IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කන් වැසුම් අස්සේ කේරලයෙන් ගංජා ඇදලා

රුපියල් ලක්ෂ පහලොවක් වටිනා කේරල ගංජා පැකට් විස්සක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට තැත්කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.

අත්අඩංගුවට ගනු ලැබූ කේරල ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් දහයකි. සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි. ඔහු පහලොස් වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇතැයි රේගු නිලධරයෝ කියති.

නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ මහතා සැකකරුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී කන් වැසුම් සමග තිබූ කේරල ගංජා සොයාගෙන ඇත. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විෙජ්වීර මහතාගේ උපදෙස් පිට රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, එම්.අයි රෂීක්, උදය ගාමිණී, කීර්ති අබේසේකර, චන්දන ගමගේ, තිලින විජේසේකර, තනුෂ්ක විජේසූරිය, ප්‍රබුද්ධ පෙරේරා, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

 

 

 

 

 

 

 



අදහස් (0)

කන් වැසුම් අස්සේ කේරලයෙන් ගංජා ඇදලා

කුරුවිට Monday, 04 March 2013 03:07 PM

පුත්තලමේ නම් හලාල් කලාට වැඩක් නැහැ.(නදී)

:       0       0

ගාමිණී Monday, 04 March 2013 03:34 PM

මේ වසර ආරම්භයේ සිටම ගුවන්තොටුපොළ වැටලීම් හොදට කරගෙන යන බව පෙනී යනවා.(නදී)

:       0       0

වරුණ Monday, 04 March 2013 04:26 PM

මේවා ගැහැව්වම කන් වැසුම් ඕන වෙන එකක් නැහැ.(නදී)

:       0       0

මදුර Tuesday, 05 March 2013 09:03 AM

ලංකාවෙ මෙච්චර තියෙද්දිත් කේරලෙන් ගෙනාවෙ ඇයි කියලා ගොඩක් අය අහනවා. ලංකාවෙ ගංජා වලට වඩා කේරල ගංජා වල මත් ගතිය වැඩියි. ගානත් වැඩියි. මොකද මෙහේ වගේ ගහෙන් කඩලා වේලලා කෙලින්ම මාකට් එකට දාන්නෙ නැහැ. ප්‍රොසෙස් කරලා තමා එවන්නෙ, ඒකෙ කොලිටි එක වැඩියි. මෙහේ නයිට් ක්ලබ්වල/ හොටෙල් වල / විදේශිකයන් අතරේ මේවට ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒකයි ගේන්නෙ. ලංකාවෙත් හොඳ ගංජා තියෙන්නෙ දුර පලාත් වල. (නි)

:       0       1

සිරිපාල Monday, 04 March 2013 01:06 PM

පරීක්ශා කරන ගමන් හොරෙන් ටිකක් සාක්කුවෙ දාගන්නව එහෙම නෙමෙයි.(නදී)

:       0       0

ලලිත්-දෝහා Monday, 04 March 2013 01:09 PM

ඇයි ලංකාවේ තියෙන ඒනා මදි වෙලාද කේරලයෙනුත් ගෙනාවේ. කේරලයෛන් නිකම්ම දෙනවා ඇති අපේ අයට ඕවා බීලා නැතිවෙන්න කියලා.(නදී)

:       0       0

මදුර Monday, 04 March 2013 01:13 PM

සුප්‍රිම් කොලිටි එකේ බඩු.දැක්කමත් දිව්‍ය ලෝකෙ පේනවා.(නදී)

:       0       0

හර්ෂ Monday, 04 March 2013 01:37 PM

කන කොච්චර වටිනවාද (දී)

:       0       0

ඉසුරන්දි Monday, 04 March 2013 02:24 PM

ලංකාවේ ඕන තරම් නිෂ්පාදන තියෙද්දී ඇයි කේරලයෙන් ගෙනාවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site