කොත්මලේ මහවැලි මහ සෑයේ වැඩ අවසන් කර චූඩා මාණික්‍ය සහිත කොත් වහන්සේ පැළඳවීම අද (20) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා අතින් සිදු කැරිණි.
දළඳා මැදුරේ සිට රථ පෙරහරකින් වැඩම කරවූ කොත් වහන්සේ චෛත්‍ය අභියස තැන්පත් කර සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද පැවැත්වූ අතර 1985 වසරේ මහවැලි ඇමැතිව සිටි ගාමිණි දිසානායක මහතා හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ උපදෙස් මත මෙම සෑයේ වැඩ ඇරඹීය. විසිනි.
අනුරාධපුර රුවන්වැලි සෑයට පමණක් දෙවැනි මෙම සෑය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ විශාලතම බෞද්ධ සංස්කෘතික ඉදිකිරීමක් වේ.
මෙම සෑය ආශ්‍රිත ප්‍රදේශය අන්තර්ජාතික බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීම දිසානායක මහතාගේ අදහස විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දින 100 තුළ සිදුකළ තවත් විස්කමක්ද? (නි)
ඔය ගොල්ලෝ කීප දෙනෙකුගේ අදහස් වලට මම ගරු කරනවා... අපේ රට අලුතින් ගොඩ නගන්න හොඳ නැහැ. හේතුව, අපේ ඉතිහාසය යට වෙන නිසා . හැමදාම ඉතිහාසය හාර හාරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සාදුකාර දෙමින් කුසගින්නේ හෝ සිට ජීවත් විය යුතුයි. (ර)
දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාට උපහාරයක්ම වේවා! (නි)
ඒ කාලේ මහවැලියෙන් ගහපු ගැහිල්ල නිසා ලංකාවේ නම එංගලන්ත පාර්ලිමේන්තුවේ ගිගුම් දුන්නා. (බ)
මේ ළගදී ගාල්ල පැත්තේ පාසලක පුරා විද්‍යා සාධක තිබෙන තැනක වැසිකිලි වලක් හැරුවයි කියල්ල ඒ පාසලේ විදුහල්පතිනිය කොයිතරම් පීඩනයකට ලක්කළාද ? පන්සල් 54 ක් යට කරන ලද මේ ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කටවහගෙන ඉදල ඔන්න වෙනස. (බ)
සාදු සාදු කියා චෛත්‍ය රාජයාට නමස්කාර කරනවා හැරෙන්නට අද සිංහල බෞද්ධයා මුහුණ පා සිටින තත්වය අනුව වෙන කියන්නට දෙයක් මට නම් නැහැ. අනුර මහතාගේ අදහසට ගරු කරනවා. (නි)
මෙම සෑය නිර්මාණය කිරීමේදී විශේෂ තාක්ෂණය සඳහා මුලික වූ ඒ. එන්. එස්. කුලසිංහ මහතාව ගෞරවයෙන් සිහිකරමු (නි)
මහවැලි ව්‍යාපාරය නිසා හෙළ ඉතිහාසය ගොඩක් යට ගියා. පන්සල් 54 ක් ජලයට යටවුණා. ඒ සියලු පන්සල්වල පුරාවිද්‍යා සංගණනයක් කර තිබේද? අද ගොඩක් කතාබහට ලක්වෙන බඹරගල රජ මහා විහාරයට තෙල්දෙණියේ ලොකු ඉතිහාසක් තිබෙනවා. (නි)
සාදු සාදු කියා චෛත්‍ය රාජයාට නමස්කාර කරනවා මෙම සෑය නිර්මාණය කිරීමේදී විශේෂ තාක්ෂණය සඳහා මුලික වූ ඒ. එන්. එස්. කුලසිංහ මහතාව ගෞරවයෙන් සිහිකරමු දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාට උපහාරයක්ම වේවා! (ම)
අනුර ,ඉතිහාසය කන්ඩද ,මහවැලි ව්‍යාපාරය අවසන් නොකළානම් ,අදත් අනුරලාට ඉන්න වෙන්නේ පහන් පත්තුකරගන ඉන්න ,මොනතරම් ජනතාවක් ගොවිතැනින් ජිවත් වෙනවද ? රටේ දියුණුවත් සමග සමහර දේවල් අපි අකමැත්තෙන් හෝ ඉවත් කරන්න සිදුවෙනවා ,(බ)
පන්සල් 54 ක් යටවෙලා ඉතින් දෙයියනේ මෙච්චර ලොකු අපරාධයක් කරනකන් ඒ කාලේ රජය බලන් හියටද ? ඒ අයට වුන පන්සල් ගැන නිසි සංගණනයක් පුරාවිද්‍යා සාධක ගැන ලිඛිත සාක්කි තිබේද ? මේගැන රජයේ බලධාරින් අවධානය යොමු කරයි කියා සිතනවා. මොකද රාවනා රජුගේ උමං මාර්ග පද්ධතියක් මේ තුලින් යට වුනා කියා මම අසා තිබෙනවා.(බ)