විදේශ සංචාරකයන් රැගත් ජිප් රියකට අයාලේ යමින් සිටි බල්ලකු හැපී මිය ගිය පසු එතැන සිටි කතක සුදු ජාතික කතකගෙන් බල්ලාගේ මලගම වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් ලැබිණි.
සෆාරි ජිප් රියකින් යාල ගොස් එමින් සිටියදී කතරගම කඳසුරිඳුගමදී බල්ලා මලේය.
එතැන සිටි කතක් අනේ අපොයි කියා දුක්වූවාය.
ඇය අයිතිකරුයැයි සිතූ සුදු කත ඇයට එම මුදල දුන්නාය.
ඇය බල්ලාගේ මළ ගම කළ බවක් දැනගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමාජය නැවත ගොඩ නැගීමට නම් "සිංහල ජාතිය,උතුම් ජාතිය" වැනි පුරාජේරු කතා වෙනුවට ස්වයන් විවේචනයක් ප්‍රසිද්දියේ නිතර නිතර කිරීමට මෙන්ම ශක්තිමත් නයිතික යාන්ත්‍රරනයකුත් අවශ්‍යයි. මෙය සියලුම පුජකප ක්ෂය කලයුත්තක්. එහෙම නොවුනොත් මේ සමාජේ දරුණු කඩා වැටීම් වලට ලක්වනු ඇත. අපේ ඉතිහාසය ගැන නිහඩව ආඩම්බර වීම හොද උනත් ආදී මාන්නය විනාසයට හේතුවකි.(නදී)
රාණි ඒයාල ඈවිත් තියෙන්නෙ බල්ලව වලලන්නද?(නදී)
මමත පිට රට ජිවත් වෙන කෙනෙක්. සෑම මාස 6කට වරක් ලංකාවට එනවා. මා ලැබූ අත්දැකීම් බහුලයි. අපේ අය හරියට බොරු කියන්න දක්ෂයි. සල්ලි ගන්න ඕනෑ බොරුවක් කරාවී. සල්ලි ගත්තට පස්සේ හොයා ගන්න බැහැ. අපේ ජාතිය පත් වෙලා තියෙන අවාසනාවන්ත තත්වය ඕකයි (නි)
ලුම්බිණි , අපේ කෙනාගේ අමනුස්සකම කුමක්ද කියලා ටිකක් පැහැදිලි කරන්නකෝ (නි)
දකුණේ වැඩ නම් ඔහොමම තමා. (නි)
අනේ ලාල් ,අනේ මාරසිංහ ,අනේ ජානක, ඔයාල ඉන්න සුරපුරවල් වලට මාවත් ගෙනියන්නකෝ.මට නම් ලංකාව එපා වෙලා .(නි)
අපේ පොලිටික්කන් හොරකම් කරන ඒවා බැලුවම, මේක සොච්චමක්නේ (නි)
බොරුව තුලින් රට සංවර්ධනය කරා යනකොට, මිනිසා මිනිසාව අඳුනන්නේ නැහැ.ඒ වගේ අත්දැකීම්වලින් ම අපේ රටේ මිනිස්සු වංචාවට පුරුදු වෙලා ඉන්නේ. (ස)
පාස්පෝර්ට් කන්තෝරුව අවට කාක්කෝ,මුහුදු වෙරළේ කාක්කෝ, සංචාරක හෝටල් ඉස්සරහ කාක්කෝ,හැදුනුම්පත් කාර්යාලේ අවට කාක්කෝ, ප්‍රාදේශීය සබා අවට කාක්කෝ,ගුවන්තොටුපොළ අවට සහ ඇතුලෙත් කාක්කෝ,කච්චේරි අවට කාක්කෝ,සිද්ධස්ථාන අවට කාක්කෝ, අම්මපා වෙන වැඩක් නැද්ද අපේ මිනිස්සුන්ට? (නි)
ආසියාවේ ආශ්චර්යයනේ ලංකාව (නි)
