රුපියල් ලක්ෂ පහලොවක් වටිනා කේරල ගංජා පැකට් විස්සක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට තැත්කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
අත්අඩංගුවට ගනු ලැබූ කේරල ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් දහයකි. සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි. ඔහු පහලොස් වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇතැයි රේගු නිලධරයෝ කියති.
නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ මහතා සැකකරුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී කන් වැසුම් සමග තිබූ කේරල ගංජා සොයාගෙන ඇත. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විෙජ්වීර මහතාගේ උපදෙස් පිට රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, එම්.අයි රෂීක්, උදය ගාමිණී, කීර්ති අබේසේකර, චන්දන ගමගේ, තිලින විජේසේකර, තනුෂ්ක විජේසූරිය, ප්‍රබුද්ධ පෙරේරා, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ නම් හලාල් කලාට වැඩක් නැහැ.(නදී)
මේ වසර ආරම්භයේ සිටම ගුවන්තොටුපොළ වැටලීම් හොදට කරගෙන යන බව පෙනී යනවා.(නදී)
මේවා ගැහැව්වම කන් වැසුම් ඕන වෙන එකක් නැහැ.(නදී)
ලංකාවෙ මෙච්චර තියෙද්දිත් කේරලෙන් ගෙනාවෙ ඇයි කියලා ගොඩක් අය අහනවා. ලංකාවෙ ගංජා වලට වඩා කේරල ගංජා වල මත් ගතිය වැඩියි. ගානත් වැඩියි. මොකද මෙහේ වගේ ගහෙන් කඩලා වේලලා කෙලින්ම මාකට් එකට දාන්නෙ නැහැ. ප්‍රොසෙස් කරලා තමා එවන්නෙ, ඒකෙ කොලිටි එක වැඩියි. මෙහේ නයිට් ක්ලබ්වල/ හොටෙල් වල / විදේශිකයන් අතරේ මේවට ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒකයි ගේන්නෙ. ලංකාවෙත් හොඳ ගංජා තියෙන්නෙ දුර පලාත් වල. (නි)
පරීක්ශා කරන ගමන් හොරෙන් ටිකක් සාක්කුවෙ දාගන්නව එහෙම නෙමෙයි.(නදී)
ඇයි ලංකාවේ තියෙන ඒනා මදි වෙලාද කේරලයෙනුත් ගෙනාවේ. කේරලයෛන් නිකම්ම දෙනවා ඇති අපේ අයට ඕවා බීලා නැතිවෙන්න කියලා.(නදී)
සුප්‍රිම් කොලිටි එකේ බඩු.දැක්කමත් දිව්‍ය ලෝකෙ පේනවා.(නදී)
කන කොච්චර වටිනවාද (දී)
ලංකාවේ ඕන තරම් නිෂ්පාදන තියෙද්දී ඇයි කේරලයෙන් ගෙනාවේ.(නදී)