රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් ඇත් පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිසිය කියයි.
ප්‍රභූ පුතකුගේ හිතවතකු බව කියන එම පුද්ගලයා ඇත් පැටවා රැගෙන ගොස් එම ප්‍රභූවරයාගේ ගමේ බැඳ තබන බව කී බව ද දේවාල ආරංචි කියයි.
තමන් රාජකාරි අරඹද්දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දේවාලයට අයත් චංචල හා නිශ්චල දේපල බාර දෙද්දී මේ අලි පැටවා ද තමන්ට ලබා දී තිබිය දී වෙනත් පුද්ගලයකු පැමිණ අලියා රැගෙන යෑමට තැත් කිරීම නීති විරෝධී බව ද, වසර හතක් ඇත් පැටවා වෙනුවෙන් කළ වියදම් ගැන ගැටළු ඇති බැවින් මේ අලියා ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බව ද කුමාරගේ මහතා පැවසීය.
2009 වසරේ දී දේවාලයට ලැබුණු බව කියන අලියාගේ කිසිදු වෙනත් විස්තරයක් නැති බවත්, ඔහුට අයිතිය කියන පුද්ගලයාට 2009-2011කාලයට බලපත්‍රයක් ලැබුනේ කෙසේදැයි සොයන බවත් වනජීවී ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ සත්තුන්ට දෙන වදයක්. ඔය කාත් කවුරුත් නැති දරුමල්ලෙක් හදාගන්නවලකෝ ඒක ඊටත් වඩා පිනක්නේ.(ම)
මහා දේවාල වලට විතරක් හීලෑ අලි බලපත්‍ර දීමට මම යෝජනා කරනවා. (නි)