ යකඩ වැටක් හෝ කොන්ක්‍රීට් එකක් දමන්න සඳහන් උසට අනුව (නි)
කන්ටේනරය රාජ සන්තක කරන්න (බ)
යහපාලනයට හොඳටම අපලයි. එක්කෝ කඩනවා, නැත්නම් කැඩෙනවා. කඩන්නේ හදන්නලු. නමුත් හැදු දෙයක් තාම නැහැ. මාස 15ක් තුළ නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ! (නි)
නීතිය නොතකන මේ වගේ නොසන්ඩාලයන්ට අලාභයත් අය කරගෙන උපරිම දඬුවම් දීල රියදුරු බලපත්‍රය සදහටම අවලංගු කරන්න ඕන. දැන් මේක නිසා කී දෙනෙක් රස්තියාදුවේද? (බ)
පියල්,උපාලි, ගමගේ, ඔබ හරියට හරි. මෙවැනි නොසැළකිලිමත් බර වාහන රියදුරන්ට සහ මාර්ග නීති පිළිනොපදින දඩබ්බර රියදුරන්ට උපරිම දඬුවම් දිය යුතුවේ. (නි)
මට තවමත් පුදුම හිතෙනවා මහින්ද මේ අය එක්ක යුද්ධය දිනුවේ කොහොමද, අධිවේග ටික හැදුවේ කොහොමද කියලා, මේ අදහස් දකිනකොට (නි)
මෙයට පෙර වෙනත් බාධකයක් දමා මෙය නතර කළ යුතුයි. නැතිනම් මෙය නැවත වෙන්න පුළුවන්. (බ)
දුම්රිය ගොඩගන්න නම් පළමුවෙන්ම පරිපාලනය හොඳ පුද්ගලික සමාගමකට ලබාදෙන්න (නි)
මේ පාලමේ මොන කාලෙ ඉඳලද මේ ප්‍රශ්න? දැන් කරන්න තියෙන්නෙ රේල් පාර අලුතෙන් උස්සලා හදන්න බැරි එකේ යට තියෙන පාර ටිකක් පහළින් දාන්න. (නි)
පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්. කොහොමත් හෙට අනිද්දට හොඳ හොඳ ඒවා ලැබෙයි (නි)
දෙවියනේ! ඉන්දියාවට අන්තයිනේ. අපේ රටේ මිනිසුන්ට දේශපාලනයේ දුගඳ නොදැනෙන්නේ කුමන කරුමයකටද? (නි)
පියල් උපාලි හරියටම හරි (හේ)
දියුණු රටවල දුම්රියෙන් ජනතාව ලබන සේවය කොතරම්ද. අපි ශතක ගණනාවක් පිටුපසින්.(හේ)
නැතිබැරි එකා මරුවා සමගයි වාසේ. (හේ)
බලන්න මෙතන නොහික්මුණු , දඩබ්බර , අවිනීත රියදුරෙකුගේ අඥාන ක්‍රියාව නිසා වෙලා තියෙන අකරතැබ්බය. කීදෙනෙකුගේ ගමන් වල බාධා වුනාද . මොහුට උපරිම දඬුවම් දීලා බලපත අවලංගු කළ යුතුයි. (හේ)
රියදුරුගේ වරදක් නෑ. ප්‍රධාන පාරක ඔවැනි ස්ථානයක් නිලධාරීන්ට පාලකයන්ට පේන්නෑ අන්ධයො ඔවුන්. (බ)
සුද්දා හිටියානම් අපේ රට හොං කොං වගේ තමා. බොරු දේශප්‍රේමය තවම හිඟාකනවා (බ)
මොකද දන්නේ නැහැ අර සේනාව මොකුත් කිව්වේ නැත්තෙ (බ)
ලංකාවේ දුම්රිය ගමනාගමනය ඉන්දියාවේ එකට වඩා වසර 30 ක් වත් පසුපසින් ඉන්නේ .. හෙට අනිද්දට ඉන්දියාවේ ලෝකයේ වේගවත්ම දුම්රිය ජාලය [ ජපන් බුලට් ට්‍රේන් ] පටන් ගන්නවා .. එතකොට ලංකාවේ රේල්පාරවල් වල අපද්‍රව්‍ය තියෙයි ..(බ)
අනේ ඉතින් මේ ලංකාවේ දෙවන පන්තියේ ප්‍රදාන පාරක් නේ ..බලන්න පාරේ පළල , ප්‍රමිතිය , මගීන්ට ගමනාගමනයට පදික වේදිකා නැහැ . ඉරි නැහැ . බලන්න කාණුවේ හැටි .අනේ ඉතින් අපි 21 වන සියවසේ ගමන් බිමන් යන්නේ මේ වගේ පාරවල් වලනේ තාම . (බ)