කොළඹ මහ ඉස්පිරිතාලේ මැරෙන්න කිට්ටු රෝගීන් මැරුනාම බඩු ටික හොරකම් කරන්න කල්ලියක් ඉන්නවා. ලංකාවේ හැම ඉස්පිරිතාලේකම වගේ මිනිහෙක් මැරුණම මල්ශාලා වලින් ඇරපු කාක්කෝ ඉන්නවා මිනිය ගන්න.මොචරියේ වැඩ කරන කෙනාට කීයක්වත් දුන්නේ නැතිනම් මිනිය කුණු වුණත් නෙමෙයි ශීතකරනෙට දමන්නේ.පාසල් ගුරුවරු ටියුසන් පන්තියට ළමයින්ට කතා කරනවා. කොච්චර ඉගනගත්තත් ඇදුනුම්කමක් නැතුව බස් කොන්දොස්තරකමක්වත් ආණ්ඩුවේ හෝ පුද්ගලික අංශෙන් දෙන්නේ නැහැ.ඉතින් කොහොමද අපි උතුම් වෙන්නේ. (නි)
ලංකාව දැන් ඉහල සිට පහලටම වංචාව,දුෂණය,හොර මැරකම් වලින් පිරුණු රටක් වෙලා.දැන් වෙන රටකට ගියාම අපි ලංකාවේ කියන්න බැරි තරමටම ලංකාව අන්ත දුෂිත රටක් වෙලා.මේ රටවල් එක්ක ගත්තම ලංකාව කොච්චර ලස්සන රටක්ද? ඒත් මේ මිනිස්සු ගාව ඒ හොදකම නැත්තෙ ඇයි?දැන් ලංකාවේ අර සංවිධාන මේ සංවිධාන හැදිලා තවත් කැත කරන්න හදනවා.ඔය සංවිධාන වලට ඇයි බැරි මිනිසුන්ගේ ආකල්ප,සිතුවිලි යහපත් කරන්න.එහෙම වුණ දවසට ලංකාව ඔය කියන විදිහට ශේෂ්ඨ ජාතියක් වේවි. (නි)
ඇය අපට වඩා සත්ව කරුණාව ගැන දන්නවා. අපේ රටේ අලි සහ අනිත් සත්තු මරණ විදිය දැක්කොත් එයාට පුදුම හිතෙයි (නි)
ඒ ගොල්ලෝ සල්ලි දීල තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි, අර "අනේ අපොයි" කියලා බෙරිහන් දුන්නු එකට (නි)
මැරිච්ච බල්ලෙකුට මෙච්චර සැළකිල්ලක්? මැරිච්ච මිනිහෙක් වල දාන්න ගෙනියනකොට දණහිසෙන් උඩට ඔසවන්න තහනම් කාලෙකුත් තිබුනා අපේ සිරි ලංකාවේ. (නි)
අර කාඩ්බෝඩ් වීරයෝ වාගේ අය මට්ටු කරන්න බැරි නම් රට ගොඩගන්න පුළුවන්ද? අනේ රට? (නි)
සුනඛ මළකුනක් නිසා ඒ කාන්තාවට ලැබුන මුදල ඒ කාන්තාවගේ දුප්පත්කම නිසා , ප්‍රතික්ෂේප කරන්න බැරිවෙන්න ඇති. මිනිහෙක් මරුණහම ඒ මළකුණ ගෙදර තියාගෙන බුරු ගස්සලා හම්බු කර ගන්න මිනිස්සුත් ලංකාවේ ඉන්නවා. (නි)
පිටරට කෙනාගේ මනුස්සකමත් අපේ කෙනාගේ අමනුස්සකමත් තහවුරු කරන පුවතක්. (නි)
මාරසිංහ, ඔයාට ඉන්නේ පුදුම යාලුවෝ සහ නෑදැයෝනේ. මමත් ගොඩක් කල් රට ඉදලා ආවේ. නමුත් ඔය කියන දේවල් නම් මට වුණේ නැහැ. කඩවල් වලින් ඔයාව කොහොමද හුරගෙන කැවේ? ඔයා සල්ලිවලට කෑදර ද? (නි)
චන්දික,සල්ලි ණයට ඉල්ලන් එන නෑදෑයෝ යාලුවෝ කියන අය සල්ලි ගත්තම අදුරන්නේ නැහැ වගේ වෙනවා. වාහනේ අරන් ගැරේජ් එකට ගිහාම රට ඉදන් ආව නිසා ගාන ඩබල් වෙලා. එකම ගමේ උනත් එක එක කඩවල ගණන් වෙනස්. ඉතුරු දෙන්න හොරයි. ඉල්ලුවම මුණ ඇබුල් වෙනවා. රට ඉදන් ඇවිල්ලත් රුපියල් 5 ට 10 ට ඇඹරෙනවයි කියනවා..(ස)
