
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුද බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
මම මේක කිව්වා කියල වෙඩි වදින්න පුළුවන් යයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගමනාගමන කොමිසන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අර්චුනා රාමනාදන්
මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොකද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස් පෝරාව හම්බුනා. තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ බඩු ටික කුමරන් පද්මනාදන් හරහා කේපි ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. අන්තිමට ඉතිරි වෙච්ච ආයුද ටික ගිනි අවි ටික ඒ කන්ටේනර් වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුනේ ප්‍රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා.
මුලසුන
ඔබතුමා වගකීම භාරගන්නවද
රාමනාදන් මහතා
වගකීමෙන් කියනවා කියලා මම සිංහලෙන් කිව්වනේ.
මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පිස්සු කෙලින්න එපා.අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහුවෙන්නෙ නෑ. මේගොල්ලන් යවන්න ඕන අංගොඩ රෝහලට. උතුරු නැගෙනහිර ජනතාවට වැරදීමක් වෙලා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මොකක්ද
බොරු කියන්න එපා. පුළුවන් නම් ඕක සභාවෙන් එළියට ගිහිල්ලා කියන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්චුනාගේ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුව පරීක්ෂණයක් කළයුතු වේ. අර්චුනා පාර්ලිමේන්තුවේ සිටිය යුතු තරුණ දේශපාලකයෙක්...
මේ තුන් ලෝකයම පාලනය කරන්නේ මම. මට ඒක ඔප්පු කරන්න බෑ, ඒත් වගකීමෙන් කියන්නේ..!
බලාගෙන ගියාම කොච්චර දක්ෂ කමක්ද යකඩෝ ඒක!
මේ මනුස්සයා බොහොම උගත් මනුස්සයෙක්, ඔහොම බොරුවක් ප්‍රසිද්ධියේ කියනවා වෙන්න බැහැ , ඔහු කියන්නේ ඇත්ත නම් මේක දරුණුම චෝදනාවක්, රජය ඉල්ලා අස්විය යුතුයි. ආයුධ කොතනටද ගියේ කියල වහා සොයා බැලිය යුතුයි.
එහෙනං මරැ නේ, තෑග්ගක් දෙන්න ඕන අනුර සහෝදරයට!
මු හින්දා තායිලන්තයත් ජාත්‍යන්තර යුද අධිකරණයට යනවා. අන්තිමට වෙන්නේ අර්චුනා ජාත්‍යන්තර වැරදිකාරයෙක් වෙනවා. මේ කතාව ඇත්ත නම් තායිලන්තය ජාත්‍යන්තර වශයෙන් අපකිර්තියට ලක් වෙනවා. සමහර විට ජාත්‍යන්තර සම්භාදක වෙළෙන්දන් පුළුවන්.
ට්‍රැක් අවුල් වෙච්ච උන් දැකලා තියෙනවා... මේ තරම් ට්‍රැක් පනපු කෙනෙක්ම දැක්කමයි. මූ වෙනුවෙන් උනත් වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල් .ජාතික අපරාධ
ඕකේ ඉන්න හුගක් අයියලා වරප්‍රසාද වලට මුවා වෙලා ඕක ඇතුලේ තමා නැටුම් නටන්නේ.ඒක ආන්ඩුව ද විපක්ෂ ය ද අදාල නෑ.මේ කීව දේ බොරු නම් ඒ කන්ටේනර් වල තිබ්බ ඒවා ගැන කියන ඒකනේ ඇත්තේ.
දැන් එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නෙ බය නැතුව ඕන බොරුවක් කියන්න පුළුවන් එකද... වගකීමෙන් කියනවා නම් පාර්ලිමේන්තුවෙන් එලියෙදි ඔක ගැන ප්‍රශ්න කරන්න...
