කිම් කාර්ඩේෂියන්ගේ ස්වාමියා වන කානි වෙස්ට්ගේ නවතම ගීතයක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔහුගේ නවතම ගීතය වන "ෆේමස්"හි වීඩියෝවට ඔහු ඇතුළු පිරිස මුළුමනින්ම නිරුවතින් දායක වීමයි. මෙහිදී ඔහුගේ බිරිඳ වන කිම්කාර්ඩේෂියන්ද නිරුවතින් රංගනයේ යෙදෙන අතර, ටේලර් ස්විෆ්ට් සහ රිහානාද මේ සඳහා නිරුවතින් දායක වී ඇතිබව සඳහන් වෙයි.
පසුගිය දිනෙක ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේබලවතුන්ගේ මතභේදාත්මක ප්‍රකාශ හරහා මේ වීඩියෝව දැඩි විවේචනයට ලක්වී ඇති බවයි.මෙම වීඩියෝව සඳහා මූලික කරගෙන ඇත්තේ 2008 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත් සිතුවමකි. එම සිතුවමේ චිත්‍ර ශිල්පියා වන්නේ වින්සන්ට් ඩිසේඩිරෝය.
මෙම වීඩියෝව සඳහා ජනප්‍රිය ගායක ගායිකාවන් වනටේලර් ස්විෆ්ට්, රිහානා, ක්‍රිස් බ්‍රව්න්, රේ ජේ, නිරූපණ ශිල්පීන් වන ඇම්බර් රෝස්, කෙයිට්ලින් ජෙනර්, රංගන ශිල්පියෙකු වන බිල් කොස්බි සහ ඇමෙරිකාවේ නව දේශපාලන තරුව වන ඩොනල්ඩ් ට්‍රම්ප්ද දායක වී ඇත.
කෙසේවෙතත් ටේලර් ස්විෆ්ට් පවසන්නේ කානි වෙස්ට් තමන්සම්බන්ධයෙන් කළඅසහනකාරී ප්‍රකාශයක් නිසාවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බවයි.තමන්ට ටේලර් ස්විෆ්ට් පිළිබඳ හැඟීමක් ඇති වූ බවත්, ටේලර් ස්විෆ්ට් ජනප්‍රිය කරනු ලැබුවේ තමන් බැවින්එවැනි දෙයක් ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් ඇති බවත් කානි වෙස්ට් කියා තිබිණි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.