බටපොළ ප‍්‍රදේශයේ නිවාස ඉඳිකිරීම සඳහා මිලදී ගෙන ඇති සිමෙන්ති ප‍්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් මත වහාම පරික්‍ෂණ ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරීය කියයි.
එම පැමිණිල්ල කර ඇත්තේ අම්බලන්ගොඩ බටපොළ ප‍්‍රදේශයේ අලූතින් නිවාස හා තාප්ප බැදීම හා කොන්කී‍්‍රට් දැමීම සඳහා යොදා ඇති සිමෙන්ති සවි වී නැතැයි ප‍්‍රදේශවාසීහු වේ.
මෙම තත්වයට පත්ව ඇත්තේ එක් වර්ගයක සිමෙන්ති බවත් බටපොළ කහටපිටිය ඔලබැද්ද දොරළ මද්දේවිල යන ප‍්‍රදේශ වල නිවාස කිහිපයක ඉදිකිරීම් වැඩ කටයුතු සඳහා යොදාගත් සිමෙන්ති ප‍්‍රමිතියෙන් තොර වීම මීට හේතුව විය හැකි බව ඉඳිකිරීම් සම්බන්ධ කාර්මික නිලධාරීහු කියති.
බටපොළ පොල්උන්නාව ප‍්‍රදේශයේ පදිංචි ලොකුලියන රවිමල් නිශාන්ත (33) දෙදරු පියෙකි. ඔහු අප හා පැවසුවේ තමන් නිවසක් තැනීමට 6 : 1 සිමෙන්ති මිශ‍්‍රණය යොදා අලූත් නිවසට අත්තිවාරම් දැමීම සඳහා අගෝස්තු 27 වැනි දා උපයෝගී කරගත් සිමෙන්ති මෙතෙක් සවි නොවී ඇති බවත් අත්තිවාරම් දැමූ කළුගල් බැම්ම පයින් ගසා කඩා දැමීමට තරම් මේ වන විටත් හැකි බව ද හෙතෙම කියයි.
ප‍්‍රදේශයේ මේසන් බාස්වරුන් රාජ්‍ය ආයතන වල ඉංජිනේරු තාක්‍ෂණික කාර්මික නිලධාරීන් කිහිප දෙනෙකුම පැමිණ තමන්ට සිදු වී ඇති මේ අලාභය පිළීබඳව කරුණු සොයා බැලීමට තම නිවසට පැමිණි අවස්ථාවේ බොහෝ පිරිසකගේ අදහස වූයේ බාල ප‍්‍රමිතියෙන් තොර සිමෙන්ති තොගයක් මිලදී ගැනීම මීට හේතුව විය හැකි බවයි.
එක් සිමෙන්ති කොට්ටයක් රු.870.00 ක් ගෙවා සිමෙන්ති කොට්ට 10 කින් තම කුඩා නිවසේ අත්තිවාරම දැමීම කළේ අගෝස්තු 27 වැනි දා දින බවත් සැප්තැම්බර් 10 වන දින දක්වාම එම බැම්ම ශක්තිමත් නොවීම පිළිබඳව පාරිභෝගික අධිකාරීයට තමන් පැමිණිල්ලක් කල බව ද හෙතෙම කියයි.
අදාළ සිමෙන්ති සමාගමට තමන් අවස්ථා කිහිපයක් පැමිණිලි කළත් මාධ්‍යවේදීන් වෙත දැනුම් දීමෙන් පසු මාධ්‍යවේදීහු විසින් අදාළ සිමෙන්ති සමාගම දැනුවත් කළහ. සිමෙන්ති සමාගමේ තාක්‍ෂණ නිලධාරීයකු හා තවත් නිලධාරීන් දෙදෙනෙකු තම නිවසට පැමිණ නිවසින් ඉල්ලා ගත් ඉටි කවර කිහිපයකට අත්තිවාරම් බැඳීමට උපයෝගි කරගත් සිමෙන්ති වැලි හා අත්තිවාරමේ සිමෙන්ති මිශ‍්‍රණයන් සාම්පල් වශයෙන් ලබාගන්නා අවස්ථාවේ ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ට ද එම නිලධාරීන්ගෙන් අවහිරතා ඇති වූ බව ද ගම්වාසීහු කියති.
