ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට මේ මස 28 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය අහිමි වී තිබේ.
එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ ඩිල්ෂාන්ගේ ආබාධයේ ස්වභාවය අනුව ඔහුට මාසයක හෝ මාස එක හමාරක පමණ විවේකයක් අවශ්‍ය යයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය බවයි.
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේ 5 වැනි ඕවරයේදී පාදයේ මස්පිඬුවක් ඇදීම නිසා ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව වන විට ඔහු පන්දු 14 කදී ලකුණු 12 ක් ලබා සිටියේය. තරගයේ 48 වැනි ඕවරයේදී නැවතත් පිටියට පිවිසි ඩිල්ෂාන් පන්දු 7 කින් තවත් ලකුණු 6 ක් ලබාගත් නමුත් ඉතා අපහසුවෙන් කී‍්‍රඩා කළ බවක් දක්නට තිබිණ.
(ඡයාරූපය : ඒ. එෆ්. පී.)
පාදයේ මස්පිඬුව ඇදීමෙන් පසුව ඩිල්ෂාන් කී‍්‍රඩා පිටියෙන් ඉවතට යද්දි...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනට හරියන්නේ මහේලව.(නදී)
දිල්ෂාන් ඔබ විශිෂ්ටයි.මම හිතන්නේ ඔබ අපේ ක්‍රිකට් වෙනුවෙන් වැඩියෙන්ම මහන්සි වුන අයගෙන් කෙනෙක්.ආබාධය ඉක්මනින් සුවවේවා! (නි)
බයවෙන්න එපා, තරංග ඉන්නවා ස්ටෑන්ඩ් බයි (නි)
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ කව්ද? වේගවත් තණතිලි වලට හොදින් මුහුණ දිය හැකි පිතිකරුවෝ දෙදෙනෙක් අවශ්‍ය වෙනවා .... (නි)
මම කියන්නද හොද කෙනෙක්,රමිත රබුක්වෙල්ල (අ)
මේ යන විදියට රඹුක්වැල්ලව එකකට හරි දාවි.(නදී)
බංගලාදේශ තරගාවලිය සදහා තෝරාගත් අශේන් පෙරේරා, හොද ක්‍රීඩකයෙක්, ඔහුට අවස්ථාවක් ලබා දෙයි කියා හිතනවා (ත)
අයියෝ! මතක් වෙනකොටත් බඩ දනවා..... (නි)
දිල්ෂාන් ඔබ විශිෂ්ටයි. ඒත් සමහර අය ක්‍රිකට් ගහන්නේ රටට නෙවෙයි. ඒත් දිල්ෂාන් ඔබ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න.(නදී)
සමහරුන්ට නම් ගෙදර යන කාලය හරි (නි)
ඉන්දියන් ගුරුකම් වලින් තමයි මේ ඔක්කොම. ලෝක කුසලාන තරගේත් මුත්තයියාගේ අතේ අමාරුව. ඉන්දියාවට සෙල්ලම් දන්නා බැරුව ගියේ අර්ජුනයි , සනතුයි ඉදිද්දි තමයි. මොකද ඒ දෙන්නත් දේව ඇදහිලි වලින් යන දෙන්නෙක් (නි)
මට හිතෙනවා අයිමත් මහේල ඕපන් කලොත් හොදයි කියලා. එයත් එක්ක එන්න කෙනෙක් තමයි ඕනේ.(නදී)