බොහෝම භයානක ප්‍රකාශයක්. කොහොම වුණත් "වරප්‍රසාද" වලට මුවා වෙලා ඕනෑම කෙප්පයක් ඉතින් ජරා සභාව ඇතුලේ කියන්න පුළුවන්. එළියට ඇවිල්ලා එවැනි දේවල් කියන්නේ නැහැ. ඉතින් ඔය "වරප්‍රසාද" කියන එක මේ කපේට නැතිවෙන්නෙ නැහැ. ආණ්ඩු පක්ෂයටත් අඩු වැඩි වශයෙන් විපක්ෂයට දමලා ගහන්න පුළුවන් ආයුධයක්නේ වරප්‍රසාද කියන එක. ඉතින් වරප්‍රසාද හැමදාම තියෙයි. 225ම භාවිතා කරයි.
මුට පිස්සු .යවන්න ඕනේ අංගොඩ
එන්න එන්න ඩොබිලා ටික .මහ ජරාව ගොඩක් තියනවා
කතානායකවරයාට පුලුවන් මේ ගැන සොයා බලන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න, ඊට පස්සේ එිකේ නිර්දේශ මත ඉදිරි ක්‍රියා මාර්ග ගන්න. එහෙම නැතුව ඔයා වගකීමෙන්ද කියන්නේ, වරප්‍රසාද වලට මුලා වෙලා චෝදනා කරනවා වගේ මෝඩ කතා කියමන් ප්‍රශ්නය මගහැර යාම නොවයෙි විය යුත්තේ !
මේ කතාව ඉතාමත් බරපතල ප්‍රකාශයක් , ඒවායේ තිබ්බේ ආයුද නම් , ඒවා අයිති කොටි ඩයස්පෝරාවට නම් , එකෙන් කියවෙන්නේ ඔවුන් වෙන රටක මොකක් හරි ලොකු ප්‍රහාරයකට සුදානම් වෙනවා , මෙහෙ ඇත්ත නැත්ත සොයාබැලීමට මොහුව ජාතන්තර බුද්දි සේවාවන් වලට බාරදිය යුතුයි
මෙයාගේ ටැබ්ලට් ටික තිබ්බ තැන අමතක වෙලාද කොහේද?
ආණ්ඩුවේ ලොක්කන්ගේ උතුරේ කළ ජනවාර්ගික ප්‍රකාශ, කැනඩාවේ, යුරෝපයේ කොටි ඩයස්‌පෝරාව සමග සාකච්ඡා, රණවිරුවන්ට කරන කෙනෙහිලි, ඡන්ද සහ මැයි රැලි වල වියදම් වලට ගලා ආ ඩොලර්, මේවාත් එක්ක කන්ටේනර් සම්බන්ධව අර්චුනාගේ ප්‍රකාශ හොඳින් ගැලපෙනවා. රටට එරෙහිව කරපු මේ කුමන්ත්‍රණය ඉක්මනට හෙළිවෙයි. එතකොට කියන පචය මොකක්ද කියලා බලමු.
අනුර/ එන්පීපී පාර්ලිමේන්තුවේ අති බහුතරයක් දිනා ගැනීම ගැන සියලුම විපක්ෂ පාර්ශව ඊර්ෂ්‍යා කරන අතර ඔවුන්ට කළ හැක්කේ අනුර/එන්පීපී ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට උත්සාහ කිරීම පමණි. නමුත් මෙම ප්‍රකාශය ඒ සියල්ලටම වඩා ඉහළින් පවතියි. මෙම මන්ත්‍රීවරයා අවම වශයෙන් පැවසීමට පෙර ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි අපි සිතමු. මේ මිනිහා පාර්ලිමේන්තුවේ කියන දේවල් බැලුවාම පොඩි නොදරුවෙක් වගේ... නියම විහිනු සපයන්නෙක් වගේ...
මෙයා කරන දේවල් ගණන් ගන්න එපා .
කුම්බලා මාළු කෑවා නම් දිරවා ගනිල්ලා…!
