එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටී්රට්හිදී අද (01) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
අද තරගයේ ප්‍රතිඵලය කුමක් වූවද ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව කොදෙව් පිලට හිමි නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමද අවසන් පූර්ව වටයෙන් බොහෝ දුරස් වී සිටින නමුත් ඉතා දුර්ලභ අවස්ථාවක් නැතිවාම නොවේ. ඒ සඳහා එංගලන්තය නවසීලන්ත කණ්ඩායම හමුවේ විශාල පරාජයක් ලැබිය යුතුවා මෙන්ම බංග්ලාදේශයද ඉතිරි තරග දෙකින් එකක් පරාජය විය යුතුය. අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම ලබන සෙනසුරාදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ද විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුව තිබේ.
තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/y6stpvs6 වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට 94/1 නමුත් ලකුණු 250 ගැහුවොත් ලොකු දෙයක්
ලකුණු ගහන්න බැරි ලෙඩෙක් එක අන්තයක ඉඳන් කෙඳිරිගානකොට අනිත් අන්තයේ ඉන්න හොඳට ලකුණු ගහන කොල්ලගෙත් අවධානය බිඳිලා එයාටත් ලකුණු ගහන්න බැරි වෙනවා.. කරුණාකර ලෙඩ්ඩු විශ්‍රාම යන එක, ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාවට කරන උපකාරයක්...
සිංහයෙක් වගේ දැනට ගහපු ලකුණු 70ට ස්තුතියි... අවිශ්ක කොහොම හරි උත්සාහ කරලා ඉස්සර අරවින්දලා ගහනවා වගේ 100 ගහන්න බලපං පුතේ..
මැතිවුස් ගියාට කමක් නැහැ.. නොන්ඩි ගගහ ක්‍රිකට් ගහන්න බැහැ. ඊළඟට එන එකත් එකතුවෙලා ලකුණ දෙක හරි ගහලා 100 ගහන්න.
අවිශ්ක තව ලකුණු 25ක් අවශ්‍යයි. එක ,දෙක හරි කමක් නැහැ ගහපන් පුතේ 100, උඹ 100 ගහගෙන ලංකාව 300 පැන්නට පස්සේ 4 ඒවා 6 ඒවා උඹට ඕනේ විදියට ගහ ගනින් පුතේ...
ස්තුතියි අවිශ්ක පුතේ.. උඹ දැන් උඹෙන් මේ තරගයේදී රටට කෙරෙන්න ඕනේ යුතුකම ඉටුකරලා තියෙන්නේ.. උඹට ඕනේ විදිහට දැන් අත දිගඇරලා ගහපන් පුතේ... මේක තමයි මම ලංකාවේ කොල්ලෙක්ගෙන් අවුරුදු දෙක තුනකින් දැක්ක හොඳම ඉනිම... 90 ගණන් වලදී නම් අපි මේ වගේ ඉනිම් හැම තරගෙදි වගේ දැක්කා... පුතේ නුඹට තුනුරුවන්ගේම පිහිට ලැබේවා..!!!