(විමුක්ති එස් රුද්‍රිගු)
වෛද්‍ය උපාධිය සඳහා මුදල් ගෙවීමේ පදනම මත දේශීය සිසුන් නැවත වරක් බඳවා ගැනීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තීරණය කර ඇත.
මීට පෙර පසුගිය මැයි 22 ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට් භටයින්ට සහ විදෙස් සිසුන්ට පමණක් සීමා කෙරෙන බවයි.
කෙසේ නමුත් එම තීරණය ආපසු හරවමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධියට දේශීය සිසුන්ගෙන් අයැදුම් පත්‍ර කැඳවා ඇත.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිස වෛද්‍ය උපාධිය සඳහා අයැදුම් කිරීමට දේශීය සිසුන්ට හැකියාව පවතින අතර ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් එක් වරකදී ජීව විද්‍යා විෂයය ධාරවෙන් “සී” සාමාර්ථ දෙකක් සහ “එස්” සාමාර්ථයක් ලබාගෙන තිබීමය.
එලෙස වෛද්‍ය උපාධියට ඇතුළත් වන සිසුසිසුවියන් උපාධිය නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 175 ක මුදලක් වැය වේ. උපාධිය සඳහා ඉල්ලුම් කළ හැකි අවසාන දිනය වන්නේ එළැඹෙන 18 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය ඒකාධිකාරී කිරීමේ කුණු වූ කොමියුනිස්ට් දෘෂ්ටිවාදය සමඟින්, අගමැතිනිය ලෙස කටයුතු කරන එක් වැඩකට නැති කාන්තා ඇමතිවරියක් GMOA සහ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ගේ උපදෙස් මත KDU ප්‍රවේශය අවහිර කිරීමට නතර වූවාය. මේ පිටුපස කුප්‍රකට පීඨ තිබේ. දැන් ඒ වැඩකට නැති කාන්තාව දන්නවා නඩුව අධිකරණයට පිටුපානු ඇති බව. මම හිතන්නේ මේක අවසර දී ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.
අවම සුදුසුකම තව වැඩි කරලා හරි කමක් නැහැ , වැඩිපුර ළමයින් ගන්නවානම් . අපේ රටේ A 3ක් අරගෙනත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි ළමයි ඉන්නවා. ඒ නිසා මුදල් තියෙන ළමයින්ට අවස්ථාවක් ලැබුනාම , රජයේ විශ්වවිද්‍යාල වල මුදල හැකියාව නොමැති ළමයින්ට වැඩියෙන් ලැබෙනවා.
මෙතරම් විශාල මුදලක් වැය කරලා ලංකාවේ මේ මිලිටරි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ගන්න වෙලාවේ, යුරෝපයේ, හෝ වෙනත් සංවර්ධිත රටකට දරුවන්ව යවන එක දෙමව්පියන්ට ලාභයිනේ... ලෝකයේ කිසිම රටක වෛද්‍ය පාඨමාලා ගාස්තුව මෙතරම් මිල අධික රටක් ගැන මම නම් අහලා නැහැ. ඒ වගේම පිටරටකදී ලැබෙන ජීවන අත්දැකීම් ලංකාවේදී, කවදාවත් දරුවන්ට ලැබෙන්නේ නැහැ...අනික තමයි, පිටරටක වෛද්‍යවරුන් හා කථිකාචාර්ය වරුන්ගෙන් ලැබෙන ආභාෂයෙන් ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිවෙනවා වෙනුවට ලංකාවේ ඔවුන්ගේ ආභාෂය තුල නරුම දොස්තරයෙක් තමයි බිහිවෙන්නේ... කාගේ හෝ බෙල්ල මිරිකලා සල්ලි හම්බ කරන ක්‍රමයක් පවතින රටක, හොරකම් කරලා මුදල් හොයාගෙන වෛද්‍යවිද්‍යාව හැදෑරීමට තමයි දරුවන්ට හොඳම විකල්පය වෙන්නේ...මම නම් කියන්නේ මෙතරම් මුදලක් අතේ තියනවා නම්, පිටරටකට ගිහින් ඉගෙන ගෙන, ජීවිතය ගොඩනගාගෙන මනුස්සයෝ වගේ නිදහසේ ජීවත් වෙන්න, මේ සුන්දර දිවයිනේ ජීවත් වෙන ගෝත්‍රික ගති පැවතුම් ඇති නරුමයින්ගෙන් මිදී...