කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ අද (13) සවස දැඩි වාහන තදබදයක් පැවැති බව රියදුරෝ කියති.
එම පිවිසුම ආසන්නයේ බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදුවූ බවත් ඉතා දිගු වාහන පෝලිමක් තිබූ බවත් සඳහන් කරති.
වාහන තදබදයට හේතුව කුමක්දැයි අනාවරණය නොවූ අතර පොලිසිය සඳහන් කළේ ඉරිදා දිනයේ සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයක් දැකගත හැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් විවෘත කළ නිසා කවුරුත් අධිවේගී පාරම පාවිච්චි කරන්න යනවනේ (නි)
කඩවතට පාර හදලා ඉවරයි. මාස ගණනක් පාර වහගෙන. එහෙම නොවුණා නම් කඩවතට යන අය දිගටම යනවා. අනේ මන්දා හදපු පාර හදලා අවසන්වෙලත් වීවෘත කරන්නේ නැහැ? දවසක් දෙකක් නෙමෙයිනේ. මේක තමයි "හයි වේ" කියන එකේ නියම තේරුම මම හිතන්නේ (නි)
අර පාරවල් කන්නද අහපු අයට දැන් මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
කණගාටුදායක තත්වයක්. මෙච්චර පෝළිමක් තිබිලත් වැඩකරන අයගේ කිසිම උනන්දුවක් මට නම් පෙනුනේ නැහැ (නි)
අධිවේගී මාර්ගය කඩවතට හදලා අවසන්වෙලා ගොඩක් කල්. ඒත් තාම විවෘත කරලා නැහැ. ඒක විවෘත කළා නම් කඩුවෙල නගරයේ කිලෝමීටර් ගණනාවක් දිගට තිබෙන වාහන තදබදයත් අඩුවෙනවා. ලංකාදීපට ස්තුතියි මේ ගැන රටේම අවධානය යොමුකළාට. (නි)
කඩවතට හදපු පාර වීවෘත කරන්නකෝ. ඕක විවෘත කරන්න බැරුව අලුත් පාරවල් කවදා හදන්නද? (නි)
මොනවද අද කාලේ කරන්න බැරි ? ස්ව්‍යංක්‍රීය යන්ත්‍ර දැම්මා නම් හරිනේ (නදී)
අදිවේගී මාර්ගයේ යන්නේ කාලය ඉතුරු කරගන්න. එ්ත් මෙහෙම උනාම අදිවේගී මාර්ගයේ සල්ලි දීල යන එක තේරුමක් නැහැ. ඉරිදා විතරක් නෙවෙයි මේ පිවිසුමේ ගොඩක් දවස් වලට මෙහෙම රස්තියාදු වෙන්න සිද්ද වෙනවා වැඩකරන අයගේ උනන්දුවත් ගොඩක් අඩුයි. මෙයට බලදාරින් නිසි පියවරක් ගත යුතුයි. නැත්නම් අදිවේගී මාර්ගයයි, සාමාන්‍ය මාර්ගයයි අතර වෙනසක් නැතිව යනවා (නදී)
මීට දෙසතියකට කලින් මම කළුතර සිට කොතලාවල පිටවීමේ ස්ථානයට ආවා. කිලෝමීටර් 1 පුවරුව අසළ සිට වාහන පේළි හතරක් අසළ පැයකට අසන්න කාලයක් බලාගෙන ඉන්නවුණා. හේතුව ලෙස දැක්කේ මුදල් අයකරන දොරටු දෙකක් පමණක් තිබීමයි. කඩවත දක්වා මාර්ගය විවෘත කළවිට මෙම තදබදය අඩුවීමට අවකාශ තිබෙනවා. (නි)
කඩවතට පාර හදලත් අවසන් එකේ ඒක විවෘත කළා නම් මෙය ඉබේම විසඳෙනවානේ (නි)
ඒ කලේ කිව්වේ රනිල් පාරවල් කන්නද කියල ඇහුවේ? මේ ආදී වේග හදන්නේ නැතුව මිනිසුන්ගේ බද පිරෙව්වා නම් කිසි කරදරයක් නැහැ (අ)
ඇමති පත් උන ගමන් හදපු පාර විවෘත කරන්න බැරිද ? නැකත් මොකටද ගෙදර පදිංචි වෙනවා නෙවෙයි නේද ? (නදී)
කඩවතට අධිවේගය හදලා දැන් මාස ගානක්. ඒත් තවම පාර විවෘත නැහැ. වාහන සිය ගානක් කඩුවෙල නගරයේ තදබදයටත් අහුවෙනවා ඒ නිසා. පිළිවෙලක් නැති කම තමයි ඉතිං.(නදී)
මට නම් හිතෙන්නේ මේ පිවිසුම ප්‍රමාණවත් මදි. 4 ක්වත් දෙපැත්තට ඕනෑ (නි)