
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වැනි සමුළුවට සහභාගී වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු දූත පිරිසට අයත් වෙති.
"පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය: සාමය සහ අවබෝධය සඳහා සම්බන්ධතාව ගොඩනැගීම" යන තේමාව යටතේ මෙවර පැවති සමුළුව අමතමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය රජයන් සහ පුරවැසියන් අතර පාලමක් ලෙස ක්‍රියා කරන බවත් විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සැලකිල්ලට ගන්නා බවත් ය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කථානායක ජිනීවා යයි
මැක්ස් Wednesday, 27 March 2024 05:04 PM
ඊයේ පෙරේදා තිබුණු විශ්වාස බංගයේදී කතානායකව මරාගෙන කන්න හදපු සජබයෝ ටික මෙතන පූස් පැටව් වගේ ඉන්න හැටි...
පිටරැටියා Wednesday, 27 March 2024 06:57 PM
ජනතාව අන්දවපු දූෂිත දේශපාලුවන් ඉන්න රටක උන්නැහැලාට ජීනිවා. ඇවිත් මොනවා කියන්න බැරිද? මානව හිමිකම් කඩකරනවා කියලා ෆයිල් මිටි ගණන් උස්සාගෙන ආපු දූෂිත, බලලෝභී දේශපාලුවන් අන්තිමට රටම බන්කොළොත් කෙරුවා.
chandima Wednesday, 27 March 2024 09:55 PM
අතන චීන දූත පිරිස 11යි, මෙතැනත් නම් තුනක් දැම්මාට තව 10ක්, 15ක් වත් යන්න ඇතිනේ... පින මාසෙට එකපාරයි.... තව 10ක්, 15ක් එක්කලා... අන්තිමේ බලපුවාම රටට ලැබෙන ඩොලර් මේ ගොල්ලන්ම වියදම් කරනවා.
upali Thursday, 28 March 2024 08:29 AM
කිසිම වටිනාකමක් නැති, ගුණයක් නැති ජුගුප්සාජනක මිනිහෙක්....
Kazi Shajahan Thursday, 28 March 2024 04:24 PM
මෙහෙ මඩ නාගෙන, ජිනීවා ගිහින් හෝදගන්න...