සුනාමි ගහපු වෙලාවේ ගෙවල් කැඩුන නැති රට ඇතුලේ හිටපු අය අවුරුදු ගණන් මාරුවෙන් මාරුවට කුඩාරන් වල ජිවත් උන වන්දි ගන්ට. චැනල් සෙන්ටර් වල මුල නොම්මර ටික කලින් අරන් කල්ලියක් වැඩි මුදලට එළියේ විකුනනවා. වෙන එකක් තිය පලා මිටිය මැදටත් වල්ගස් තියල විකුනනවනේ.(ස)
කවුරුත් දැකලා තියනවද ගොඩාක් වෙළද මධ්‍යස්ථාන වල බුදුන්ගේ රූපේ නැතුව මුගලන් හාමුදුරුවන්ගේ රූපේ ගහලා තියනවා. බාර් වලත් තියනවා. මල් ශාලාවෙත් තියනවා.ඒ ඇයි? හේතුව තමා බුදු හාමුදුරුවන්ටත් වැඩිය ලැබීමේ ශක්තිය මුගලන් හාමුදුරුවන්ට තිබුනා කියන එක. (නි)
ඇතැම් වෙලාවට පුදුම හිතෙනවා සමාජේ මිනිස්සු විස්වාස කරන්න පටන් අරන් ටිකක් හොදට ඉන්න මිනිහෙක්ගෙන් වැඩිපුර ගත්තට කමක් නැහැ කියල. එහෙම හිතන එක අසාදාරණයි කියලවත් තේරෙන්නේ නැහැ. ඉතින් ණයට ගත්තම දෙන්නේ නැහැ. මෙයාල හිතනවා ආ... එයාට නැතිවයි කියලා. (ස)
මෙහෙමයි... ඇන්ගෝලාවේ,සිම්බාබ්වේ වල වගේ කළු ආර්ථිකයක් තමයි ලංකාවෙත් බිහිවෙමින් තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලේ ආර්ථික කඩා වැටීමක් පමණක් නෙවේ. සමාජීය කඩා වැටීමුත් සිදු වෙනවා. (ස)
වංචාව මේ රටවල් වලට හුරු දෙයක් නෙමෙයි.දැනගත්තත් නැතත් මිනිස්සු විශ්වාස කිරීම මේ රටවල සාමාන්‍ය දෙයකි.හේතුව මේ සමාජේ වංචාවට හුරු වෙලා නැති නිසා.මේක ලංකාවේ අද ඊයේ ඇති වුණ දෙයක් නොවේ.රොබට් නොක්ස්ගේ පොත් වලත් සිංහලයාගේ වංචා ගැන ලියලා තියනවා. (නි)
නවසිලන්තේ සමහර මල්,ලියුම් කවර විකුණන තැන් තියනවා වෙළෙන්දෙක් නැතිව.ඕන කෙනෙක්ට හොරකන් කරන්න පුළුවන් හැබැයි කවුරුත් කරන්නේ නැහැ.හැමෝම සල්ලි පෙට්ටියට දල මලක් ගන්නේ.විස්වාස කරන්න අපරුයි නේද.හවසට වෙලෙන්ද ඇවිත් සල්ලි අරන් යනවා.අන්න ඒ රටවලින් එන මිනිස්සු බෞද්ධ බෞද්ධ කියලා කෑගහන රටවලින් හොරකමට ලක් උනාම වෙන්නේ බුද්දහගමත් බාල්දු වෙන එක.(ස)
ඔබගේ හිත හොඳයි දෙවියන් ඔබව රැකගනු ඇත. මුදල් ලැබුණු කාන්තාවට වාසනාව ඇත. ඒ ගැන දුක් නොවන්න. මෙය වාසනාව අවාසනාව අනුව සිදුවූ දෙයක් බව පෙනී යයි.(ස)
අපි බෞද්ධ. අපි තමයි "ද බෙස්ට්" (නි)
සල්ලි කුට්ටියක් කෙව්වම මම හිතුවේ කෝටි 25ක් වත් කියලයි. ලැබුණු ගාණෙන් පාන් ගෙඩි දෙකක් අරගෙන ලයිට් බිල ගෙව්වම ඉවරයි. (ස)
