වසදී මරන මුවන් හා වඳුරන් කතරගම ඇතැම් තැන්වල විකුණතියි ද එම මස් කෑම අනතුරුදායක යැයි ද වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා කියයි.
මරා දැමුණු මුවකු ගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා සිරුර පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයට යැවූ බවද ඇමැති පවසයි.
හම්බන්තොට වල්හපුගල වඳුරන් හා මුවන් වසදී මරාදමා ඇති බවට තොරතුරු ඇතැයි ද ඇමැති කියයි.
දඩයම්කරුවෝ අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවී අඩවි සහකාරවරයකු දඩයක්කරු සමග පොර බදද්දී ගිනි අවියක් පත්තු වී මිය ගිය බවද ඇමැති කීය.
ඉදිරියේදී වායු රයිෆල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ද කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් සත්තු මරනතුරු, වනජීවි එකේ නිලධාරීන් මැරෙනතුරු ආණ්ඩුව බලන්නෙත් නැහැ, දෙයියෝ බලන්නෙත් නැහැ (නි)
ඔය අතරේ කතරගම බලු මසුත් විකුනනවා මුව මස් කියල. (බ)
කතරගම අපි නිර්මාංශ තමයි කන්නෙ ඒ නිසා අපි ඕවට බය නැහැ (ම)
මට හිතා ගන්න බැ, ඇයි මිනිස්සු හැම සත්ව මසක් ම කන්නේ කියලා.මා දන්නා කෙනෙක් වවුල් මස් වල රස,කුකුල් මසට සමානයි කියලා කිව්වා.ඉතින් මම ඇහැව්වා, ඇයි වවුල් මස් කන්නේ, කුකුල් මස් කන්නේ නැත්තේ කියලා. (බ)
පහුගිය කාලේ උඩවලව කතරගම පාරේ තිබුන ආපන ශාලාවක ප්‍රසිද්ධියේ මුව මස්, ගෝන මස් විකුණුව. ආපන ශාලාවේ ඉස්සරහම කලින් හිටපු නායකයාගේ සහ පුතාගේ පින්තුර විශාල කට් අවුට් ප්‍රමාණයක් ගහල තිබුන . ඒ නිසා වන ජීවී එකේ අයත් මේක වැටලුවේ නැහැ. (බ)
අහස පොළොව නුහුලන අපරාධ කරනා නිසා තමයි ? (ම)
දෙවියන්ගේ අඩවියේ මේ වගේ දේවල් කරන්න බය නැද්ද? දෙවියෝ මේවට දඬුවම් කරනවාමයි (නි)