අදාළ සිමෙන්ති සමාගමේ නිලධාරීන් නිවැසියන්ට පැවසූයේ අත්තවාරම් බැම්ම බැඳීමට උපයෝගී කරගෙන ඇති වැලි නුසුදුසු තත්වයේ ඒවා බවයි. එම වැලි ගෙනැවිත් ඇති කැන්ටර් රියදුරා එකම ස්ථානයකින් මේ වර්ගයේම වැලි ගමේ තවත් ස්ථාන කිහිපයකටම ගෙනැවිත් දී ඇති බවත් ඇතැම් අය වෙනත් සිමෙන්ති වර්ග වලින් තාප්ප කොන්කී‍්‍රට් අත්තිවාරම් වැනි ඉඳිකිරීම් සිදු කර ඇති බවත් ඒවාට කිසිදු හානියක් නොවී ඇති බව ද පෙන්වා දී ඇත.
කොළඹ සිට පැමිණි සිමෙන්ති සමාගමේ නිලධාරීන් පසුව නිවැසියන්ගෙන් ප්ලාස්ටික් බදුන් කෝපප වීදුරු වැනි උපකරණ ඉල්ලාගෙන ඉතිරි සිමෙන්ති කොටස් හා වැලි කලවම් කර සිමෙන්ති මිශ‍්‍රණයන් සකස් කර පරීක්‍ෂණ කළද ඒවාද සාර්ථක නොවූ බව ගැමියෝ කියති.
නිලධාරීහු ද එම ප‍්‍රයන්තයන් අසාර්ථක වීමෙන් පසු නිවැසියන්ගේ ඉල්ලා ගත් පොලීතින් බෑග් කිහිපයකට සිමෙන්ති වැලි හා අත්තිවාරමේ කොටස් දමාගෙන කොළඹ පරික්‍ෂණාගාරයට ගෙනියන බවත් පරික්‍ෂණ වාර්තාව ලබන සඳුදා 14 වැනි දින ලබාදීමට හැකි බව ද පැවසීය.
එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීයාගේ ඡායාරූප ලබාගැනීමට එම නිලධාරීන් කටයුතු කළේ ඔවුන්ගේ පරික්‍ෂණ කටයුතු ඡායාරූප ගත කිරීම නිසා බව ගම්වැසියෝ කියති.
දකුණු පළාත් පාරිභෝගික අධිකාරීයේ ප‍්‍රධාන විමර්ශන නිලධාරීන් බන්දුල පද්මලාල් මහතා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහයේ දී එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම පැමිණිල්ල සම්බන්ධව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්දියාවෙන් ගෙන්වන සිමෙන්ති වර්ගයක්ද? (නි)
මේවා හරිම පහත් වැඩ. පුදුම මිනිස්සු! (නි)
ඔය 3 වෙනි පින්තුරේ බැලුවනම් නම හොයාගන්න පුළුවන්.... දන්නෝ දනිති....(බ)
මේ සිමෙන්ති වලින් තමා දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල -මාතර කොටසේ සියලුම ඉදිකිරීම් කළේ. අපිට නම් ඔහොම ගැටළුවක් වුනේ නෑ. (බ)
අමිල අනේ ඔබ කොහොමද සිමෙන්තිවල නම දන ගත්තේ? (ම)
පාරිභෝගික නිලදාරියාගේ කල්ල මරේ (නදී)
මෙහෙම මිනිස්සු රවටලා සල්ලි හම්බකරලා මොකටද? (නි)
ඔය සිමෙන්ති වල එස්.එල්.එස් ලාංඡනය තියෙනවා නම් එම ආයතනය ඒ ගැන වග කියන්න ඕනේ. නියම ප්‍රමිතියට තියෙන බව මහජනයාට දැන ගන්න තමයි රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එස්.එල්.එස් ලාංඡනය ගහන්න අවසර දෙන්නේ (නදී)