මට දුක මේ මිනිස්සු ගැන නොවේ. අර මහා අභිමානවත් සංස්කෘතියකට අපි උරුමකම් කියනවා කියන කට්ටිය ගැන.හැම දෙකටම ආගමික විග්‍රහ දෙසාබාන පණ්ඩිතයෝ ගැන,රොබට් නොක්ස්ගේ පොත් කියවපු අය දන්නවා ඇති සිංහලයා විශ්වාස කරන්න බැහැ කියලා තියනවා.මම නම් හිතන්නේ මේ සංස්කෘතියේ පදනම වංචාව,බොරුව,වංකකම... (නි)
වාසනාව අවාසනාව මත වෙන දෙයක් වෙන්නේ කොහොමද කරු මහත්තයෝ? මේ මුදල් ලැබුනේ බල්ලාගේ භූමදානෙට මිසක් තමන්ගේ පාවිච්චියට නොවේනේ.එතකොට භූමදානෙට නැතිව වෙන දේවලට වියදම් කළා නම් වෙන්නේ එතන හොරකමක් වංචාවක්. (නි)
සුදු නෝනා දීපු සල්ලි වලින් බල්ලාගේ මල ගම කරාද ? නැත්නම් ඒ සල්ලි අරන් හොඳට කාලා බීලා විනෝද උනාද දන්නේ නෑ. (ස)
සල්ලි ලැබුන කාන්තාවට වාසනාව ඇත. මේකට කුට්ටියක් යැයි කියන්න බැහැ. (ස)
මේ සල්ලි සතයක් නෑර බල්ලාගේ බුම දනයට පමණක්ම යොදාගත්තා නම් එය ඉතා උතුම් කාර්යකි. මන්ද මේ සල්ලි ලැබුනේ ඒ විස්වාසේ මත. මේ කාන්තාවට එය කල නොහැකි නම් මේ මුදල ප්‍රතික්ෂේප කල යුතුව තිබුනා.එහෙම නැතිව සල්ලි තමන්ගේ වියදමට යොදා ගත්ත නම් එය හොරකමක් වංචාවකි. වාසනාවක් නොවේ....(ස)
ජෝයි කියන කතාව සහතික ඇත්ත.අනික, සරසි කියපු කතාවත් සහතික ඇත්ත. අපිට කියන්න වදන් නැහැ (නි)
ඇයි මහේෂ්වරන්, පාර්ලිමේන්තුවෙ කාක්කෝ අමතක වුණාද? (නි)
අනේ බල්ලෙක් හින්ද ලැබිච්ච වාසනාව.(ස)
අයාලේ ගිය බල්ලා මතු භවයේදී මිනිස් ආත්මයක් ලබා ඉපදේවා! (නි)
බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න යන අයට මෙහෙම සිද්ධියක් ආශීර්වාදයක් වෙනවා.! (ස)
සේනාවත් ඇවිත්ලු ඉන්නේ. (නි)
දැන් ඔය සල්ලි ගත්ත කාන්තාව සිංහලද? දෙමළද? මුස්ලිම්ද? මට ඒක කියන්නකො.ඔක්කොමලා බැනල තියෙන්නේ සිංහලයට. (නි)
උන්නු හැටියට මලා මදැයි කිව්වලු. (ස)
ජෝයි මහතා කියනවා වගේ එක්කෝ අපි මේ බෞද්ධ බෞද්ධ කියන මහා පුරාජේරු කතා නවතා දමන්න ඕනෑ.එහෙම නැත්නම් හොරකම් වංචා සමජයෙන් තුරන් කරන්න ඕනෑ.මේ දෙකටම එකට යන්න බැහැ.හැම සමාජෙම වංචා හොරකන් වෙනවා.නමුත් අනික් රටවල් එයාලගේ ආගම ගැන පුරාජේරු කතා නොකියයි. (නි)
යු ටියුබ් වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් විසින් ගන්නා ලද වීඩියෝ සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. එහෙත් ඔබ එම වීඩියෝ සදහා දක්වා ඇති ප්‍රතිචාරයන් කියෙවුවහොත් පොදු ප්‍රකාශයක් දැකිය හැක. එනම්, "ශ්‍රී ලාංකිකයින් විශ්වාස කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි.." (නි)
