
(කේෂර ගුණතිලක)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස එහි වැඩ බලන බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා අද මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නිලවරණයේදී නිතරඟයෙන් තේරී පත්විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න මහතා විසින් බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙලෙස පවත්වන ලද අතර එහිදී තිළිණ මධුසංඛ මහතා නව බස්නායක නිලමේවරයා ලෙස නිතරඟයෙන් තේරී පත් විය.
නව බස්නායක නිලමේ ධූරයට පත් තිළිණ මධුසංඛ මහත මාතර ඉසදීන් නගරයේ පදිංචිකරුවකු වන අතර මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු දැනට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙසද කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දෙවියො මුණගැහෙන්න අපොයින්මන්ට් එක දාන්න ඕන මෙයා හරහා. ඩයරිය තියෙන්නේ මෙයා ලඟනේ.
සුද්දගෙ කාලෙ දේශපාලුවන්ට මෙම නිලය තහනම් කලා දේවාල ගම් පනත අනුව. මයිනා තමුන්ගේ ඤාති පරපුර වෙනුවෙන් රටේ නීතිත් වෙනස් කළා. මොකද කතරගම බස්නායක නිලමේකමට ශශීන්ද්‍ර රාජපක්ෂ එම නිලයට පත්කරන්න. මිනිහා එතැනට පැනලා හොද ගානක් කැපුවා... මයින මේ රටට කළ විනාශය මෙතෙක් යයි කියලා නිගමනය කරන්න අමාරුයි...
මේ දේවාල මිථ්‍යාවට තිත තියන්න විසිඑක්වන සියවසේ තෙවන දශකයේදීවත් බැරිකම කණගාටුවට කාරණයක් නොවේද?
හිටපු බස්නායක නිලමේ කරගෙන ගිය සමාජ සත්කාර සේවා සහ තවත් අලුත් සමාජ සත්කාර වැඩ දිගටම කරගෙන ගියොත් හොඳයි