පාර්ලිමේන්තුවට ආපු පළමු දවසේ පටන් පිස්සු නටපු එකෙක්. විපක්ෂ නායකවරයාගේ පුටුවේ වාඩිවෙලා කියපුවා රටම දැක්කා...
එහෙනම් මේක කරගන්න තමයි කොටි ඩයස්‌පෝරාව පහුගිය ඡන්ද වලට මෙච්චර ඩොලර් පොම්ප කළේ...
මේක සාධාරන කථාවක් (විනෝදය සැපයීමත් අවශ්‍ය දෙයක්).. එහෙම නේ...
කොටින්ගේ පස්ස ලෙව කන්නට මාලිමා ගැත්තන් සූදානම්ය. රණවිරුවන්ට ගැරහීම, යුද ජය සමරන්න බල්ලා නාවන්නා සේ රැගෙන යෑම, අතුරේ සියලු අධි අරක්ෂිත තැන් අනාරකෂිත කිරීම වැනි පාහර වැඩ කරන්නට අපි පෙළඹෙන්නේ කොටි ඩයස්පෝරාව සමඟ ඇතිකරගත් ගිවිසුම් මතයි. රටට, දැයට ආදරය ඇති සැමට බයියන් යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වදිමින් ගරහමින් අපි මහා ව්‍යාපාරයක් කරන්නෙමු. මාලිමා ගැත්තෙක් විදිහට මට නම් ඇත්තේ මේ රට විනාශ මුඛයට ඇද දමා පක්ෂය රැක ගැනීමේ කැමැත්ත පමණි. මාලිමා ගැත්තන් මා සමඟ එකඟ වී විසිල් පාරක් ගසනු ඇත. බයියන්ට නම් කේන්ති යනු ඇත.
කේ.පී ට හමුදා ආරක්ෂාවත් දීලා රැකබලා ගත්තේ කවුද කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා... කේ.පී හරහා කොටි සංවිධානය සතුව තිබුණු සියලුම වත්කම් මංකොල්ල කෑවෙත් කවුද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ... මේ කතාව සත්‍යය නම්, එලෙස ආයුධ ගෙන්වන්නේ කා වෙනුවෙන්ද කියන එකත් පැහැදිලියිනේ..? වරප්‍රසාද වලට මුවා වෙලා හොරකල්ලියක අතකොළුවක් වෙලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මෙතැන පහරන පාහරයාගේ තුප්පහි මනක්කල්පිත සුරංගනා කතා වගකිවයුතු මාධ්‍යයක ප්‍රචාරය කිරීමත් ලජ්ජා සහගත කාරණයක්... මාධ්‍ය තුළින් දඩාවතේ යන බල්ලන් උසිගන්වනවා වෙනුවට, මීට වඩා වැදගත් පුවත් ප්‍රචාරය කිරීම වටිනා බව ගෞරවයෙන් මතක් කර දෙමි...!
යුද හමුදාවේ තියෙන සියලුම ආයුධ දාලාවත් කන්ටේනර් 300ක් පුරවන්නත් බැරි වෙයි. කන්ටේනර් තුන්සීය එක දිගට තිබ්බොත් කිලෝමීටර තුන හමාරක් දිගයි.
යුද්දේ ඉවර උනේ 2009. අද 2025. අවුරුදු 16. මෙච්චර කල් ආයුධ ටික තායිලන්ඩ් වල ස්ටෝ කරලා තිබුණාද? ඔය කන්සයිනි ලිස්ට් එක බැලුවම කන්ටේනර් ගියේ කියලා ට්‍රේස් කරතහැකි. ඔය වගේ ස්ටේට්මන්ට් විශ්වාස කරන අය සිටී නම් රටේ හෙට අනාගතය හරි ඛේදජනකයි...
හොඳම වැඩේ කන්ටේනර් තිබුණු බඩු වල ලිස්ට් එකක් හරි එළියට දාන එක නේද? ඇත්තටම තිබුනේ මොනවාද කියලා නොදන්නවා වුණත්. ඒ වගේම ඒවා ගෙන්නුවේ කවුද කියලත් හෙලි කරන්න. මේ ආන්ඩුවේත් ගේම් ගොඩයි..!