මටත් හරි ප්‍රහේලිකාවක් මේක සල්ලි කුට්ටියක් වුණ එක ගැන. මේ වගේ වැඩට අපි දුක් වෙන්න ඕනෑ, මැරිච්ච බල්ලෙක් හරි විකුණලා අනුන්ගෙන් සල්ලි ගන්න පහත් ජාතියක් වුණාට. (නි)
ශිලා දන්න මුගලන්. අනේ අපොයි. (නි)
ඔය වගේ මිනිසු නිසා තමයි රට කඩා වැටෙන්නේ. (ස)
මියගිය සුනක මළකුනකින් හෝ වංචා සහගතව ජිවිතේ ගැට ගසා ගන්නා තත්වෙට රට පත් වී ඇති එක ගැන මගේ කණගාටුව.මෙවැනි සිදුවීම් වලින් පිරි මේ සමාජේ,සංස්කෘතිය අති උතුම් යැයි නිතර පුරාජේරු ගසන සහ හැගුම්බර කතා පවත්වන ගිහි පුජ්‍ය පක්ෂයටත් මගේ කණගාටුව. (නි)
මේකට කියන නම වාසනාවද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. නමුත් ඒ කාන්තාව 'අනේ අපොයි' කියලා හදවතින්ම දුක් වුනා නේද? ඒකට ලැබුන සැලකීමක් වෙන්න ඇති. (නි)
ඒ සුදු කතට වැඩි වැඩිඑයෙන් ලැබේවා. (ස)
කමක් නැහැ. ගෙරි හම්කඩක බිමක් හරි ඉල්ලගෙන අපිව රවටපු අයගේ පරම්පරාවේ අය ටිකක් රවට්ටන්න ඕනෑ (නි)
ගැමිකම, දුප්පත්කම, නැවත යන අයට ගමනේ ඇති ඉක්මන්කම මේ ආදී කරුණු බලපාන්න ඇති. කොහොම නමුත් මීටත් වඩා ගසාකෑම් සිද්ධ වෙනවා. බල්ලත් සුදු නෝනත් පෙර ආත්මයක ගෙවන්න තිබුන ණයක් වෙන්න ඇති. (නි)
මෙතන අය කිවුවා වගේ පිට රටකදී කවදාවත් බඩුවක් මිලට ගනිද්දී කේවල් කරන පුරුද්දක් නැහැ.එහෙම කලොත් එහෙ මිනිස්සු අමුතුවට බලනවා. කේවල් නොකරන්නේ පිරිවැයට සාධාරන ලාබයක් එකතු කර ඇත කියා සක්සුදක්සේ විශ්වාස කරන නිසා.ඒක මෙහෙ ඉන්න අපේ අයත් දන්නවා. මේ පුරුද්ද නිසයි සුද්දෝ අපේ රටවලදී කියන ගානම දීලා ගන්නේ.සුද්දා වගේ වියදම් කරනවා කියලා අපේ අය කියන්නෙත් ඒකයි. (නි)
මැරිච්ච බල්ලෙක්ගෙන් හරි සල්ලි ගන්න තරම් අධම ජාතියක් අපි. බල්ලා පව්..ඊට වැඩිය පව් මනුස්සකම් නැති අර මනුස්සයා. (නි)
වදුරෙකු බේරාගෙන රුපියල් ලක්ෂයක් එපා කිව්ව ජාතියක් සිංහලයෝ කියන්නේ. කොයි ජාතියෙත් ආගමෙත් බොරුව වංචාව කරන මිනිස්සු ඇති තරම් ඉන්නවා. වරද ආගමේ නෙමෙයි. මනුස්සයාගේ. මේ මුදල ඒ කාන්තාවට ලැබෙන්න තිබුන එකක් වෙන්න ඇති. අපිට දිලා ගියා නම් මේ තියෙන ආර්ථිකෙත් එක්ක එපා කියන්නේ කියෙන් කී දෙනාද? හැබැයි බල්ලාගේ භුමදානේට වියදම් කරලා ඉතිරි ටිකෙන් පිනක් කරගත්තා නම් තමයි හොද. (නි)