හුඟක්ම වැඩි තාක්ෂණයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒක වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නේ (නි)
මොන සිමෙන්තිද කියලා අපි දන්නවා (බ)
ලංකා හරි. (නි)
ඕනම හොඳ ආරක්ෂිත තත්ත්වයක් යටතේ ගබඩා කළත් සිමෙන්ති වලට මාසෙකින් 5-10% වතුර උරාගන්නවා. අවුරුද්දක් පරණ වුනොත් සාමාන්‍ය ගබඩාවක තත්ත්වය බාල වෙනවා. නිෂ්පාදනයේදී යොදා ගන්නා ජිප්සම් අනුපාතය අඩුුවැඩි වුණොත් ශක්තිමත් වීම ප්‍රමාද වෙනවා. සිමෙන්තිවල උපරිම කාලය මාස 6ක්. මිශ්‍රණ අනුපාතය අඩු වැඩි වුණාට හයි නොවී තියෙන්නෑ ශක්තිය අඩුවෙන එක තමයි වෙන්නේ (බ)
රටේ නීතියක් නැහැ කියන්නේ කිසිම දේක ප්‍රමිතියක් නැහැ කියන දේ තමයි ..? පව් අසරණ මිනිසුන් හිසට සෙවනක් හදාගන්නේ කුසට අහරක් නැතිව දරු පැටවුන් වෙනුවෙන් ..මෙවන් දේ සිදුවන තැනට රටේ වැඩ සිදුවෙන්නේ ..පාලකයන්ගේ තියන හොර කූට වැඩ සහ මජර කමට ..?ඒ මිනිසුන්ට සාධාරණය ඉෂ්ට වේවා ..!! (බ)
එක ෆොටෝ එකක නම පේනවා හොඳින් බලන්න.(නදී)
ප්රමිතියෙන් තොර සිමෙන්ති සමහර කම්හල් වලින් ඉවත් කළාම සමහරු ඒවා අරගෙන පැකට් කරලා විකුණනවා (නි)
මේ සිමෙන්ති වර්ගයේ නම මොකක්ද දන්නෙ නැහැ (නි)
වරදක් සිදුවී ඇත්නම් සිමෙන්ති වර්ගයේ නම සඳහන් කිරීමට බිය වන්නේ මන්ද? (නදී)
මෙහෙම දෙයක් මගෙ යාලුවෙකුටත් වුණා. සිමෙන්ති කොට්ට 5ක කොන්ක්‍රීට් එකකට. අදාළ හාර්ඩ්වෙයාර් එක මඟින් ප්‍රදේශයේ සිමෙන්ති ඒජන්තගේ ගොලයො දෙන්නෙක් ඇවිල්ලා වරද පිළිගෙන සියලු අලාභ ගෙවන්නම් කියා අලුතින් සිමෙන්ති ගෙන වැඩේ කරගෙන යන්නත් උපදෙස් දුන්නා. සති 2ක් 3 ක් ඈතුළත වන්දි ගෙවන්න එකඟ වුණා. අනේ අහිංසකයා ණයවෙලා ඉතිරිටික කරගෙන ගියා. අන්තිමට සාක්කිත් නැහැ,වන්දිත් නැහැ. (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
හොරට ගහන එකේ මිල ගහලා නැහැ. කෝඩ් එකත් නැහැ.බෑග් එකේ ලෝගෝ එකෙත් වෙනස්කම් තිබෙනවා. (නි)
මේක මටත් වුණා. ගෙනා සිමෙන්ති දවස් දෙකක් යනකොට කැටවෙලා. කපරාදුවට ගන්න බැහැ. තාක්ෂණ කණ්ඩායමෙනුත් ඇවිල්ලා බලලා ගියා. පස්සේ සිමෙන්ති නැවත බාරගත්තා. මම නම් මේ සිමෙන්ති ආයෙත් ගන්නේ නැහැ. (නි)
මේ සිමෙන්ති වලට මමත් අහුවුණා (නි)
මේ පිටරටකින් ගෙනා වර්ගයක්ද? (නි)
දැන් ඉතින් මේ මිනිසුන්ට වූ අසාධාරණයට මොකද කරන්නේ? (නි)
අපි නම් මේ ගැන දන්නවා. මොකද මමත් ඔය කියන පළාතේ (නි)
