IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කදාන සෙබස්තියන් මුනි විදී ප්‍රතිමාව සොරා ගනී

(තිස්ස කොටින්කඩුව)

කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි  ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිදුන්ගේ පෙරහර ප්‍රතිමාව අද ( 01) අලුයම කාලයේ කිසිවකු හෝ කිසියම් පිරිසක්  සොරකම් කර ගෙන ගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.

දහස් ගණනක බැතිමතුන්ගේ මහත් භක්තියාදර ගෞවරවයට පාත්‍රව තිබු මෙම ප්‍රතිමාව කදාන සාන්ත සෙබස්තියන් පල්ලියේ එක් කොටසක පිහිටි තාරපල්ලිය කොටසේ තැන්පත් කර තිබුණි.

කදාන පොලිසිය මේ වන විට පල්ලියේ සහ අවට මාර්ගයේ  සවිකොට ඇති CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව වෙස් මුහුණකින් මුහුණු ආවරණය තරගත් පුද්ගලයකු අද අලුයම් කාලයේ පල්ලියේ ආරක්ෂිත බැම්මෙන් පැන දේවස්ථාන භුමියට ඇතුළත්  වන අයුරු පොලිසිය නිරීක්ෂණය කර ගෙන ඇත.

 

 



අදහස් (7)

කදාන සෙබස්තියන් මුනි විදී ප්‍රතිමාව සොරා ගනී

ජිල්බු Tuesday, 01 April 2025 03:54 PM

දෙයියො දනී මක් උනාද කියල. අහල බලන්න.

:       9       20

Nandalal de Silva - France Tuesday, 01 April 2025 04:34 PM

සමහරවිට මුනිදු තුමා කැමැත්තෙන් ගියා වෙන්න බැරි ද ?

:       11       14

නඳුන් Tuesday, 01 April 2025 04:49 PM

ඡන්දෙ ලඟයි.. ලොකු ප්ලෑනක පොඩි කොටසක් වෙන්න පුලුවන්...

:       0       0

Harimanis Tuesday, 01 April 2025 05:01 PM

යකෝ, ඇතුළේම ඉදලා ඇතිවෙලා ඇති! පොඩි වටයක් දාලා දවස් දෙක තුනකින් මුනිදානෝ නැවත හිටපු තැනටම සැපත් වෙයි . අනේ කරනවා තමයි, මිනිස්සුන්ගේ ප්‍රශ්න උදේ හවස පල්ලියට ගොස් මුනිදානෝට පවසනවා. මුනිදානෝ missing උනාම, පල්ලියේ කට්ටිය පොලිසි යනවා, CCTV කැමරා බලනවා. Full confuse බන්!"

:       0       1

ගුණරත්න Tuesday, 01 April 2025 08:19 PM

මේ කාලකන්නි ආණ්ඩුව ආවා විතරයි රටට සාපයක් වැදුනා.

:       0       0

Perera Wednesday, 02 April 2025 02:45 AM

ගත්තු කෙනාට, අර මොරටුවේ කුරුස හන්දියේ කුරුසේ අයින් කරපු අයට ලැබුණ දඬුවම් හා සමාන දඬුවමක් ලැබේවි

:       2       2

Jayasekara Wednesday, 02 April 2025 10:00 AM

සියල්ල සිදුවන්නේ සර්ව බලධාරී දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව" කියලා හිත හදා ගන්න තියෙන්නේ.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site