බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධානය කරන ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සංකේත ක‍්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
කණ්ඩායම් 6 ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 24 වැනිදා පැවැත්වීමට මේ වන විටත් සියලූ කටයුතු සූදානම් කර තිබේ. මෙම තරගාවලියට ඇන්ටිගුවා ඇන්ඞ් බර්බුඩා, බාර්බඩෝස්, ගයනා, ජැමෙයිකා, ශාන්ත ලූසියා සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ යන කණ්ඩායම් සහභාගි වෙති.
තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියට සහභාගි වන සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙන්දේසියෙන් පසුව තීරණය වේ.
මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග අගෝස්තු 22 සහ 23 දෙදින ද, අවසන් මහ තරගය අගෝස්තු 24 වැනිදා ද, ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝහිදී පැවැත්වීමට නියමිතය.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ දැන් ලෝකෙට ජාත්‍යන්තර තරග ඕනේ නැහැ. මොකද හැම රටක්ම දැන් ට් 20 ගහනවා. ක්‍රිකට් පාලක මණ්ඩල වහලා මුදලාලි කෙනකුට දෙන්ඩ. බොරුවට පාලක මණ්ඩලයටත් ක්‍රීඩකයන්ටත් පඩි ගෙවන්නේ ඇයි? ඒ අයට මැච් තියෙනවා පඩි ඕනේ නැහැ රටට ආදායමත් ලැබෙනවා.(නද)
දැන් ජාත්‍යන්තර තරග නැති නිසා පාලක මණ්ඩලය වහන්න හැම රටක්ම ටී 20 ගහනවා. ක්‍රීඩකයන්ට ආදායම තියනවා. පාලක මණ්ඩලයත් ක්‍රීඩකයනුත් නඩත්තුවට වියදම් කරන්නේ බොරුවට. ක්‍රීඩකයන් රටට අදායම ගේනවා. පාලක මණ්ඩල මුදල් වියදම් කරගෙන දවල් හීන බලනවා.(නදී)