දෑස නොපෙනෙන මොළේ නැති එක මිනිසෙකු නිසා කීදෙනෙකු අතරමඟද? (නි)
අපි පොඩ්ඩක් හිතා බලමු සුද්දා අපිට දුම්රිය සහ මහාමාර්ග හදල දුන්නට පස්සේ අපේම ජනතාව මොනවද හදාගත්ත පාරවල් කියල .. සුද්දාගෙන් පස්සේ අපි තාම පාරවල් හදාගන්නේ පිටරටවල් වලට කියල .. දුම්රිය පාරක් හදාගන්නේ ඉන්දියාවට කියල .. මම නම් කියන්නේ ලංකාවට මහාමාර්ග අමාත්‍යාංශයක් අවශ්‍ය නැහැ (බ)
රියදුරාට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවිය යුතුයි.. මෙය බරපතල නොසලකා හැරීමක් .. ලංකාවේ ඕන ගොනෙකුට රියදුරු බලපතක් ලබාගත හැකියි කියන්න හොඳම උදාහරණයක් මේක (බ)
මට පේන්නේ සමන් අන්ධ වෙලා , මොකද ඔය තැන පැහැදිලිව පේන තැනක්, අනික කන්ටේනර් එක මිටර් 4 උසයි , ඔය පාරේ ම්ට්ර් 3.5 වඩා උස වාහන යන්නේ එපා කියල බෝර්ඩ් එක පැහැදිලිව පේනවා, පට්ටිය හන්දියෙන් යන්නේ පාර තියෙන්නේ , අනික ගෝලයෙකුත් ඉන්න ඕනෙ (බ)
පිටරටවල තිබෙන හැමදෙයම ස්වයං වාරණයක් නැතුව පෙන්නපු රූපවාහිනී වැඩසටහන් බලපු ලංකාවේ මිනිස්සුත් හිතුවා දුම්රිය එන්ජිමේ යන්න. මෙහෙම ගිහින් අනතුරක් වුණොත් එහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවට දරන්න බැහැ. දුම්රිය ආඥාපනතේ තියෙනවා දුම්රිය එන්ජිමේ යන මගියෙකුට දඩ ගසා දඩුවම් කිරීමේ ක්‍රමයක්. (නි)
හැම එකටම යහපාලනයට දොස් කියන්නේ, කට ඇරලා දොස් කියන්න පුළුවන් වාතාවරණයක් දැන් තියෙන නිසයි. මාස 15 කට කරපු දේ මතක නැහැ මිනිසුන්ට. හැමදේම සුමාන 2න් අමතක කරන මිනිසුන්ට මාස 15 අමතකවෙලා හුඟක් කල්. දැන් සුදු වාහන එන්නේ නැහැ. ස්ත්‍රී දූෂණ 100 කරලා පාටි දාන්නේ නැහැ. විදේශිකයන්ගේ බිරියන් දූෂණය කරන්නේ නැහැ. තව තියෙනවා, මාස 15 කට කියන්න (නි)
උස වාහනයක වහලයේ සවිකළ ඇන්ටෙනාවක් මගින් රියදුරාට කල්තබා සංඥාවක් නිකුත් කළ හැකි උපකරන වෙළඳ පොලේ පහසු මිලට ලබාගත හැක . මෙය බර වාහන සඳහා අනිවාර්ය කළ යුතුය (බ)
ලොකු විනාශයකින්නෙ බේරිලා කියෙන්නේ. බැරිවෙලාවක්වත් ඔය වේලාවෙ කෙෝච්චියක් ආවනම් මහා විනාශයක් (බ)
කන්න දෙනවනම් බොන්න දෙනවනම් තව මොනවද ඕනේ..(බ)
ලංකාවේ වගේ නොහික්මුණු, අවිනීත, ආත්මාර්ථකාමී ලෙස වාහන පදවන රියදුරන් ලෝකේ කොහෙවත් නැහැ. වාහනේ අතට ගත්තාම ගාල කඩා ගත්ත මී හරක් වගේ තමයි. (බ)
ඉන්දියාවේ දුම්රියක් වගෙයි. කොහොමත් ඉන්දියන් තමයි මිනිස්සු ඔහොම ජීවිත අවදානමක් ගන්නේ බලධාරීන් හරියට තමුන්ගේ රාජකාරි නොකරන නිසා. (බ)
මරදාන සිට රාගමට සිව්වෙනි දුම්රිය මාර්ගයත් ඉදිකරන ඕනේ.පසුව මය පරණ පාලම වෙනුවට අලුත් පාලමක් උස්කරල හදන්න පුළුවන්. (බ)