(මනෝජ් හර්ෂික)
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු පත් වූවහොත් කථානායක ධූරයෙන් තමන් ඉවත්ව යන බවට මාධ්‍ය ඔස්සේ පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මේ බව සදහන් කරමින් ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළවී ඇති පුවත නිසි මුලාශ්‍රයක් පදනම් කර නොකරගෙන බවද එය මුළුමනින්ම සාවද්‍ය බව ද කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං එනවා සටනට. අැයි මාත් එනවා සටනට...
ඉරිදා පත්තරේ මුල් පිටුව හැර අනිත් සියල්ලම බ්‍රහස්පතින්දා වෙනකොට මුද්‍රණය කර අවසන් වෙන රටක මාධ්‍ය වලින් අහන්නට ඇත්තේ " අනුමාන කිරීම් සහ අනාවැකි" බව අපි නොදන්නවායැ. දැන් දැන් පට්ටපල් බොරු ප්‍රචාරය කරන එකත් මාධ්‍යය කලාවක් වෙලා.
මේ වගේ මහල්ලෙක් ගෙදරට වෙලා ඉන්නේ නැතුව ජනාධිපති වෙන්න දඟලන දැඟලිල්ලක්... මහලු මඩමේ ජනාධිපතිවරණය.. කරූ මහල්ලා සහ නන්දසේන මහල්ලා.. ඒකත් හොඳයි විනෝදයට..
අපට මේ දැන් ආරංචි වෙනවා වාමාංශික එක්සත් පෙරමුණ සහ සිවිල් සංවිධාන එකමුතුව මේවගේ තීරණයක් ගත බවට ප්‍රකාශ කළා කියලා. එනම් "එජාපය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයෙන් කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නේ නම් ඔහුට පළමු මනාපය ලබාදීමටත් එසේ නොවී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නේ නම් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතාට පළමු මනාපයදී සජිත් ප්‍රේමදාස මහතාට දෙවන මනාපය දීමටත් තමා ඒ ගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කරූ ජයසූරිය මහතාගේ ප්‍රතිචාරය වී ඇත්තේ " ජනාධිපති තනතුර දැරීමේ අවස්ථාවක් ලදහොත් තමා වසර දෙකක පමණ සුළු කාලයකට විධායක ජනාධිපතිධුරය දරන අතර ඉහත කී ප්‍රතිසංස්කරණ සිදුකර සමුගන්නා" බවයි. "ඉහත කී වමේ එකමුතුව සහ සිවිල් සංවිධාන එකමුතුවට මහ ලොකු ඡන්ද බලයක් නැති බැවින් සජිත්ගේ ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ ස්ථාවරය වැදගත් නොවන" බවයි සජිත් පාර්ශවය දරන මතය වෙන්නේ කියලයි ආරංචි....
සීයට අසූවක් ඉන්නේ නොමෙරූ මීඩියා අය.
පුළුවන් තරම් කල් ඉන්න තමයි මට ඕන.