මේ සිමෙන්ති වල නම කිවුවා නම් අපිට පුළුවන් මේ ගැන දැනුවත් වෙන්න (නි)
මේ සිමෙන්ති වලින් ගොඩනැඟීම් කළ සියළු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුයි (නි)
මොකක්ද නම කියලා මම නම් දන්නවා (නි)
බාල බඩු ගත්තහම ඔහොම වෙනවා (නි)
බාල බඩු වල හිලක් කියන්නේ ඕකට තමයි! කොහොම නමුත් මේ අසරණයන්ගේ පාඩුවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෑ. (නි)
ඉහළ තාක්ෂණයක් අත්හදා බලන්න ගියාද දන්නෙ නැහැ (නි)
අනේ අම්මපා මෙහෙමත් කූට වෙළෙන්දෝ? (නි)
අපි කොහොමහරි මේ වර්ගය හොයාගමු (නි)
පෙනෙන දේවල් වල හැටියට මේ සිමෙන්ති වල නම මට හිතාගන්න පුලුවන් (නි)
ගොඩක් වෙළඳ දැන්වීම් එහෙමත් යනවා නේද මේකට. ඒ මදිවාට දැන් තියෙන්නේ නමවත් අහලා නැති සිමෙන්ති ජාති. මේවාට හරි විදිහට ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඉතින් මේවගේ සිමෙන්ති වලින් හදපු ලොකු ගොඩනැගිල්ලක් කඩන වැටුනහම හුල්ලන්න තමා වෙන්නේ. (නි)
ඔතැන දෙපැත්තක් තියෙන්න පුළුවන්. කාලයක් මම සිමෙන්ති නිෂ්පාදන ආයතනයක වැඩ කළා. එතකොට අපිට කියාදීපු දෙයක් තමයි මිනිස්සු වැඩි ලාබ බලාගෙන සිමෙන්ති වැලි ගල් සහ වතුර අනුපාත වෙනස් කරලා අන්තිමට සිමෙන්ති වර්ගයට දොස් කියනවා කියලා.ඒ මිනිස්සු ඒවාට ඇත්තම උදාහරණත් පෙන්නුවා. හැබැයි ඕක ඒ හින්දම වුණා කියන්නත් බැහැ. මොකද සිමෙන්ති වල තියෙන්න ඕනෑ අමුද්‍රව්‍යයක් අඩුවෙන් දැම්මත් ඔය වැඩේ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න පුළුවන් අවස්ථාව බොහොම අඩුයි මොකද ඔය වැඩේ එහෙම කරලා දීර්ඝකාලින පැවැත්මක් නැති හින්දා (නි)
සිමෙන්ති වල නම සඳහන් කරන්න. එතකොට තව අය රැවටෙන්නේ නැහැනේ. (නි)
සමහර කූට සිමෙන්ති නිපදවන්නන් සිමෙන්ති වලට ගල් අඟුරු තාප බලාගාර වලින් ඉවත දමන අළු කලවම් කරනු ලැබේ. එම සිමෙන්ති සවිවන්නේ නැත. (නි)
මේ සමාගමට එරෙහිව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? (නි)
නිවසක් හදන්නේ මොනතරම් බලාපොරොත්තු ඇතුවද? එසේ හදන නිවස මෙහෙම වුණාම??? (නි)
අර පසුගිය කාලේ වරායෙන් සිමෙන්ති කන්ටේනර් වගයක් අතුරුදහන් වුණ කතාවක් තිබුණා නේද? මේ ඒවාවද්ද? (නි)
සිමෙන්ති වර්ගය දැනගත්තා නම් අපිට නොගෙන ඉන්න තිබුණා (නි)
ඒ සිමෙන්ති සමාගමෙන් අලාභය අයකර ගන්නයි තියෙන්නේ (නි)
මම හිතන්නේ මේවායේ කල්ඉකුත්වෙලා වෙන්න ඇති (නි)