ඔරුගොඩවත්තේදී කන්ටේනරයක තිබී සොයාගත් හෙරොයින් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 250 ක් බව ශ්‍රී ලංක රේගුව පවසයි. ග්‍රීස් ටින් තොගයක අසුරා තිබියදී සොයාගත් මෙම කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 250 ක් බව ද රේගු ආදයම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කියයි.
ඔරුගොඩවත්තේදී කන්ටේනරයක තිබී සොයාගත් හෙරොයින් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 250 ක් බව ශ්‍රී ලංක රේගුව පවසයි. ග්‍රීස් ටින් තොගයක අසුරා තිබියදී සොයාගත් මෙම කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 250 ක් බව ද රේගු ආදයම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කරන්නද යන්නේ? (නි)
මේවාට ප්‍රබල අයගේ ආශීර්වාදය ලැබුනට පස්සේ මේවා මත් කුඩු වෙනුවට පොල්කුඩු වෙන්න පුළුවන් .
මේකට සම්බන්ධ ලංකාවේ හොරු ටික ගැන තොරතුරු හොයලා දන්නා කෙනෙක් කියන්න (නි)
මේවා ලංකාවට අවේ කොහොමද (දී)
ඇත්තටම මේවා ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? මම අහන්නේ මේ කුඩු ටික... ඒවාට මොකද කරන්නේ? (නි)
නයන ඔබ හරියටම හරි. වෙන්නේ ඒකම තමයි !!! (ස)
තව කොයිතරම් මග එනවා ඇද්ද? (නි)
අර හොරෙන් ආනයනය කරලා අහුවෙච්ච මීතයිල් ලීට්ර ලක්ෂ ගණනක කන්ටේනරය පසුව නිදහස් කලා වගේ මේකත් ටිකක් වැඩිපුර බදු ගහලා නිදහස් කරලා මෙව්වා මෙහාට ගෙන්නන දේශපාලුවන්ගේ බිස්නස් එක පවත්වාගන්න ඉඩ ලබා දීම බලධාරීන්ගේ යුතුකමක් (අ)
ලංකාව මේ කුඩු වලින් බේරා ගන්න කවුරැත් නැද්ද (දී)
පහුගිය කලේ වෙබ් අඩවි වල නම් තිබුන කුඩු හිගය නැතිවේවි කියල අපි දැක්ක. එක ඉක්මනටම ඇත්ත වෙලා වගේ. (අ)
මගේ නම් නෙමෙයි මට මොකවත් මතක නෑ (දී)
එක පාරක් කුඩු කිලෝ එකසිය ගාණක් අල්ල ගත්තු ඉන්ස්පැක්ටර් සිසිර කුමාරට වුන දී අපි දන්නවනේ.(අ)
සෑම් මීතයිල් ලීට්ර ලක්ෂ ගණනක කන්ටේනර දෙක විතරක් නෙමෙයි,පොර්මලීන් කන්ටේනර දෙකටත් වුන දෙයක් නැහැනේ.(අ)
පව් අනේ! ඕවා ගෙනෙන්න ඇත්තේ ඉන්න ගේත් උගස් තියලා වෙන්න ඇති. උගස හරි බේරලා දීලා ඉතුරුවාට ඕනෑ දෙයක් කරගන්න (නි)
මේ කළු සල්ලි ඒවා ඊට පස්සේ වෙන ව්‍යාපාර වල යොදවලා සමාජයේ ඉහලින් ඉන්නවා. කුඩු විතරක් අහුවෙනවා. තව ටික දවසකින් ආපහු පුරුදු බිස්නස් එකම කරනවා. නීතිය හා සාමය මර්දනය සඳහා පමණක් යොදාගන්න විට මේවා කරන අයට පනින රිලවුනට ඉනිමන් වගේ (නි)
මේවා සමරවිට අර පසු කාලයේ අමතකයි කි පුද්ගලයාගේ වෙන්න ඇති (අ)
මේවා තක්සේරු කරාට වැඩක් නැහැ දේශපාලන අය්යල නිදහස් කර ගන්නවා (අ)
දැන්වත් හිතපල්ලා මිනිසුනේ (නි)
ඔන්න ඔහේ හිමිට ඕක දීල දාන්ඩ. අල්ලපු අයට ගෙදර යන්ඩ වෙන්ඩ ඉස්සල්ල..(අ)
මෙවැනි ලොකු ප්‍රමාණයේ කුඩු ගෙන්වීම රජයේ ප්‍රබල සම්බන්ද කම ඇතිවන්නන්ක් . හෙට අනිද්දට මේ කුදු වලට වුයේ කුමක්ද අපි නොදනිමු . කුඩු ඇල්ලු නිලදාරින්ට වන්නේ කුමක්ද නොදනිමු (අ)
ඔය කන්ටේනරයේ තියන "කුඩු" ඇමෙරිකන් පිටි නොවේවා! එහෙම නැත්තන් අතුරුදහන් නොවේවා! (නි)
ආයෙත් වැඩ පටන් අරගෙන වගේ. (නි)
මේ සිදුවීම ප්‍රථම වරට වුවක් වෙන්න බැහැ.අතීතයටත් අදාලව පරීක්ෂණ මෙහෙයවල මේ රටේ තරුණ පරපුර විනාශ කරලා කෝටිපතියෝ වෙලා ඉන්න එව්වෝ ගැන හොයල උපරිම දඩුවම් ලබල දෙන්න..(අ)
මෙම පරීක්ෂාව කරපු නිලදාරීන්ට ආරක්ෂාව දීල ඉතුරු කටයුතු ටිකත් නීතිමය ලෙස කිරීමෙට ශක්තිය සහ දහිරිය ලැබේවා මීතේල් ලිස්සල ගිය සහ උණ්ඩ කොපුව පෑන් උන වගේ පස්සේ මාරු වෙනද පුළුවන්. මේක ලංකාව. (දී)
පොල් ගෙඩිය ' කෙහෙල් කණ' හොරකම් වගේම . මේකෙත් ඕව ගෙනාපු අයගේ නම් ප්‍රසිද්ද කරන්න .(අ)
..තනිකර කුඩු ජාවාරම් කරන්නේ ඒ අයනේ.සමරවිට .......කරපු ඒවාද දන්නේ නැ.
කියන්නේ නම් ලංකාවට ආදරෙයි කියලා. ඒත් මේ අය කරන වැඩ පේනවා නේද? (නි)
මේවා ලොකු කට්ටියගේ වැඩ නැත්තම් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මොකද? ඔය රාජසන්තක වෙන ඒවාට මොකද වෙන්නේ ? (දී)
මේකටත් ප්‍රබල දේශපාලන බලපෑමක් ඇති හෙට අනිද්දා වෙනකොට මේ සිද්ධිය ගැන වෙච්ච දෙයක් වත් හොයාගන්න බැරි වේවි. (දී)
බලාගෙන ඉන්න කියයි මෙන්නම කියල ගෙන්නපු කෙනාව. පොඩි එකා පොල්ගෙඩිය ගත්තේ ඉස්කෝලෙට සල්ලි ගෙනියන්න, දැක්කනේ එකට දාපු සෙල්ලන් ටික. පොඩි ඒවාට විතරයි. ලොකු ඒවාට මුකුත් නැ (දී)