රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අද(5) සවස චාරිත‍්‍රානුකූලව ආරම්භ විය.
රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිණවාරාමාධිපති කපුගම සරණ තිස්ස, රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිවරුන්ද කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ, මොනරාගල දිසා ලේකම් ඩී. එස්. පත්මා කුලසුරිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
බෞද්ධ, හින්දු, මුස්ලිම් යන සියලු ජාතින් එකතුවන පුදබිමක් වන කතරගම පුදබිමේ පැවත්වෙන මෙවර පෙරහර මංගල්‍ය අද රාති‍්‍ර 7 ට වීදි සංචාරය කිරීමට නියමිතය.
බැතිමත්හු විශාල පිරිසක් පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණ සිටින අතර එය ජුලි 19 වැනිදා තෙක් පැවැත්වේ.
වීඩියෝ - කේ.ඩී. දේවප්‍රිය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කදසුරිදු පිහිටෙන් රට සුරැකේවා (ම)