බුදුන් දේසනා කරපු කාළාම සූත්‍රය මතක් වෙනවා. කරුණා අම්මාන් පිල්ලෙයාන්, කේ.පී.රෙද්ද අස්සේ දාගෙන සමහරුන්ට ඇමැතිකම් පවා දීලා ඔවුන් සතු වටිනා කියන දේවල් රත්තරං පවා මන්කොල්ල කෑවේ දූෂිතම පවුල් පාලනේ අය බව රටම දන්නවා...
NPP වහලුන්ට අවශ්‍ය නම් LTTE එකත් විෂබීජහරණය කරයි. ඕනෑම කුණුහරපයක් විශ්වාස කරන්න පුළුවන් තරමට ඔවුන් මොළ සෝදා ඇත. සුදු රෙදි ඇඳගෙන මේ හොරු හෙළි කිරීම ගැන මම අර්චුනාට ගරු කරනවා...
ආණ්ඩුව බේරගන්න මෙතන ප්‍රතිචාර ලියන කවුරුහරි දන්නවාද... ඒ කන්ටේනර් වල ඇත්තටම තිබුනේ මොනවාද කියලා? හරියට පරණ පත්තර කන්ටේනර් 300 නිදහස් කළා වගේ බොහෝම සැහැල්ලුවෙන් කතා කරන්නේ...!
අර්ජුනට මාගේ හදපිරි මෙව්වා එක...
මෙතන හෝදන හොඳම ඩෝබිගේ නම කියන්න බලන්න.
කන්ටේනර් නිදහස් කිරීමට විරුද්ධ අය, මෙතන නිකන් වැදි බණ කියන්නේ නැතිව, අල්ලස් සහ දූෂණ කොමිසමට ගිහිං සාක්කි දෙන්න...
ජෙප්පෝ ටික පිස්සු හැදිලා වගේ විකාර කියවනවා, එකෙක් කියනවා සිද්දවුණු වැඩේ මරුලු, තව කෙනෙක් කියනවා කන්ටේනර් මෙච්චර දිගයි ඒක හින්ද වෙන්න බැහැ කියලා, තව කෙනෙක් කළාම සූත්‍රය ඇඳගෙන ගැලපෙන්නේ නැති උදාහරණ දෙන්න හදනවා.. ඔය එකක්වත් නොවෙයි මේ ප්‍රකාශය බරපතලයි, කන්ටේනර් 323ක් පැන්නුවා කියලා අපි දන්නවා, ඒ ගැන තොරතුරු ඇහුවාම මොනවද තිබ්බේ කියලා රේගුව දන්නේ නැහැ කියලා ගම්මන්පිල මහතාට කියා තිබුණා. ආයුධ කන්ටේනර් 323ක් කියලා අර්චුනා මහත්තයා කියනවා. එහෙනම් රජය මේ ගැන මොකක්ද කියන්නේ? අපට විශ්වාස නැහැ සාධාරණව පරීක්ෂණය කෙරෙයි කියලා, මේක ලංකා ඉතිහාසේ කෙරුණු නින්දිතම පාවාදීම...
ඇත්ත නැත්ත හරිහැටි නොදැන, හොයන්නේ බලන්නේ නැතුව අර්චුනා කියන දේවල් හිස් මුදුනින් පිළිගන්න මොලේ උඩ ඉන්න වහල්ලු තවම ඉන්නවා.. 76 වසරක් මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ගේ ආසියාවේ ආස්චර්‍ය, දර්මිෂ්ඨ සමාජයක්, යහපාලනේ, සෞභාග්‍යයේ දැක්ම කියලා ගහපු ටොම්පච වලට, රැවටුනු අයත් ඉන්න රටක අර්චුනා කියන දේවල් ගැන කවර කතාද?
