(යොහාන් බාසුර)
නත්තල් දිනය වන අද (25) දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව, කතෝලික රැදවියන්හට නත්තල් දින විශේෂ දිනයක් ලෙස සලකා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු සිදු කරන බවත් රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි රැගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඒකනායක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනත් ආගම්වාදේ.