මේකේ ප්‍රතිචාර දාන අය සිංහල බෞද්ධයා ගැන පුදුම තරහකින් ඉන්නේ. මේ ප්‍රශ්න ඔක්කොටම මුල සිංහලයාගේ කොන්ද රටේ ලොකු ලොක්කෝ විසින් බිදවපු එකයි. සුද්දෝ තමයි කරන තරමක් ජඩ වැඩ කරන්නේ. එයාලා කොල්ලකන්නේ රටවල් පිටින්. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ලංකාවට එන සුද්දෝ නියම කුම්මැහියෝ. පාන් කෑල්ල සීනිත් එක්කයි කන්නේ. (නි)
මට සුද්දෙක් ලගදී කිවුවා ලංකාවේ සංචාරක ව්‍යාපාරෙන් රැකෙන සුළු හා මධ්‍යය පරිමාණ ජනතාවක් නැත. ඉන්නේ සංචාරකයන්ට බොරුව සහ වංචාව නමැති නිෂ්පාදන ඇගේ ගහන මාෆියාවක් කියලා. (නි)
ඇතුමෙක්, මේක ගත්ත එක ලොකු වරදක් විදිහට දකින්නේ. (ස)
රීටා, පිටරටකදී කියන්න එපා. මොකද මේ බංග්ලාදේශ් වල නම් කේවල් නොකළොත් සුනේ සුන්. බඩු දෙකක් ගන්න ගාන එක බඩුවකට දෙන්න වෙනවා මෙහෙ. ඕකයි තත්වේ. (නි)
රොක්,වදුරා බේරාගන්න සල්ලි එපා කිවුවේ ඒක ඒ වෙද්දීත් පත්තරවල ගිහින් තිබුන නිසා.නැත්තන් එපාම කියයි අපේ කට්ටිය.මිනිහෙක් මැරුණම මෝචරියේ ශීතකරනෙට දාන්නත් රුපියල් 50 ජරාව කන රටේ ඉදන් ද ඔයා ඔය දේවල් කියන්නේ.අපි නොදන්නා ලංකාව. (නි)
අදත් කරන්නේ පිටරැටියන්ට දිව දික්කිරීම සහ ලස්සන ලංකා විකුණගෙන කෑම (නි)
දැන් ඔයපාර බෙහෙතකටවත් බල්ලෙක් හොයාගන්න බැරි වෙයි.. හැමෝම මේ ව්‍යාපාරය පටන් ගත්තම.
අපි ඒ රටවලට දන්නා හැම උත්සාහයක්ම දාලා ගිහාම සාදාරන සේවාවක්,වංචාව,හොරකම නැති සේවයක් ලැබේ.අපි අපේ ආර්ථික පෝෂණය කරගැනීම සදහා වෙළද දැන්වීම් දාලා දාලා පැකේජ හදලා අඬලා ගෙන්වා ගන්න සුද්දන් නිතර වංචාවට හොරකමට ලක් වුණහම තරංග,නිමල්,රොක් වගේ අයගේ ප්‍රතිචාර ඇසීමට ලැබේ (නි)
මැද පෙරදිග පාරේ රත්තරන් වැටිලා තිබුනත් අහුලන්නේ නැහැ. නැති වූ පුද්ගලයා එක නැවත සොයා සොයා ගිහාම වැටුන තැන තිබිය යුතුයි කියා එහෙ නිතිය විස්වාස කරනවා (කවුරුත් එය හොරකන් නොකලානම්) ඉතින් වැටිච්ච දෙයක් අහිදීම යනු තමන්ට අයිති නැති දෙයක් ගැනීමකි. කැමරාවකින් මේක බලදරියෝ දැක්කොත් කස පර තමා.අයිති නැති දේ ඉබේ පස් උනත් කවුරුත් ගන්නේ නැහැ.(ස)
ඕනෑම කෙනෙක් මාව නිවැරදි කරන්න.මම ලංකාවට ගියපාර ගියේ අවුරුදු 15කින්. මාව හුරගෙන කෑම ඇරඹුනේ ගුවන්තොටේදී.එතන ඉදන් ටැක්සි,කඩවල්,නෑදෑයෝ,ණයට ඉල්ලන යාළුවො,අසල්වැසියෝ, වෙළෙන්දෝ,අනෙකුත් සියලුම අය.මෙහෙම වුණේ ආගම් වල වරදින් නෙමෙයි කියන්න නම් අපි සියල්ල දනිමු.මෙහෙම වුණේ කොහොමද.තත්වේ මෙසේ තිබියදී අපි පුරාජේරු කිවුවම වෙන්නේ වැරදි හදාගන්න තියන අවස්ථාව මගහැරෙන එක නොවේද. (නි)