මෙයා මම හිතන්නේ ප්‍රභාකරන්ගේ පුතෙක්ද කොහේද? ප්‍රභාකරන්ගේ හැම දෙයක්ම දන්නවා.
"ඌරගෙ මාළු ඌරාගේ පිටේම තබා කපනවා වගේ" දැන් කළ යුත්තේ, මේ ප්‍රකාශය පදනම් කරගෙන කේ.පී. ව රහස් පොලිසියට කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමයි... අන්න එදාට, කොටි සංවිධානයට අයත් වත්කම් වලට අත්වූ ඉරණම හෙළි කර ගත හැකිවේවි. මේ රටේ සිටි හොර තක්කඩියන් එකින් එකා සිරගෙවල් වලට යද්දී, ප්‍රකෝපවී සිටින හොරු රැල කිසියම් ත්රස්තවාදී ක්‍රියාවකට සුදානම් වෙනවා වෙන්නත් බැරිකමක් නැහැ... බලය ලබා ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සිදුකළ නඩයට ඕවා හුරු පුරුදු වැඩ... ඒ නිසා කන්ටේනර් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් රජය සිදුකළ යුතුයි..."මෝඩයා හත්පොලේ ගාගන්නවා සේ" මේවා නිකම්ම විහිලු ප්‍රකාශ යයි නොසිතා, මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකළ යුතුයි.
මැලේසියාවේ තිබුන කොටින්ගේ ආයුධ ටිකක් JVP කාරයෝ ගෙනත් කොහේ හරි හංගලා තිබෙනවාද කියලා කවුද දන්නේ, ඉදිරි ඡන්ද පැරදුනොත්, රටේ බලය අල්ලගන්න, උතුර කොටින්ට දීලා දකුණ මෙයාලා තියාගන්න සෙට් වෙනවද කවුද දන්නේ?
පාණ්ඩුවෙ අය නිකම් ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවො වගේ ඉන්නේ නැතිව උත්තරයක් දෙන්න
යුද්ධයේ අවසාන කාලයේ මේක කොහොමද බේරුනේ...? සරත් පොන්සේකාගෙන් තමයි අහන්න ඕනෑ. අහුවුණා නම් පුනරුත්ථාපනය කරන්න තිබුණා නේද?
විපරමා තමයි ලොකුම වහලා...
මාලිමාවට සහයෝගය දෙන අය අවශ්‍ය වෙලාවකට ඒක වෙනම කරගන්න. හැබැයි මේ ප්‍රකාශය ඉතාමත් බරපතලයි. ඔය කන්ටේනර් රේගුවෙන් ඉස්සුවා කියන එකත් පැහැදිලිවම ප්‍රසිද්ධියේම එළිවෙලා තියෙනවා. දෙකයි දෙකයි හතරයි කියලා හරි බැරිනම් තුනහමාරයි හතර හමාරයි කියලා හරි කිව්වත් අන්තිමට ලොකු සැකයක් ඉතුරු වෙනවා මේ ආණ්ඩුව මොනවද කරන්නේ කියන එක. රටට ආදරයක් තියෙනවා නම් පක්ෂය ගැන හිතන්නේ නැතුව ඇත්ත නැත්ත හොයලා බලන්න කියන එක තමයි ඔය භද්‍රානේ... එතකොට කපුරු හාමි ඒ වගේම මෙතන අද කතා කරලා නැති මොණරවිල වගේ කට්ටිය හිතන්න ඕනෑ. රටට ආදරේ නැත්නම් විශේෂයෙන්ම තමන්ටත් ආදරයක් නැත්නම් කොටිය ඇවිල්ල ගහනකන් උඩ බලාගෙන ඉන්න. අපි අපේ රටටත් අපිටත් ආදරෙයි. ඒ නිසා අපේ දේශපාලනය පැත්තකින් තියලා ඔය කතාවේ ඇත්ත නැත්ත හොයන්න කියන මතයේ ඉන්නවා.
පිස්සු තමයි.