(එම්. කේ. නන්දසේන)
කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා සහ එහි උප සභාපති ඩී වී ශාන්ත මහතා අතර ඊයේ රාත්‍රි 7.00 ට පමණ නගරයේ හෝටලයක් තුල හටගත් බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ උපසභාපතිවරයා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇතැයි පොලිසිය කියයි.
නගරයේ පිහිටි ප්‍රා.සභා මන්ත්‍රීවරයකුට අයත් හෝටලයක් තුළ මෙම ගැටුම සිදුව ඇති අතර එය බේරීමට ගිය භාතිය ගාල්ලවත්ත මන්ත්‍රීවරයාද සුළු තුවාල සහිතව දෙබරවැව රෝහලේ ප්‍රථිකාර ලබයි.
මෙම ගැටුමේදී සභාපති චානක අමිල් රංගන මහතාගේ ඇඟිලි දෙකකට තුවාල සිදුවීම නිසා ඔහු කතරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස්කටු බෙදාගන්න බැරුව බල්ලන් පොරකනවා මතක්වෙන්නේ මට විතරද..?